Monday, May 20, 2019

සන්නිවේදන නිර්වචන

 
සන්නිවේදන නිර්වචන

1.       යම් කිසිවෙක් යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යමෙකුට කිසියම් අර්ථයක් සදහා ඉදිරිපත් කිරීම සන්නිවේදනයයි.
                                                                                හැරල්ඩ්. ඩි.ලස්වෙල්

2.       තොරතුරුගැබ් වූ සංකේතයක් කරණ කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චින්තනයක් ඇති කිරීම සන්නිවේදනයයි.
                                                                                      විල්බර් ශ්‍රාම්

3.       පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ සතෙකුගෙන් සතෙකුට හෝ ස්ථානයකින් ස්ථානයකට තොරතුරු ගලා යෑමයි.
                                                                            කෝලියර්ගේ විශ්වකෝෂය

4.       සන්නිවේදනය යනු ජීවියෙකු විසින් යම් කිසි උත්තේජනයකට දක්වනු ලබන ප්‍රතිචාරයයි.
                                                                                      ස්ටීවන්ස්

5.       සන්නිවේදන යනු මානව සම්බන්ධතා පැවැත්වීමේ හා වර්ධනය වීමේ මාර්ගයයි.සන්නිවේදනයට මනසේ සියලුම සන්කෙත්යන්ද ඒවා අවකාශය තුලින් පතුරුවාලිමේ ක්‍රම ද කාලයට අනුව ඒවා සංරක්ෂණය කිරීමද ඇතුලත් වේ.
                                                                                    චාල්ස් කුලී
 
6.       සන්නිවේදන යනු මුලික වශයෙන් චර්යාත්මක අවස්ථාවන් හා බැදී පවතින්නකි.සන්නිවේදන යනු මුලාශ්‍රයක් මගින් ග්‍රාහකයා හෝ ග්‍රාහකයාගේ චර්යා කෙරෙහි යම් බලපෑමක් කිරීමේ අරමුණෙන් සන්දේශයක් පතුරුවලිමයි.
                                                                                         මිලර්

7.       සන්නිවේදන යනු සිතුවිලි  හෝ අදහස් හුවමාරු කරගැනීමයි.
                                                                                       හොබන්

8.       පණිවිඩ සංදේශ ඔස්සේ සිදුවන අන්තර් ක්‍රියාව සන්නිවේදනයයි.
                                                                                   ජෝර්ජ් ගාබ්නර්

9.       සන්නිවේදනය යනු යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් වෙනත් තැනකදී ඒ ආකාරයෙන් ම ප්‍රතිනිර්මාණය කිරීමයි.
                                                                                    ක්ලෝඩ් ෂනොන්
                                                                                      වොන් විවර්

10.   සන්නිවේදනය යනු අන්‍යෝන්‍ය අවබෝදය ලග කරගනු පිණිස පුද්ගලයින් විසින් තොරතුරු නිර්මාණය හා බෙදාහදා ගැනීමේ ක්‍රියාවලියයි.
                                                                            එවරට්.එම්.රොජර්ස් 
තිලිනි වාසනා ජයමිණි 

2 comments:

post 2