Sunday, May 5, 2019

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ නව ප්‍රවණතා


ශ්‍රී ලංකාවේ ගුවන්විදුලියේ නව ප්‍රවණතා

ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය වර්තමානයේ වනවිට අත්පත් කර ගෙන ඇති ප්‍රවණතා රාශියකි.මෙරට ගුවන්විදුලියේ ප්‍රවණතා විමසීමේදී හිතකර හා අහිතකර ප්‍රවණතා ලෙස ඒවා හදුනාගැනීමට හැකිය.

ගුවන්විදුලියේ හදුනාගත් හිතකර ප්‍රවණතා 

v  ජාතික ගුවන්විදුලිය සතුව පැවති ඒකාධිකාරිය බිදවැටීම.
v  ගුවන්විදුලියේ ප්‍රමාණාත්මක වර්ධනයක් අත්පත් කරගෙන පැවතීම.
වර්තමානය වනවිට ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයට අයත් ගුවන්විදුලි ප්‍රමාණය 50 ට ආසන්න වේ.විදුලි සංදේශ නියාමන කොමිෂම යටතේ බලපත්‍ර ලබා ඇති මෙරට ඉංග්‍රීසි,සිංහල,දෙමල යන භාෂාවලින් පවතින සේවා ගණන 44 කි.මෙයට අමතරව ඉන්දියානු රජය ඉන්දියාවේ සිට ගෙන එනු ලබන ගුවන්විදුලි නාලිකා ලංකාවේ ප්‍රචාරය කිරීම් සිදු කරයි.
v  සජීවී ගුවන්විදුලි නාලිකා බහුල වීම.
ග්‍රාහකයන් සජීවී ව සම්බන්ධ කර ගැනීම.
v  එළිමහන් ගුවන්විදුලි සේවා බහුල වීම.
v  ජනයාට සමීප ජන මාධ්‍යක් ලෙස ගුවන්විදුලි ජනතාවට සමීප විම.
v  රටේ  ආර්ථික සමාජ දේශපාලනික සංස්කෘතික ක්ෂේත්‍ර කෙරෙහි ගුවන් විදුලිය මැදිහත් වීම

ගුවන්විදුලියේ හදුනාගත් අහිතකර ප්‍රවණතා

v  ජාතික ඒකාධිකාරිය බිද වැටුණද පුද්ගලික ගුවන්විදුලි ආශ්‍රිතව ඒකාධිකාරියක් ගොඩනැගීම අහිතකර තත්ත්වයක්‌ බවට පත් වීම.
v  ප්‍රමාණාත්මක වර්ධනයක් අත්පත් කරගනු ලැබුවද ගුණාත්මක වර්ධනයක් නොමැති වීම.
v  නුතනයේ ගුවන්විදුලි මාධ්‍ය තුල ඇති රීති දැඩි ලෙස උල්ලංඝනය වීම.
අර්ථ විරහිත වදන් ,ඉංග්‍රීසි සිංහල සම්මිශ්‍රණ භාෂාවන් භාවිතය.
v  ගුවන්විදුලි නිවේදකයා හෝ නිවේදිකාවගේ හඩ පෞර්ෂත්වය නුතනයේ දැකිය නොහැකි වීම.
v  නිවේදක නිවේදිකාවන් දැනුමෙන් හීන වීම.
v  නුතන ගුවන්විදුලි නාලිකා තම අරමුණුවලින්  බැහැරව කටයුතු කිරීම.
v  ගුවන් විදුලි නාලිකා දේශපාලනික  පක්ෂග්‍රාහීකව කටයුතු කිරීම.

මෙවැනි හිතකර ප්‍රවණතා මෙන්ම අහිතකර ප්‍රවණතා ද නුතනයේ ගුවන්විදුලි මාධ්‍ය තුලින් හදුනාගත හැකිය.




No comments:

Post a Comment

post 2