Thursday, May 16, 2019

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා සංවර්ධන සන්නිවේදනය

සෞඛ්‍ය ගැටළු විසදීමට ශ්‍රී ලංකාව ගෙන ඇති  සංවර්ධනය සන්නිවේදන උපාය මාර්ග

රටක සංවර්ධනය යනු,භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් සිදුවන සංවර්ධනයයි. භෞතික වශයෙන් සිදුවන සංවර්ධනය සමාජ,ආර්ථික,අධ්‍යාපනය,පාරිසරික මෙන්ම සෞඛ්‍ය වශයෙන්ද වර්ධනය වීම සිදුවිය යුත්තකි.තෙවන ලෝකයේ රටවල්වල සංවර්ධනය ක්‍රියාවලිය හා  සන්නිවේදනය එකට බැදී පවතී.සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය නොවූ   රටවල සංවර්ධනය හා සන්නිවේදන අතර ඇත්තේ අවියෝජනීය බැදීමකි.ශ්‍රී ලංකාව තුනවන ලෝකයේ රටක් වන අතර එහි සංවර්ධන ක්‍රියාවලිය හා සන්නිවේදනය ප්‍රබල බැදීමක් පෙන්නුම් කරයි.
රටක් සංවර්ධනය වීම සදහා සෞඛ්‍ය වශයෙන් සංවර්ධනය වීමද ඉතා වැදගත් වේ.සෞඛ්‍ය සංවර්ධනය සදහා සන්නිවේදනය මාධ්‍යන් යොදා ගැනීම  නුතනයේ බහුලව දක්නට ලැබේ.
ඉහත සදහන් කරන ලද පරිසර දුෂණය,මත්ද්‍රව්‍ය හා දුම්වැටි,අනතුරු සහ ආපදා ,අපචාර හා අපයෝජන ආදිය වලක්වා ගැනීමට සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපාය මාර්ග තුලින් මග පෑදී ඇත.

a.      අන්තර් පුද්ගල හා සමුහ  සන්නිවේදනය ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම
b.      ජන මාධ්‍ය සන්දේශ නිර්මාණය
c.       සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම
d.      ජිවන නිපුණතා සහ දැනුම සංවර්ධනය
e.      සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය සහ උපරිම ප්‍රයෝජන ගැනීම
f.        පාසල් මට්ටමෙන් සිදු කරන සෞඛ්‍යප්‍රවර්ධන වැඩසටහන්

a.අන්තර් පුද්ගල සන්නිවේදනය හා සමුහ සන්නිවේදනය  ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම් හා ප්‍රජා දායකත්වය
            සෞඛ්‍ය සංවර්ධනය තනිව මෙන්ම සමුහිකව ගොඩනගා ගත යුත්තකි.ඒ සදහා සමස්ථ ප්‍රජාවගේම සහභාගිත්වය ඉතා වැදගත්ය.අප අවට සමාජයේ සෞඛ්‍ය        සංවර්ධනය සදහා පවුල,පාසල,වෙළෙද සැල්,විවිධ රැකියා ස්ථාන,පන්සල්,පල්ලි,විවිධ සංගම් ආදී සියල්ලන්ගේම එකමුතුවෙන් කටයුතු සංවිධානය කලයුතුය.අන්තර් පුද්ගල සන්නිවේදනය එකමුතු බව සහජීවනය ඇති කරයි.මෑතකදී රට පුරා පැතිර ගියාවූ ඩෙංගු වසංගතය මර්ධනය කිරීම සදහා ගම් නගර ආශ්‍රිතව ගෙයින් ගෙට ගොස් සිදුකරන ලද දැනුවත් කිරීම්,අත්පත්‍රිකා දැන්වීම් හරහා මෙම සන්නිවේදන ක්‍රියාවලිය සිදුවිණි.ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසාවෙන් රෝහල් හරහා  පැමිණෙන රෝගීන්ට දැනුවත් කිරීම් සිදුකරන ලදී.කුඩා දරුවනට හා වැඩිහිටි පිරිසට බහුලව මෙම රෝගය පැතිර ගිය අතර ඔවුනට අවශ්‍ය දැනුවත් කිරීම් රෝහල් හරහා සිදුකරන ලදී.ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම ප්‍රජාව දායක කර ගනිමින් සංවර්ධනය ක්‍රියාවට නංවයි.

            උදා:ශ්‍රමදාන පැවැත්වීම,වන වගා වියපෘති,වෛදයසායන පැවැත්වීම,ඩෙංගු මර්ධන වැඩසටහන්
පාසල් මගින් හෝ  ග්‍රාමීය සමිති මගින් පවත්වන ඩෙංගු මර්ධන වැඩසටහනට දායකවීම සදහා දෙමාපියන්,ප්‍රදේශීය වාසින් සහභාගී වීම එහි ප්‍රතිපලයක් වශයෙන් ඩෙංගු මර්ධනය පිලිබදව ඔවුන්ට දැනුම හා උනන්දුව ඇති වීම.

b.ජන මාධ්‍ය සංදේශ නිර්මාණය

නුතනයේ ගුවන්විදුලි,රුපවාහිනි,පුවත්පත්,අන්තර්ජාල හරහා සිදුකරන සංවර්ධන සන්දේශ නිර්මාණය කිරීම.ගුවන්විදුලි වෙළද සේවය , ස්වදේශී සේවය රජයේ නාලිකා විසින් ඩෙංගු මර්ධනය සදහා වෛදයවරුන් හා හෙදියන් සහභාගී කරගනිමි ජනතාව දැනුවත් කිරීම සිදු කිරීම.රුපවහිනි නාලිකාව හරහා පරිස්සමින් ගිහින් එන්න යන වැඩසටහන් නිර්මාණය කිරීම.පුවත්පත් හරහා පලවෙන අතිරේක පළකිරීම සිදු වන අතර සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වෙනම අතිරේක බොහෝ පුවත්පත්වල පල වේ.සෞඛ්‍ය සම්බන්දව සගරාවන්ද පළවේ.ආරෝග්‍යා  උදාහරණ ලෙස දැක්වීමට හැක.ජීවක අරණ ,වෙද ගෙදර ,medical lab වැනි ආයුර්වේද බටහිර සෞඛ්‍ය දැනුවත් කිරීම් රාජ්‍ය පුද්ගලික නාලිකා හරහා සිදුකරනු ලබයි.වින්දනිය උදෑසන,නුග සෙවන වැනි උදෑසන වැඩසටහන් හරහා සමාජයේ සෞඛ්‍ය ගැටළු සම්බන්ද වැඩසටහන් වෛදයවරු සජීවීව සම්බන්ධය කර ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය ගැටළු සදහා  දුරකථන ඔස්සේ සම්බන්දතා ලබා දෙමින්  සිදුකරන සන්නිවේදන කාර්ය සෞඛ්‍ය සංවර්ධනයට ඉවහල් වේ.

c.සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම.

මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටළු පිලිබදව සලකා බලා එයට විසදුම් ලබා ගත හැකි ආකාරයෙන් ප්‍රතිපත්ති සකස් කල යුතුය.මෙහිදී පුද්ගලික මෙන්ම ආයතනයකට ද පළාත් හා ජාතික වශයෙන් ද ප්‍රතිපත්ති ගොඩනගා ගෙන ඇත.
උදා:දිනපතා ව්‍යායාම කිරීම,සෞඛ්‍යවත් ආපනශාලාවන් පවත්වා ගැනීම,සහනාධාර සැපයීම,ලුණුවලට අයඩින් එක්කිරීම.ආහාර ප්‍රමිතිකරණය.
 සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සෞඛ්‍ය පරීක්ෂණ පවත්වමින් ආපනශාලා වැටලීම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා දැනුවත් කිරීම් හා ප්‍රදර්ශනය කිරීම.රජය මගින් ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග පිලිබදව ජනතාව දැනුවත් කිරීම. උදා:දඩගැසීම්,සිර ගතකිරීම්.මිනිසුන්ගේ කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් මනසට ව්‍යයාමක් සිදුවන පීඩාවන් දුරු කිරීම සදහා  නිෂ්පාදන ආයතන වෙත ගොස් ඔවුන්ගේ මනසට විවේකයක් සතුටක් ලබාදීමට සිරස වැනි මාධ්‍ය විසින් lunch time වැඩසටහන් සිදු කිරීම.විවිධ ආපදා පැමිණීමේදී ජනතාවට සහනාධාර සේවා ආහාරපාන,ඇදුම් පැළදුම්,සනීපාරක්ෂක පහසුකම් සැපයීම සදහා මාධ්‍ය මගින් යුහුසුළුව කටයුතු කරනු ලබයි.මෑතකදී සිදුවූ ජල ගැලීම්,නායයෑම් වැනි ආපදාවන් වලදී ජනතා සේවය සදහා මාධ්‍ය දායකත්වය නොමදව ලැබිණි.සිරස සහනයාත්‍රා,දෙරණ මනුසත් දෙරණ වැඩසටහන් නිරතුරු සේවයේ කැපවිණි.

            වකුගඩු රෝගය ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.රජය මගින් වකුගඩු රෝග නිවාරණය සදහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවාලීම,නිරෝගා ටිකට්පත් හරහා මාධ්‍ය වල කෙරෙන දැන්වීම්  ජනතාවට පෙලබිමක් ඇතිකර උවදුරට ලක් වූ  ඔවුන්ගේ ජීවිතය නගා සිටුවීමට කටයුතු කිරීම.හදවත් රෝගීන් සදහා කෙරන විවිධ සත්කාර දෙරණ නාලිකාව ඔස්සේ පල කිරීම.

            පැකට් කර ඇසුරුම් කරන ලද ආහාර  නිෂ්පාදන දිනය,කල් ඉකුත්වීමේ දිනය වශයෙන් දිනයන් සදහන් කිරීම.    SLS සහතිකය  නිෂ්පාදන සදහා ලබා දෙන ප්‍රමිතිකරණයකි..විවිධ නිෂ්පාදන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේදී මෙම ප්‍රමිතිකරණ සහතිකය දැන්වීම්වල අන්තර්ගත කොට ඇත.රෝහල් දැන්වීම් පුවරු සන්නිවේදන ක්‍රමෝපායක්  වශයෙන් භාවිතා කිරීම මගින් සෞඛ්‍ය ගැටළු අවම කිරීම හා සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකිය.රජය විසින් ලබාගෙන සෞඛ්‍ය පහසුකම් පිලිබදව ජනතාව දැනුවත් කිරීමට නුතන ජන මාධ්‍ය කටයුතු කරනු ලබයි.සෞඛ්‍ය ඇමති විසින් ඉතා මිල අධික ඖෂධ වර්ග 10 ඇතුළු ඖෂධ සහ වෛද්‍ය උපකරන 25 ක මිල අඩුකිරීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.රජය විසින්  සකස් කරනු ලබන සෞඛ්‍ය වැඩසටහන් පිලිබදව ජනතාව දැනුවත් වන්නේ නුතන මාධ්‍ය හා නව මාධ්‍ය තුලිනි.සෞඛ්‍ය ඇමති විසින් යෝජනා කරන ලද හමුදාව සමග එකතුව ආයුර්වේද ඖෂධ පැල වගා කිරීමේ ව්‍යාපෘතිය,චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භය කිරීම,වැනි සැලසුම් ප්‍රතිපත්තින්  සමාජය ගත කිරීමට සන්නිවේදන මාධ්‍ය රුකුලක් වේ.

d.ජිවන නිපුණතා හා දැනුම සංවර්ධනය
එදිනෙදා ජිවිතයේ මුහුණ දීමට අවශ්‍ය දැනුම වර්ධනය කිරීමත් ජිවන නිපුණතා සංවර්ධනයයත් සෞඛ්‍ය සංවර්ධනය අවශ්‍ය වේ.පාසල්,අධ්‍යාපන ආයතන,ව්‍යාපාර ආයතන,වශයෙන් දැනුම හා නිපුණතා ඇතිකිරීම මෙහි දී සිදු කෙරේ.නිපුණතා හා දැනුම සංවර්ධනය කිරීම සදහා විවිධ වැඩසටහන් සමාජය තුල ක්‍රියාත්මක වීම.උදා: ක්‍රීඩා තරග පැවැත්වීම,සෞන්දර්ය ක්‍රියාකාරකම් සංවිධානය,අධ්‍යාපන හා සෞඛ්‍ය වැඩමුළු පැවැත්වීම,සෞඛ්‍ය දැනුම සහිත පොත් පත් බෙදා හැරීම.ගමක,ආයතනයක,වැඩපලක සෞඛ්‍ය තත්වය නැංවීම සදහා සුදුසුආහාර ගැනීම,ක්‍රියාකරී ජිවන රටාවක් අනුගමනය කිරීම සහා ආතතිය මුහුණ දීමේ හැකියාවන් වර්ධනය කිරීම සදහා නිපුණත සංවර්ධනය අවශ්‍ය වේ.පොත්පත්,වැඩමුළු,මගින් අවශ්‍ය දැනුම ලබාදීම,කන්ඩායම් තරග,ක්‍රීඩා තරග ආදිය පැවැත්වීම මගින් නිපුණතා සංවර්ධනය කිරීම.

සෞඛ්‍ය වැඩමුළු සදහා නුතනයේ බහුලව සිදුවන අනතුරු අවම කරගැනීම සදහා බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්  දැනුවත් කිරීමට සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම.මාර්ගෝපදේශ ලබාදීම හා මනස සකස් කිරීම සිදුකරයි.පාසල් වයසේ දරුවන්ගේ ජිවන නිපුණතා හා දැනුම වර්ධනය කිරීම සදහා පාසල් විෂය නිර්දේශය තුලට මෙම විෂය ඇතුලත කිරීම ගුරුවරුන් හරහා දරුවන්ගේ සෞඛ්‍ය දැනුම වර්ධනය කිරීම.විවිධ තරග පාසල් ගෙවතු වගා තරග,සෞඛ්‍ය චිත්‍ර තරග,කවි,රචනා ,කෙටි නාට්‍ය නිර්මාණ තරග පැවැත්වීම පාසල් මට්ටමින් සිදුකරනු ලබයි.විදි නාට්‍ය නිර්මාණය කරමින් ජනතාව සෞඛ්‍ය අවබෝධය ලබා දීමට කටයුතු කිරීම.පාසල් සෞඛ්‍ය වැඩමුළු දෙමාපියන් සහ දරුවන්ගේ සහභාගිතයෙන් පැවැත්වීම දරුවාගේ අවබෝධය මෙන්ම දෙමාපියන්ගේ අවබෝධය ද පවුල් මට්ටමින් ගම් මට්ටමින් නගර මට්ටමින් සමස්ත රටම සංවර්ධනය සදහා ඉවහල් වේ.මත්ද්‍රව්‍ය හා දුම්වැටි පානය ඇබ්බැහි වුවන් සදහා ආයතන මට්ටමින් ඔවුන්ට අවවාදය හා දැනුවත් කිරීම් සිදු කිරීම.

හදිසි ආපදා පැමිණීමේදී ඒවාට නිසි ප්‍රතිචාර දැක්වීමටත්,උපකාර කණ්ඩායම් පැමිණීමට පෙර අවශ්‍ය අවස්ථාවන් හිදී  තම ආරක්ෂාව සලස්වා ගැනීමටත් නුතනයේ ජනතාව ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම,නායයාම් අවදානම් අවස්ථාවන් කල්තියා හදුනා ගැනීමට අවශ්‍ය දැනුම ජනතා ගත කිරීමට නුතනයේදී ඊට අදාළ ප්‍රදේශ වල විශේෂ දැනුවත් කිරීමේ කන්ඩායම් යොදවා ඇත.රෝහල් ගත කිරීමට ප්‍රමාද වූ අවස්ථාවන්හිදී ප්‍රථමාධාර ක්‍රම පිලිබදව ජනතාවට දැනුවත් බවක් ලබා දීම සදහා නුතනයේ වැඩමුළු සම්මන්ත්‍රණ පවත් වීම සිදු වේ.ජිවන නිපුණතා සංවර්ධනය නොවීමෙන් තමා තුල මෙන්ම සමාජයත් සමගද ගැටුම් ඇති වීම සිදුවේ.අදහස් හෝ රුචි අරුචිකම් නොගැලපීම නිසා එකගතාවක් නොමැතිව ගැටුම් ඇතිවිය හැක.මෙම ගැටුම් තත්වයන් නිසාවෙන් මානසික රෝග ,රැකියා අහිමි වීම,ආර්ථික ප්‍රශ්න ඇති වීම,ශරීරික ගැටුම් ඇති වීම නිසා තුවාල සිදුවීම,අංගවිකල වීම,ජිවිත හානි ඉදුවීම වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවන අතර නුතනයේ විවිධ ක්ෂේත්‍ර මගින් මෙම ජීවන නිපුණතා සංවර්ධනය කිරීමට වැඩමුළු සම්මන්ත්‍රණ පැවැත්වේ.

e.සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය හා උපරිම ප්‍රයෝජන ගැනීම

සෞඛ්‍ය සේවාවන්හි ඇති අඩුපාඩුකම් මගහරවා ගනිමින් අවශ්‍යතා අනුව සෞඛ්‍ය සේවා සැපයීමට හැකි ආකාරය නුතනයේ සංවිධාන ගත වී ඇත.රෝහල්වල අඩුපාඩුකම් සොයා පහසුකම් සැපයීම.සෞඛ්‍ය වෛදය පරීක්ෂණ නිසි ලෙස පවත්වාගෙන යාම,ජංගම සෞඛ්‍ය සේවා ලබා දීම.උපදේශන හා මාර්ගෝපදේශ ලබා දීම.මනුසත් දෙරණ වැනි ජනතා මෙහෙවර වශයෙන් ජනතාවගේ සෞඛ්‍ය සේවා පහසුකම් සැලසීම.මාධ්‍ය හරහා සෞඛ්‍ය අඩුපාඩුකම් රජයට හෙළිදරව් කරමින් ජනතාවගේ සුභසාධනය කටයුතු කිරීම.විවධ අවස්ථාවල ලබා දෙන ඖෂධවල ගුණාත්මකබව පිලිබදව හෙළිදරවු කිරීම.කල්ඉකුත් වූ ඖෂධ පිළිබද මාධ්‍ය අනාවරණය කිරීම හා ජනතාව දැනුවත් කිරීම හා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබද උපදෙස් ලබා දීම. මේ ඔස්සේද ජනතාවට හදිසි ප්‍රථමාධාර ක්‍රම පිලිබදව හා උපදෙස් ලබාදීම හා මාර්ගෝපදේශ ලබා දීම නුතනයේ සිදු වේ.නුතනයේ බහුල රෝගවන දියවැඩියාව,පිළිකා,මානසික රෝග වැනි බෝ නොවන රෝග වලින් වැලකීම සදහා වෛද්‍යවරුන්ගේ පෞද්ගලික උපදේශ හා බෝ වන රෝග සදහා  වෛද්‍යවරු ඇතුළු  හෙද නිලධාරීන්ගෙන් වන දැනුවත් කිරීම නුතනයේ වෛද්‍ය සායන හරහා සිදු වේ. දන්ත සායන,අක්ෂි සායන,වැනි සායනයන් රෝහල් තුල මෙන්ම  ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස්  සිදුකිරීම.මෙහිදී විවිධ රෝග වලට ගොදුරු වී ඇති අය සදහා ඖෂධ නියමකිරීම් ලබා දීම් සිදුවේ.මනුසත් දෙරණ වැඩසටහන ද එවැනිම ජංගම සෞඛ්‍ය සේවාවකි.මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ජනතාව දැනුවත් කිරීම මගින් ලෙඩ රෝග  හා අනතුරු සහිත ස්ථාන හදුනාගැනීම,ඒවා වලක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සිදු වේ.

f.පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්
රජය මගින් දියත් කරනු ලබන  පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු විසදීමට විවිධ පියවර ගෙන ඇත.
1.      පාසල් දරුවන්ට සෞඛ්‍ය පිලිබදව නිසි දැනුමක් සන්නිවේදනය කිරීම.අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට දරුවා පොලබවමින් කටයුතු කිරීම.තරග පැවැත්වීම.උදා:කථික තරග පාසල් මට්ටමින් සෞඛ්‍ය සමිති පිහිටවීම ආදිය සිදු කරනු ලබයි.ප්‍රථමාධාර කණ්ඩායම් පාසල් තුල නුතනයේ ඇති කර ඇත.ළමුන්ව ඒ සදහා හුරුකිරීමද නුතනයේ සිදු වේ.
2.      පාසල් පද්ධතිය තුල විවිධ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැකි ලියා පාසලේ පොදු ස්ථානවල හා ළමයින් ගැවසෙනා ස්ථානවල අලවමින් දරුවන් දැනුවත් කිරීමට කටයුතු කිරීම.
3.      සෞඛ්‍ය නිර්මාණය ඇතුලත පුවරු සකස් කරමින් ලිපි,ගීත,එහි පළකිරීම.
4.      පාසල් තුල පාසල් අවට සෞඛ්‍ය සංවර්ධනය සදහා දැන්වීම් පුවරු පල කිරීම.
5.      රජය මගින්  විදුහල්පතිවරු,ගුරුවරු දැනුවත් කරමින් වයස් සිමා සදහා මේස පුටු වර්ග  සහ ප්‍රමාණයන්,අවු;12 අඩු සිසුනට පාසල් දන්ත වෛද්‍ය සේවය ලබා දීම සිදු කරනු ලබයි.
6.      සනීපාරක්ෂක පහසුකම් පිලිබදව ගැටළු මාධ්‍ය මගින් හෝ වෙනත් ක්‍රමවේදයකින් රජය දැනුවත් කරවීම.හා එහි ප්‍රතිපලයක් ලෙස හොද සනීපාරක්ෂක පසුකම් සහිත වැසිකිලි,ජල පහසුකම් පාසල්තුල වර්ධනය වී ඇත.
7.      සෞඛ්‍ය වැඩමුළු පැවතීම හා වීඩියෝ දර්ශන පට පෙන්වමින් ප්‍රායෝගිකව ක්‍රියාකරවීමට පියවර ගෙන තිබේ.
8.      ලිංගික දැනුම ලබා දෙමින්  ජිවිත හා සමාජ අවබෝදය ලබා දීම.

නව තාක්ෂණය යොදා ගැනීම නිසාවෙන් එය භාවිතය ගැනීමේදී එය පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිලිබදව වැඩිහිටි ළමා පිරිස දැනුවත් කිරීම හා උපදෙස් ලබා දීම.

            පුවත්පත් රුපවාහිනි  ගුවන්විදුලි සහ අන්තර්ජාල සමාජ මාධ්‍ය හරහා වීඩියෝපට හා වාර්තා සපයමින් ජනතාවගේ ආරක්ෂාව හා දැනුවත් භාවය පුළුල් කිරිම සිදු වේ. ඩෙංගු වැනි වසංග රෝග පිලිබදව වාර්තා සපයමින් තමන්ගේ හා අන්‍යන්ගේ ආරක්ෂාව සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිලිබදව අවබෝදයක් ලබා දීම වර්තමානයේ සිදු වේ.


මෙවැනි උපාය මාර්ග මගින් නුතනයේ සෞඛ්‍ය ගැටළු විසදා ගැනීම සදහා යොදා ගන්නා සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපාය මාර්ග ලෙස දැක්විය හැකිය.

තිලිණි වාසනා ජයමිණි 

No comments:

Post a Comment

post 2