Wednesday, May 15, 2019

ශ්‍රී ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටළු

ශ්‍රී  ලංකාවේ වර්තමාන  සෞඛ්‍ය ගැටළු

වර්තමානයේ අප ජිවත්වන සමාජයේ ප්‍රබලව දැකියහැකි සෞඛ්‍ය ගැටළු
1.      පරිසර දුෂණය
2.      බෝ වන රෝග හා බෝ නොවන රෝග
3.      මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය
4.      අනතුරු හා ආපදා
5.      අපචාර හා අපයෝජන
6.      නව තාක්ෂණික අහිතකර බලපෑම


1 .පරිසර දුෂණය
 මිනිසුන් හා සතුන් ජිවත් වන වටපිටාව වාසයට නුසුදුසු තත්වය පත්වීම පරිසර දුෂණය ලෙස හැදින්වේ.වර්තමානයේ සිදුවන ප්‍රධාන පාරිසරික ගැටළුවක් මෙන්ම සෞඛ්‍ය ගැටලුවක් ලෙස මෙය හදුනාගත හැකි. පරිසර දුෂණය නිසාවෙන් මිනිසාට කායික මානසික වශයෙන්  අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඈත.වනාන්තර විනාශ කිරීම,එදිනෙදා කුණු කසල අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කිරීම,කර්මාන්තශාලා වලින් පිටවන අපද්‍රවය පරිසරයට මුදාහැරීම ,ගල් අගුරු,ඉන්ධන ,ප්ලාස්ටික්,පොලිතින් ආදිය දහනය,පළිබෝධනාශක හා රසායනික පොහොර අවිධිමත්ව භාවිතය,අක්‍රමවත් ඉදිකිරීම් සිදු කිරීම වැනි හේතු ගණනාවක් පරිසරය දුෂණය වීමට නුතනයේ හේතු සාධක වී ඇත.
පරිසරයේ දුෂණයට ලක්වන අංග කීපයකි.
·         වායු දුෂණය
·         ජල දුෂණය
·         භුමිය /පස දුෂණය
·         ශබ්ද දුෂණය

Ø වායු දුෂණය

අහිතකර සහ විෂ සහිත සංඝටක වලින් වායු ගෝලයේ සංයුතිය වෙනස් වීම වායු දුෂණය ලෙස හැදින්වේ.මිනිසා විසින් කැලෑ කැපීම්,ගිනි තැබීම්,ඉන්ධන දහනය මගින් වායු ගෝලයට එක කරන කාබන්ඩයොක්සයිඩ්,ප්‍රමාණය  වැඩි වේ.මේ හැර කාර්මික හා කෘෂිකාර්මික කටයුතු නිසාද මීතේන් වායු පරිසරයට එක් වේ.මිනිස් කටයුතු නිසා වායු ගෝලයට එක් වන ක්ලෝරෝ ෆ්ලුවරා කාබන් නිසාවෙන් ඕසෝන් ස්ථරය විනාශ වී ඇත.නුතනයේ ඉදිවන නව කර්මාන්තශාලා නිසාවෙන් වර්තමානයේ වායු දුෂණය උග්‍ර ගැටලුවක් බවට පත් වී ඇත.කොළඹ නගරය ආදී නගර කේන්ද්‍රගතව මෙම වායු දුෂණය වර්තමානයේ සිදු වේ.වාහන මගින් පිටවන අහිතකර දුම් මගින් පරිසරය මෙන්ම සෞඛ්‍යටද එල්ලවන්නේ ගැටලුකාරී තත්වයකි.
මෙම වායු දුෂණය නිසාවෙන් මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයන්ට අහිතකර  බලපෑම්  එල්ලවී ඇත.රෝග ගණනාවක් සමාජගත වී ඇත.

                        එනම්
1.      ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග
2.      චර්ම රෝග
3.      පිළිකා
පිළිකා රෝගය නුතනයේ දක්නට ලැබෙන ප්‍රභල රෝගී තත්ත්වයකි.පිළිකා රෝගය විවිධ ප්‍රභේදයන් දක්නට ලැබේ.මුඛපිලිකා,පියයුරු පිළිකා,ගැබ්ගෙල පිලිකා,ආදී වශයෙන් නුතනයේ බහුලව දක්නට ලැබෙන පිළිකා විශේෂයන්ය.මුඛ පිළිකා පිරිමි පාර්ශ්වයට වැලදෙන අතර කාන්තාවන් පියයුරු පිළිකා ගැබ්ගෙල පිළිකාවලට ලක් වේ.වායු දුෂණය වීමෙන් අහිතකර වායු ශරීර ගත වීම නිසා පිළිකා තත්ත්ව ඇති වේ.ඕසෝන් ස්තරයේ ක්ෂය වීම නිසාවෙන් පාරජම්බුල කිරණ පොළවට පතිත වීමෙන් පිළිකා චර්ම රෝග ඇති වේ.

Ø ජල දුෂණය

මිනිසාගේ  අක්‍රමවත් කසල බැහැර කිරීම නිසාවෙන් නුතනයේ බහුල වශයෙන් ජලය අපිරිසිදු වීම සිදුවේ.ගම් නගර භේදයකින් තොරව නුතනයේ ජලය දුෂණය වීම සිදුවේ.කෘෂිකර්මාන්තය සදහා යොදා ගන්නා විවිධ රසායනික ද්‍රවය ජලයට  මුසු වීමත් විවිධ සත්ත්ව මල අපද්‍රවය හා මිනිස් අපද්‍රවය ජලයට එකතු වීමත් නිසා ජලය දුෂණය වීම සිදු වේ.නාගරික වශයෙන් කර්මාන්තශාලා වලින් පිටවන විවිධ අපද්‍රවය කාණු හරහා ගංගා ඇළමාර්ගයන්ට  මුදාහැරිම ද ජලය දුෂණය වීමට හේතු වේ.
ජලය දුෂණය නිසා ඇතිවන රෝග ගණනාවකි.
1.      කොලරාව
2.      පාචනය
3.      චර්ම රෝග
4.      මදුරුවන් මගින් බෝවන රෝග
5.      ආසාත්මිකතා
6.      පිළිකා
7.      වකුගඩු රෝග
නුතනයේ බහුල වශයෙන් රජරට  ප්‍රදේශවල ජනයා වකුගඩු රෝගයන්ට බහුලව ගොදුරු වේ.වකුගඩු රෝගය හේතුවෙන් වකුගඩු මගින් මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය අඩපණ කෙරේ.එම නිසා ශරීරයෙන් නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර නොවේ.බැරලෝහ සහිත වූ ,පිරිසිදු නොකරන ජලය භාවිතය නිසාවෙන් මෙම රෝගයට ගොදුරු වන අතර වකුගඩුවලට හානි වන ආහාර හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් ,දියවැඩියාව හාඅධික රුධිර පීඩනය ද මෙම රෝගයට හේතු සාධක වේ.


Ø භුමි දුෂණය

භුමියේ ස්භාවික තත්වය වෙනස් වී භුමිය පරිහරණයට ගැනීමට නොහැකි අන්දමට වෙනස් වීම භුමි දුෂණය නම් වේ.කුණු කසල,අපද්‍රවය,නිසි බැහැර කිරීමකින් තොර වීම,නිවාස ඉදිකිරීම් කර්මාන්තශාලා ගොඩ නැගීම සදහා වනාන්තර එලිපෙහෙළිය,යන හේතු සාධක නිසාවෙන් මෙම භුමි දුෂණය සිදු වේ.
භුමි දුෂණයේ අහිතකර ප්‍රතිපල :
§  මැසි මදුරුවන් බෝ වීම.
§  රෝග පැතිරීම.
§  පසේ සාරවත් බව අඩු වීම.
§  නායයාම් වැනි ආපදා තත්ත්ව ඇති වීම.
Ø ශබ්ද දුෂණය

මිනිසාගේ කනට දැරිය නොහැකි තීව්‍රතාවයකින් යුක්තව ශබ්ද නිකුත් වීම ශබ්ද දුෂණය නමින් හැදින්වේ.නාගරික ප්‍රදේශ වල වාහන තදබදය නිසාවෙන් ශබ්ද දුෂණය නිරන්තරයෙන් සිදු වේ.
ශබ්ද දුෂණය මගින් ඇති වන අහිතකර ප්‍රතිපල:
§  ශ්‍රවණාබාධ ඇති වීම
§  පරිසරයේ නිසංසල බව නැති වීම
§  අසහනකාරී බව ඇති වීම
§  අවධානය බිදී යාම

2.බෝ වන රෝග හා බෝ නොවන රෝග

වර්තමාන ලංකාවේ බහුලව  මාධ්‍ය හරහා ඇසෙන බෝ නොවන රෝග සහ බෝ වන රෝග ද ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.බෝ වන රෝග යනු ආසාදිත පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙන රෝග වේ.
උදා :ඩෙංගු ,මැලේරියා,පාචනය,ක්‍ෂය රෝගය,ලිංගික සම්ප්‍රේෂණය වන රෝග
උදා:අධික රුධිර පීඩනය,දියවැඩියාව,මානසික රෝග,පිළිකා,ස්නායු රෝග
ඩෙංගු මාරාන්තික රෝගයක් වන අතරම එය නිසි ප්‍රතිකාර ලබා ගැනීම කඩිනමින් කල යුත්තකි.මෑත කාලින වාර්තාවවලට අනුව ඩෙංගු රෝගය වැළදීම නිසා මිනිසුන්ට ජිවිත අහිමි වීම් හා රෝහල් ගත කිරීම් බහුලව අසන්නට දකින්නට ලැබුණි.ඩෙංගු මැලේරියාව බරවා වැනි රෝග මදුරුවන් මගින් බෝ වීම සිදු මැලේරියාව බරවා වැනි රෝග මදුරුවන් මගින් බෝ වීම සිදු වේ.ක්ෂය රෝගයද බහුල රෝගයක් වන අතරම නිසි ප්‍රතිකාරකම මගින් සුව කරගැනීමේ හැකියාවක් පවතී.HIVවෛරසය ද ප්‍රධාන බෝවන රෝගයකි.අනාරක්ෂිත ලිංගික සබදතා මගින්,ආසාධිත මවකගෙන් දරුවාට (මවුකුස තුලදී,දරු ප්‍රසුතියේදී මවු කිරිවලින්)ආසාදිතයෙකුගේ රුධිරයෙන් දුෂිත ජීවානුහරණය නොකරන ලද සිරින්ජර්,ශල්‍යඋපකරණ ආදියෙන් මෙම රෝගයන් වැළදීම සිදු වේ.
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමක් සිදු නොව රෝග බෝ නොවන රෝග ලෙස හැදින්වේ.අධි රුධිර පීඩනය අවදානම් සහිත බෝ නොවන රෝගයකි.හෘද රෝග හෘද පේශියකට රුධිරය සපයන කිරීටක ධමනිය සිහින් වීම නිසා හෝ ඒ තුල රුධිර කැටියක් සිර වීම නිසා හෘද රෝග ඇති වේ.තීරණ ගැනීම,ගැටළු විසදීම,වැනි ජිවන නිපුණතා ප්‍රගුණ නොකිරීම නිසා ජිවිතයේ අභියෝගවලදී මානසික පිඩා තත්වයන් දරා ගැනීමට නොහැකිව මානසික රෝග ඇති වේ.





රෝග යනු ප්‍රධාන සමාජීය සෞඛ්‍ය ගැටලුවක් ලෙස හැදින් වීමට පුළුවන.ක්‍රියාශීලි බව අඩු වීම ආයුෂ අඩු වීම,අබාධිත වීම,ක්‍රියාශීලි බව අඩු වීම,ආයුෂ අඩු වීම,මානසික අසහනය,අධ්‍යාපනය,ආර්ථික පරිහානිය ආදිය රෝග වලින් සමාජයට වන අහිතකර බලපෑම් වේ.සෞඛ්‍යමය වියදම් වැඩිවීම නිසා හා ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව අඩු වීම නිසා රටේ සංවර්ධනයට ද රෝග බලපෑම් ඇති කරයි.

3.මත්ද්‍රවය හා දුම්වැටි
මත්ද්‍රව්‍ය හා දුම්වැටි ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවකි.හෘද රෝග,ශ්වසන ආබාධ,පිළිකා ආදී රෝග ඇති වීම,සොරකම්,ගැටුම් වැනි සමාජ විරෝදී ක්‍රියා සිදු වීම,පවුල් සම්බන්දතා දුරස් වීම,සංස්කෘතිකමය ගැටළු ඇති වීම,මානසික හා ශාරිරික විකෘතිතා ඇති වීම,දුම්වැටි මත්ද්‍රව්‍ය හේතුවෙන් සෘජු ව හෝ වක්‍රාකාරව සිදුවන ගැටළු වේ.දුම්වැටි මගින් වාතයට මුදාහරින අහිතකර දුම ආඝ්‍රහණය කරන අවට සිටින අනෙක් අයට ද රෝග ඇති වේ.විශේෂයෙන්ම ගර්භණි කාලයේදී දරු ගැබටද ඒ මගින් හානි සිදුවිය හැකිය.
නුතනයේ ශ්‍රී ලංකාවේ  වැඩිහිටි තරුණ බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය,දුම්වැටි භාවිතයට හුරු වී ඇත.මේවා භාවිතය නිසාවෙන් පුද්ගයාට මෙන්ම අනෙක් පුද්ගලයන්ට ද හානි සිදු වී ඇත.පවුල් සම්බන්දතා පැවැත්වීමේදී ගර්භනී බිරිදක් නම් ඇයට ඒවා ආග්‍රහණය වීමෙන් දරුවාටත් ඇයට සිදු වන්නේ හානියකි.නුතනයේ විවිධ දුර්වලතා හා ආබාධ සහිත  ළමයින් බිහි වන්නේ මේ නිසාවෙනි.මෙවැනි දුම්වැටි මත්ද්‍රව්‍ය පානය නිසාවෙන් පිළිකා හෘද රෝග ඇති වීම සිදු වන අතර අකාලයේ තරුණ ජිවිත අහිමිවීම් නුතනයේ සෞඛ්‍ය අර්බුද බවට පත් වී ඇත.

4.අනතුරු හා ආපදා

සමාජය තුල දී විවිධ අනතුරු හා ආපදාවලට මුහුණ දීමට සිදුවී ඇත.අනතුරු හෝ ආපදා ඕනෑම අවස්ථාවක ඔනෑම තැනකදී සිදු වීමට ඉඩ ඇත.ගෙවත්තේ සිදුවන අනතුරු,මහා මාර්ගයේදී සිදුවන අනතුරු,සතුන් මගින් සිදුවන අනතුරු,ආදී ලෙස විවිධ අනතුරු වර්ග කල හැක.ගංවතුර,නියග,නායයෑම්,සුනාමි,යුද්ධ ආදී විවිධ ආපදා සමාජය තුල ඇති වේ.අනතුරු හා ආපදා නිසා රෝගාබාධ,මානසික පිඩා,දේපල හානි,පරිසර දුෂණය,මෙන්ම ජිවිතහානි ද සිදු වේ.වර්තාමානයේ කාලගුණ වෙනස් වීම නිසාවෙන් ආපදා සිඝ්‍රයෙන් පැතිර යයි.පරිසර දුෂණය මෙහි ප්‍රභල හේතුවකි.මෙම ආපදා තත්ත්ව නිසාවෙන් රෝග පැතිරීම,ජිවිත හානි සිදු වීම,අවතැන් වීම,තුවාල සිදු වීම,කම්පන තත්වයන් ඇති වීම මානසික පිඩා ඇති වීම  වැනි ගැටළු නුතනයේ පැනනැගී ඇත.
වර්තමාන ලංකාවේ මාධ්‍ය මගින් වාර්තාවන කුඩා දරුවන් සම්බන්ධයෙන් සිදුවන අනතුරු තාප්ප කඩන වැටීම නිසාවෙන්,විදුලි සැර වැදීමෙන්,සතුන්ගෙන් සිදුවූ අනතුරු විශේෂයෙන්ම අලි මිනිස් ගැටුම් හා සම්බන්ධ අනතූරු කුඩා දරුවන් මෙන්ම වැඩිහිටි ජනයාද ගොදුරු වී ඇත.දිනපතා ඇසෙන මාර්ග අනතුරු නිසා වෙන් දිනකට බොහෝ පිරිසක් රෝහල් ගතවීම් සිදුවන අතරම මරණ වර්තාවීම්  ද ඒ අතර වේ.මෙම අනතුරු නිසාවෙන් අබාධිත තත්වයට පත් වීම ද  සිදුවී ඇත.

 5.අපචාර හා අපයෝජන

සමාජයේ සමාජයේ සිදුවන හිරිහැරදායි ක්‍රියාකලාපයන් අපචාර ලෙස හැදින්වේ.පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු සමාජ විරෝධී ක්‍රියා සදහා පොළබවා ගනු ලැබීම අපයෝජනය ලෙස හැදින්වේ.ලිංගික අපචාර,බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම,අසභ්‍ය වචනයෙන් බැන වැදීම,ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් හිංසා පැමිණවීම උදාහරණ වේ.අපචාර අපයෝජනය හේතුවෙන් රෝගාබාධ,මානසික පීඩා,ලිංගික සම්ප්‍රේක්ෂණ වන රෝග,අනවශ්‍ය ගැබ් ගැනීම්,ජිවිත හානි වැනි අහිතකර ප්‍රතිඵල ඇති වේ. ලිංගික වශයෙන් කුඩා දැරියන් අපයෝජන ලක්කිරීම් නුතනයේ බහුලව දක්නට ලැබේ.බාල වයස්කාර දරුවන් සේවයේ නිරත කරවීම,බැලමෙහෙවරකම් කිරීම හා ඔවුන්ට දඩුවම් කිරීම,බැන වැදීම් වර්තමානයේ සෞඛ්‍ය ගැටළු පැන නැගීමට හේතු කාරනා වී ඇත.අඩු වයසින් දැරියන් ගැබ් ගැනීම,මානසික පිඩාවලට ලක්වීම්,අපහස මැද දරාගැනීමට නොහැකිව ජිවිත හානි සිදු කරගැනීම සමාජයේ බහුලව සිදු වේ.මෙම අපචාර නිසාවෙන් ලිංගික රෝග ඒඩ්ස්(HIV වෛරසය ) වැනි රෝග සමාජගත වීම සිදුවේ.



6.නව තාක්ෂණික අයහපත් බලපෑම
1.      මිනිස් ශ්‍රමය වෙනුවෙන් යන්ත්‍ර මගින් බොහෝ කටයුතු සිදු කිරීම නිසා රැකියා හිගය
2.      අන්තර් පුද්ගල සබදතා අඩු වීමෙන් සමාජයේ  තනි වීම.
3.      යන්ත්‍ර සුත්‍ර භාවිතයට යොමු වීම නිසා බෝ නොවන රෝග  ඇති වීමේ අවධානම වැඩි වීම.
4.      ජංගම දුරකතන හා සමාජ වෙබ් අඩවි භාවිතයේ සිමා හදුනා ගැනීමට නොහැකිව දරුවන් නොමගට යොමු වීම සහ ඒ හරහා අපයෝජනයට ලක් වීම.නුතනයේ මෙම සාධක නිසාවෙන්  සෞඛ්‍ය ගැටළු බහුලව හේතු කාරණා වී ඇත.

 තිලිණි වාසනා ජයමිණි

No comments:

Post a Comment

post 2