මාධ්‍ය
සාක්ෂරතාවය
මාධ්‍ය
සාක්ෂරතාවය පිළිබද නිර්වචන
සන්නිවේදන සංදේශ ලබාගැනීමත් විශ්ලේෂණය
කිරීමත්,නිශ්චය කිරීමේ හැකියාව මාධ්‍ය සාක්ෂරතාවය ලෙස හැදින්වේ.
ඇලන්
ගෘබින්
සන්නිවේදනයේ දී මුලික මෙන්ම මුද්‍රිත නොවන
විවිධාකාර මාධ්‍ය මගින් තොරතුරු ලබා ගැනීමට ඒවා විග්රහ කිරීමට විනිශ්චය කිරීමට සහ
සන්නිවේදනය කිරීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි.
ඩේවිඩ්
කොන්සිඩින්
මාධ්‍ය සාක්ෂරතාවය යනු ජනමාධ්‍ය පිලිබදව වූ
දැනුවත් විචාරාත්මක අවබෝදයයි.එය මාධ්‍යයේ යොදාගෙන ඇති ක්‍රමශිල්ප කෙරෙහි ද තාක්ෂණයන්
කෙරෙහිද මාධ්‍ය නිෂ්පාදන කාර්යයෙහි යෙදෙන ආයතන පිලිබදව ද විග්රහ කරනු ලබයි.
රින්
ෂෙපර්ට්
සමාජයේ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය කෙසේ ද යන්න
පිලිබදව ඇති දැනුම මාධ්‍ය සාක්ෂරතාවයයි.
පෝල්
මැසාරිස්
මාධ්‍ය
සාක්ෂරතාවය තුල ඇති ලක්ෂණ
R.සිල්වර් බ්ලැක් මාධ්‍ය සාක්ෂරතාවය තුල අන්තර්ගත
මුලිකාංග කීපයක් ඉදිරිපත් කරයි.
1. මාධ්‍ය බලපෑම් පිලිබදව අවබෝදයක් තිබීම.
2. ජන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝදයක් තිබීම.
3. මාධ්‍ය සංදේශ වල විවිධ උපක්‍රම විශ්ලේෂණය කිරීමේ හා සාකච්චා කිරීමේ ඇති හැකියාව.
4. ජිවිතවල හා අපගේ සංස්කෘතියේ දැක්ම ලෙස මාධ්‍ය අන්තර්ගතය අවබෝද කරගැනීමේ හැකියාව.
5. මාධ්‍ය අන්තර්ගතය ඇගයීම,අවබෝදය සහ එයින් තෘප්තිමත් වීමේ හැකියාව.
6. මාධ්‍ය ක්‍රියාකාරිත්වයේදී ඒවා බැදී ඇති සමාජ සදාචාරාත්මක හා ආචාර ධර්ම පිලිබදව අවබෝදය
7. පලදායිකා නිෂ්පාදන හැකියාව සහ යෝග්‍යතා වර්ධනය.
තිලිණි වාසනා ජයමිණි