Monday, May 6, 2019

මුල අමතක වීම.........


මුල අමතක වීම......

අපිට මුල අමතක විය.30 වසරක් බැට කෑ එල්.ටි.ටි.ත්‍රස්‌තවාදීන්ගේන්  නිදහස් වූදා සිට අපට රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෝ අමතක විය.රටවෙනුවෙන් දේශයක් පාලනය කල පාලකයෝ අමතක විය.ත්‍රස්තවාදයක් අප රටේ තිබුනද යැයි අපට අමතක විය.පවුල් පාලකයෝ හොරු යැයි කියා හවුල් පාලකයෝ රටේ පාලකයෝ කරවීය.රටේ උගත් රාජ්‍ය සේවකයෝ දසදහසක් වැඩිකල පඩියට ලෝභවිය.රටේ  ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් රටට යහපාලනයක් සදහා ජන්දය ලබා දුන්නේය.සිය වටිනා ජන්දය නොවටිනා ජන්දයක් බවට ජනතාව පසක් වීම සිදු වන විට ගොනා පොල් පැලේ කා හමාරය.දැන් සිදු වී පාඩුව ගැන සිතා හුල්ලනවා මිස අන් පිළිතුරක් නොවන්නේය.
අද ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට බියෙන් අපට ජිවත් වීමට සිදු වී ඇත.අප්‍රේල් 21 වදා එල්ල වූ අයි.එස්.එස්.ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පාලකයන් ඇතුළු පොදු මහජනතාව මහා නින්දකින් අවධි කළේය.250 ට  අදික ජිවිත සංඛ්‍යාවක් රටට අහිමි වන තුරු පාලකයන් සිදුකලේ  තනතුරු පුටු සදහා කා කොටා ගැනීමය.ප්‍රහාරයෙන් පසුව හෙළි වූ කාරණා සමගින් පාලකයා එකා පිට එකා වැරැද්ද පැටවිය.කල් ඇතිව ප්‍රහාරය පිළිබද තොරතුරු ලැබී තිබුණ බව මාධ්‍ය විසින් පල කිරීමත් සමග අදාළ පිරිස් වලිගය  ගිනිගත්  කොටීන් මෙන් නොසන්සුන් විය.ආරක්ෂක අංශ ලේඛම් ඇතුළු පිරිසගේ කළු හදවත් නිසාවෙන් අද පවුල් ගණනින් අනාථයෝ විය.
සිය රාජකාරීන් පැහැර හැරී ඔවුන් දේශදෝහී වන්නේය.සැබවින්ම ප්‍රහාරයෙන් නැසී ගිය ජිවිත ගණනාවේම අපරාධකරුවෝ වන්නේ අප රටේ අදුරදර්ශී පාලකයින් ය.වගකීම් විරහිත ක්‍රියාවලිය අවසන් ප්‍රතිපලය දැන් අප ඉදිරියේ සාක්ෂි සහිත ව  ප්‍රත්‍යක්ෂ වී හමාරය.කළු ගල් වැනි හිත් ඇති  දේශපාලකයින් හට ප්‍රහාරයෙන් මිය ගියේ අපේ රට මිනිසුන් යැයි සිතා ජාතිය පිළිබද කැක්කුමක්  ඇති වුයේ නැත.රට පිළිබද හැගීමක් නොවූ අගමැති රටටම ශාපයක් වී ඇත.නියපොතෙන් කඩා ඉවත් කිරීමට හැකි වූ දේ දැන් අපට පොරවෙන් කපා ඉවත් කිරීමට තරම් මහා පිළිලයක් වී ඇත්තේ මේ දුෂිත පාලකයන් නිසා නොවන්නේද?
ගමනක් බිමනක් යාමට යලිත් ජනතාව තුල ඇති වී ඇති බිය කෙසේ දුරුකන්නද?එල්.ටි.ටි.ත්‍රස්තවාදය  පැවති කාල වකවානුවේ මිනිසුන් ගමන් කලේ පවුලක් ලෙස නොව.එකම පවුල බස් දෙකක දුම්රින් දෙකක  ගොඩවී ගියේ කොතැන කොයි මොහෙතේ බෝම්බයකට  ජීවිතය බිලි වේ දැයි බියෙන් සැකයෙනි.ඒ බිය සැක 21 වදා සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් සමග නැවත පුනර් උපත්තිය ලැබිය.යලිත් පොදු සමාජය අනෙකා කෙරෙහි සැකෙන් බියෙන් බලන්නට පටන්ගෙන ඇත.මුස්ලිම් අන්තවාදීන් ලෙස සියලු මුස්ලිම් ජනතාව දෙස සැකෙන් බැලීමට ජනතාව පෙළබි ඇත.
මිනිසුන් ගණනාවක් මෙසේ සමූලඝාතනය වූ සංවේදී අවස්ථා ව වලකාලීමට හැකියාව තිබියදී ඔවුන් නොපෙන්වූ දේශප්‍රේමී බව දැන් පෙන්වීමෙන් නැති වූ  ජිවිතවලට පන එන්නේ නැත.මිනිසුන් තුල ඇති වූ බිය සැකය පහ වන්නේ නැත.එවැනි දේශදෝහී පාලකයින්ගේ දමා සිටින වෙස් මුහුණු ගලවා දමා රටේ නිතිය යටතේ උපරිම දඩුවම් ලබා දීම සිදු කලයුතු වන්නේය.මෙවැනි පාලකයන් රට තුල සිටීම ත්‍රස්තවාදීන්ට සිය අරමුණු ලගා කර ගැනීමට දේශපාලනික හයියක් වන්නේය.
                                                                                    තිලිණි වාසනා ජයමිණි

1 comment:

  1. Eka nm aththa රටට මෙහෙම එනකම් බලන් හිටියා රටේ පාලකයෝ

    ReplyDelete

post 2