වර්තමාන ආණ්ඩුවෙන් ජනමාධ්‍යට සිමා
ජන යනු මහජනතාවයි.මාධ්‍යය යනු ජනතාව වෙත තොරතුරු
සන්නිවේදන කරන මාර්ගයයි.මෙම තොරතුරු බාධාවකින් තොරව හුවමාරුවීම නිදහස තිබිය
යුතුය.ජනමාධ්‍ය නිදහස භුක්ති විදිය හැක්කේ එවිටය.එංගලන්තයේ විසු තෝමස් කාලයිල්
දාර්ශනිකයාට අනුව රටක සිව්වන රජය ජනමාධ්‍ය බව පවසා ඇත.ජනමාධ්‍ය වෙත රාජ්‍ය කටයුතු
හැසිරවීමේදී හෝ ඒවාට විරුද්ධවීමේ හැකියාවක් ඇති බව එතුමා පෙන්වා දුන්නේය.
තොරතුරු දැනගැනීම පුද්ගලික අවශ්‍යතාවක් නොව එය
සමාජීය අවශ්‍යතාවයකි.හැකිතාක් ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස තොරතුරු ලබා දෙමින් පොදු
මහත් සමාජය දැනුවත් කිරීම ජනමාධ්‍ය සතු කාර්යභාරයකි.අදහස් පල කිරීම සිමා කරන විට
හෝ බාධා කරන විට ජනමාධ්‍ය නිදහස බිදවැටේ.එවැනිම තත්වයකට අද ලංකාවේ මාධ්‍යවේදියාට මුහුණ දීමට සිදු වී ඇත.
වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති තත්ත්වය පිළබදව
ඇත්තේ කණගාටුවකි.අප්‍රේල් 21 වෙනිදා සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය
නිසාවෙන් කැලැබුන ශ්‍රී ලංකාව මේ වනතුරුත් නොසන්සුන් නොඉවසන සමාජ වටපිටාවකින් ඈත්වීමට
නොහැකිව සිටින බව පැහැදිලිව පෙනේ.රජය විසින් ජනතාව වෙත තොරතුරු සම්ප්‍රේශනය කරන
ජනමාධ්‍යවලට තොරතුරු හෙළි කිරීම සිමා
කිරීම මෙසේ ජනතාගේ නොසන්සුන්කාරී හැසිරීමට හේතුකාරණායක් වී ඇත්තේය.ජනතාවගේ ප්රකෝපකාරී
බව හදිසි නිතිය යටතේ රට පුරා පනවන ඇදිරි නිතිය මගින් පමණක් පාලනය කිරීමට උත්සහ
කිරීම රට උද්ගතවී ඇති තත්වයෙන් මිදීමට ගත් තාවකාලික තුරුම්පුවක් නොවන්නේද?
නිවැරදි සත්‍ය තොරතුරු සැණින් එසැණින් සමාජගත කිරීමට
ජනමාධ්‍ය තුල පැවති අයිතිය හා නිදහස වත්මන් ආණ්ඩුව විසින් පාලනය කිරීම සිදුවිය.රටේ
උද්ගත වී ඇති ත්‍රස්වාදී උවදුර පිළිබඳ මාධ්‍යයේ හඩ නැගීමට එරෙහි රටේ පාලකයෝ සිය බලයෙන් සිදුකලේ මාධ්‍ය
නිදහසට වැට බැදීමකි.සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන අසත්‍ය තොරතුරු ජනතාව
පිළිගැනීමට යොමු වීම,කටකතා විශ්වාස කිරීම ආදිය නිසා අද ප්‍රදේශයෙන් ප්‍රදේශයට
උද්ගත වී ඇති අර්බුධකාරී බව මාධ්‍යට සිමා පැමිණවීමේ ආවාසනාවන්ත ප්‍රතිපලය වී
ඇත.පාලකයන්ගේ ගැලවී යන රෙදි ආණ්ඩුව
විසින් ගැටගසා අන්දවීමේ විපාකය වුයේ අසරණ
මිනිසුන් සිය ජාතිය වෙනුවෙන් මරාගෙන මැරීමට අවි ආයුධ අතට ගැනීමය.
ප්‍රහාර එල්ල වූ පසු නින්දෙන් අවධි වූ පාලකයෝ
කරකියා ගැනීමට දෙයක් නොමැතිව සිදු කරන මෝඩ ක්‍රියා නිසාවෙන් අද මුළු රටම වැටී
ඇත්තේ ගොඩ ඒමට ආසිරු මහා වලකටය.එවැනි අවස්ථාවක ආරක්ෂක අංශය විසින් රට තුල සිදු කරන
මෙහෙයුම් හා මෙහෙයුම් හරහා හෙළිදරවු වන තොරතුරු මාධ්‍ය මගින් එකපෙලට වාර්තා කිරීම සිදු
විය.මාධ්‍ය විසින් වරින් වර වාර්තා කරන ලද තොරතුරු රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය
බිදීමට හේතුකාරණා වෙයි යන දුර දැක්ම මත මාධ්‍යට තොරතුරු සැපයීමට සිමා කිරීම
වැනි ආත්මාර්ථකාමී තීන්දු තීරණ ගත් බව පැහැදිලිය.
රටේ ආරක්ෂාව වෙනුවෙන් හඩ නගන මහා සංඝ රත්නය ඇතුළු සියලු ආගමික නායකයන් මාධ්‍ය
විසින් සිදුකරන තොරතුරු වාර්තා
කිරීම් සිමා කිරීමට විරුද්ධව ආණ්ඩුවට දොස්
කිහ. ජනතාව තුල ඇති වී ඇති මරණ බිය
පහකිරීමින් සාමකාමී පරිසරයක් ගොඩනැගීමට මාධ්‍ය වෙත සිමා පැමිණවීමෙන් සිදුකල නොහැක.රට
තුල පවතින වත්මන් තත්වය හෙළි කරමින් සත්‍ය අසත්‍ය තොරතුරු පෙන්වා දීමට මාධ්‍යට
පුළුල් හැකියාවක් ඇත්තේය.එවැනි තොරතරු සමාජ ගත කිරීමේ වගකීම ඉටු කිරීමට ජනමාධ්‍ය
වෙත සිමා පැමිණ වීම ආණ්ඩුව විසින් සිදු නොකළ යුතුය .අද උද්ගත වී ඇති කලබලකාරී සමාජ
වටපිටාව පිලිබදව නිවැරදි තීන්දු තීරණ යටතේ පාලනය කිරීම සදහා මාධ්‍යය වෙත
ඇති හැකියාව පාලකයා හදුනාගත යුතු ඉතා
වටිනේය.
තිලිණි වාසනා ජයමිණි
Madhyatath mehema sima dannakota ratate anaagthyata monava beida danna sis
ReplyDelete