වෙබ් මාධ්‍ය ආචාරධර්ම
පුවත්පත්,ගුවන්විදුලිය,රුපවාහිනී, වැනි ජනමාධ්‍ය
මෙන්ම නව මාධ්‍ය හරහා ඉදිරිපත් කරන සංදේශ සදහා ග්‍රාහකයින් දක්වන ප්‍රතිචාර
විවිධාකාර වේ.ඒ අනුව ග්‍රාහකයින්
·
වයස්මට්ට්ම
·
සංස්කෘතිය
·
අධ්‍යාපනය
·
ස්ත්‍රී පුරුෂ සමාජභාවය
·
රස වින්දනයේ ස්භාවය
·
දැනුම අවබෝධය
·
විචාරශිලිත්වය
ආදී සාධක පදනම් කරගෙන මෙම ග්රාහක විවිධතා ඇති
වේ.ග්රාහකයා විසින් මාධ්‍ය සන්දේශයක් සම්බන්දයෙන් කටයුතු කිරීමේදී සක්‍රිය හා
නිෂ්ක්‍රීය ග්රාහකයකු ලෙස කටයුතු කරයි.සක්‍රිය ග්රාහකයා මාධ්‍ය සංදේශයවල යහපත
අයහපත් බලපෑම් පිලිබදව මනා අවබෝදයකින් යුතුව කටයුතු කරයි.එමෙන්ම මාධ්‍යයෙන්
හදුන්වාදෙන සංදේශ තමන්ගේ අවශ්‍යතා අනුව තෝරාබේරා ගනිමින් පරිහරණය කිරීමේ හැකියාව
ඔවුනට ඇත්තේය.මාධ්‍ය සංදේශයන් කිසිදු විචාරයකින් තොරව භාරගැනීමට නිෂ්ක්‍රිය ග්රාහක
පෙළබේ.සමාජයේ බහුතර ජන පිරිස මාධ්‍යයෙන් ගෙන එන වැඩසටහන්,ලිපි,නොයෙක් සන්දෙශ්වලට
අනුව තම දෛනික කටයුතු හැඩගස්වා ගැනීම සිදු කරයි. නුතනයේ මාධ්‍ය භාවිතය ඉහල අගයක්
ගැනීමත් නිසාවෙන් ග්රහකයාහට විශාල බලපෑමක් මාධ්‍ය මගින් සිදු කරයි.සමාජානුයෝජනය
කාර්ය වර්තමානයේ සිදුවන්නේ ජන මාධ්‍ය හා නව මාධ්‍ය හරහාය.ව්‍යාපාරික හා තරගකාරිත්වය
මුලික කරගනිමින් මාධ්‍යය කටයුතු කරන නිසාවෙන් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයන් ඒ ඒ මාධ්‍ය
සදහා හදුන්වා දී ඇත. මෙවැනි ආචාරධර්ම සංග්‍රහයක්
නුතනයේ වෙබ් මාධ්‍ය සදහා ද නිර්මාණය වී
ඇත.
වෙබ් මාධ්‍ය ඔස්සේ ඕනෑම අයෙකුට ඕනෑම අදහසක්
පැවසිය හැකිය.එම නිසාවෙන් සමාජයේ ඇතිවන ව්‍යාකූල තත්ත්වය පාලනය සදහා වෙබ් මාධ්‍ය
පාලනය කලයුතු නිසාවෙන් ස්වයං නියාමන
මණ්ඩලයක් හෝ රජය මැදිහත් වීමක් අවශ්‍ය වී තිබේ.ඒ සදහා වෙබ් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයක් වර්තමානයේ
හදුන්වා දීම ඉතා වැදගත් තීරණයකි.මෙය facebook,twitter,viber වැනි සමාජ ජාලා
වෙබ්අඩවි මෙන්ම පුවත්පත් සදහා වන වෙබ්අඩවි මෙම ආචාරධර්ම පද්ධතියට අදාළ වේ.
වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයේ කාර්යභාරය
මහජනතාව වෙනුවෙන් සත්‍ය නිරාවරණය කිරීම සහ තමන් වටා ගොඩනැගෙන්නා වූ සිදුවීම්
පිලිබදව,අදාල සිදුවීම්වලින් ඔහුට/ඇයට ඇතිවිය හැකි බලපෑම් පිලිබදව සහ ගුණාත්මක ජිවන
පැවැත්මක සාමුහික සන්දර්භය වන ඔහු/ඇය ජිවත්වන සමාජයට එවැනි සිදුවීම්වලින් ඇති
වියහැකි බලපෑම පිලිබදව සැබෑ තොරතුරු
දැනගැනීම පිණිස මහජනතාවට අවකාශය සැලසීම යන්න උපකල්පනය කර ඇත. වෙබ් මාධ්‍ය හරහා
වාර්තා කරන තොරතුරු මෙම ආචාරධර්ම යටතේ යම් පාලනයකට ලක් කර ඇත්තේය.එය මාධ්‍යයේ
පැවැත්මට සේම සමාජයේ පැවැත්මටද එකසේ වැදගත් වන්නේය.වෙබ්මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය
- 1. ප්රවෘත්ති සහ තොරතුරු එක්රැස් කිරීම
- 2. දෝෂ,අඩුපාඩුකම් සහ නිවැරදි කිරීම්
- 3. විශ්වාසනීයත්වය
- 4. වාර්තාකරණයෙහි සමාජ වගවීම
- 5. පුද්ගල හා පුද්ගලික රහස්‍යභාවය
- 6. වෙබ් මාධ්‍ය ආශ්රිත පුද්ගලයන්ගේ චර්යාව
- 7. මහජන අභිලාෂයෙන් ආරක්ෂාකර පවත්වාගෙන යාම,
ආදී වූ
කාරණා සැලකිල්ලට ගෙන මෙම ආචාර ධර්ම සකස් කර ඇත්තේය.
නුතනයේ මෙවැනි ආචාරධර්ම සංග්‍රහයක් ගොඩනැගීම සදහා
හේතුසාධක වී ඇත්තේ ද සිමාවකින් තොරව මෙම වෙබ් මාධ්‍ය හරහා තොරතුරු ග්රාහකගත
කිරීමයි.නුතනයේ බොහෝ වෙබ් අඩවි හරහා පලකරන තොරතුරු මගින් ආචාර ධර්ම උල්ලංඝනය වන
අවස්ථාද දක්නට ලැබේ.ඉහත සදහන් කරන ආකාරයට සංදේශ ග්රාහකගත වීමේදී විවිධ අර්බුද
පුද්ගලයා තුල මෙන්ම සමාජය තුලද ඇතිවේ.එවැනි ආචාරධර්ම හා විරෝධී ලෙස පලකරන ලද සිදුවීමක් පහතින් විස්තර
කර ඇත්තේය.
www.gossiplankahotnews.com වෙබ්අඩවිය යාපනයේ පුන්කඩතිව් පදිංචි වින්ද්‍යා සිසුවියගේ
ඝාතනය හා සම්බන්ද නිරුවත් රුව ඇතුලත් ජායාරුප වෙබ්අඩවිය හරහා පල කිරීම.
මෑත කාලීනව බහුලව අසන්නට දකින්නට ලැබෙන කුඩා වයසේ හා පාසල් යන වයසේ දැරිවියන් ඝාතනය කිරීම් මාධ්‍ය
හරහා ප්‍රභල මාතෘකාවක් ලෙස වාර්තා විය .2017 වර්ෂයේ යාපනයේ පාසල් දැරිවියක දුෂණය කර ඝාතනය
කිරීමේ සිදු වීම සේයා කුඩා දැරිවියගේ ඝාතනයේ උණුසුම යාමටත් පෙර මාධ්‍ය හරහා සමාජයට
සම්පේ‍්‍රෂණ කරන ලදී.වයස අවු: 18
ක් වූ යාපනයේ පුන්කුඩතිව් පදිංචි සිවලෝගනාදන් වින්ද්‍යා
නම් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ දැරිය මෙලෙස දුෂණය කර ඝාතනය කරන ලදී.ඇයගේ මව විසින් කලකට පෙර
පුද්ගලයින් තිදෙනෙකු එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිදුවීමක් මෙම ඝාතනයට හේතු
සාධක වී ඇති බව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කරන ලදී.පළිගැනීමේ චේතනාව පෙරදැරිව සිවු
දෙනෙකු විසින් මැයව දුෂණය කර ඝාතනය කරන ලදී.
ඇයගේ ඝාතනය මාධ්‍යට උණුසුම් පුවතක් විය.මාධ්‍යකරුවා
සැණින් එසැනින් තොරතුරු වාර්තා කිරීමේ පුරෝගාමීයෝ
වෙති.එම මාධ්‍යකරුවා සිය වෘත්තීය
සිදු කිරීමේදී සදාචාරාත්මක විය යුතුය.නමුදු
පුවත්පත්,රුපවාහිනී මෙන්ම විවිධ වෙබ්අඩවි හරහා මෙම ඝාතනය හෙළිදරවු කරන ලද්දේ සැබෑ
මාධ්‍යකරුවෙකු ලෙස නොවන බව පහත ජායාරූපය තුලින් පැහැදිලි වේ.තොරතුරු ග්රාහකගත
කිරීමේදී ඒවා ලිඛිතව,වීඩියෝ පට,මෙන් ම ජායාරූප මගින්ද සම්ප්‍රේෂණය කිරීම සිදුකරයි.පුවත්පත්
හා වෙබ්අඩවි සදහා ජායාරූපය ප්‍රධාන අංගයක්
වේ.මෑතකාලීනව ලසන්ත වික්රමතුන්ගයන්ගේ දරුවන් සිය පියාගේ සිරුර ගොඩගැනෙන විට
ජනමාධ්‍ය විසින් ආවරණය නොකරන ලෙස ඉල්ලා සිට තිබුණි.නමුත් එහි රැස් වූ ජායාරුප ශිල්පින්
ගොඩගැනෙන සිරුර ආවරණය කිරීමට අවශ්‍ය බව තර්ක කරන ලදී.එක ජායාරුප ශිල්පියෙක්
කනත්තෙහි වැටෙහි නැග ජායාරූප ගැනීම සිදු කරන ලදී.මෙවැනි කාරණා හරහා මාධ්‍යයේ සදාචාරය
හා මිනිසත්කම් නොසලකා අනෙකාගේ වේදනාව හැමවිටම තමන්ගේ ජායාරූපය විය යුතු යැයි නුතන
මාධ්‍ය කරුවා සිතයි.gossiplankahotnews.com වෙබ්අඩවිය මගින් ද වින්ද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ද පහත ජායාරූප
දක්වමින් කටයුතු කර ඇත්තේ පටු ආකල්ප
පෙරදැරි කරගනිමිනි.
ලංකාවේ බොහෝ අන්තර්ජාල පාරිභෝගිකයන් විසින් වර්තමානයේ
වෙබ්අඩවි පරිහරණයේ යෙදෙයි.එම වෙබ්අඩවි අතරින් gossip වෙබ්අඩවිය බහුලව ජනතාව
පිවිසෙන වෙබ්අඩවියකි.මෙම ජායාරුපය පලකරන gossiplankahotnews.com වෙබ්අඩවිය මෙම
ජායාරූපය පල කරන්නේ ආචාර ධර්මයන්ට පටහැනිවය.Rape and Murder of a school girl In Pungudutive ශීර්ෂ පාඨය ඇතුලත් විස්තරය රැගත් මෙම ප්‍රවෘත්තිය
පල කරන ලද්දේ ඉහත සදහන් ජායාරූපයත් සමගිනි.
මිනිසා යනු කුතුහලය සහිත සත්ත්වයකි.ඔහුට අලුත් අලුත් දේ දැනගැනීමට සොයාගැනීමට ඇත්තේ
නොඉවසිල්ලකී.නුතන මාධ්‍ය හරහා එම කුතුහලය ආධාරයක් කරගනිමින් මෙවැනි ජායාරූප සහිත
පුවත් වෙබ්අඩවි තුල පල කරනු ලබයි.මෙම දැරිය දුෂණය කරන ලද්දේ අපරාධය හසු වූ
පුද්ගලයින් පමණක් නොව මෙම වෙබ්අඩවිය හරහා ඇයව නැවත නැවත දුෂණයට ලක් කිරීමක් මෙම
ජායාරූපය පල කිරීම මගින් සිදුකර ඇත.ඇයට සිදුවූ අපරාධය දක්වමින් අගේ නිරුවත ප්‍රදර්ශනය
කිරීම යොදා ගත් ජායාරූපයත් ඇයගේ නාමයට දුන් කැළල මෙන්ම ඇගේ දෙමාපියන්ට ගෙනෙන්නේ
ඇතිවූ තුවාලය නැවත නැවත පාරා දැමීමක්ය.සුදු
ඇදුමින් සැරසී සිටි ඇයගේ පිරිසුදු බව අපිරිසිදු කරමින් දක්වන මෙම ජායාරූපය
ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කර ඇත්තේය.ඇගේ නිරුවත් නිසල දේහය මගින් ඇය දුෂණයට ලක්
වූ ආකාරය ඉහත ජායාරූපයේ ඇගේ ඉරියවු මගින්
දර්ශනය වේ. දුෂණය කර ඝාතනයට ලක් වූ වින්ද්‍යා දැරියගේ මව, පියා විසින් ඇයව කුඩා පාසල් සිසුවියක් ලෙස දක්වන ලද ජායරුපයන් දුටුවද ඔවුන් කිසිදිනක තමන්ගේ දියණියගේ නිරුවත් වත
සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය වීම ඔවුනට දරාගැනීමට නොහැකි කරුණකි.මෙම වෙබ්අඩවිය සිදු
කර ඇත්තේ මිනිසත්බව සදාචාරාත්මක බව තඔ
දොයිතුවකටවත් නොසලකා හරිමින් ජායාරූපය පල කිරීමය.වෙබ් මාධ්‍ය ආචාර ධර්ම යටතේ
සුවිශේෂී ලෙස දක්වා ඇත්තේ සංවේදීතාවය හා රහස්යත්වය ආරක්ෂා කිරිමයි.නමුදු මෙම
ජායාරූපය තුල සංවේදීතාවත් රහස්යත්වයත් ආරක්ෂා වී නොමැත.
යම් තොරතුරක් ලබා ගැනීමේදී විශ්වාසනීයත්වය වඩා
වැදගත් වන්නේය.මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කිරීමේදී විශේෂයෙන් යම් ඝාතන
සිදුවීම් වෙබ්අඩවි හරහා පල කිරීමේදී ආදාළ
තොරතුරු ලබා දෙන්නා හට විශ්වාසයක් ඇති වන ලෙස ලබා දුන් තොරතුරු පමණක් පල කිරීම
සිදුකල යුතුය. දැරිවියගේ නිරුවත් වත මෙම වෙබ්අඩවිය හරහා අතිශයෝක්තියක් ඇති කරවන අන්දමින් පල කිරීම මගින්
තොරතුරු මුලාශ්රයේ විශ්වාසවන්ත බව පළුදු වී ඇත. එය ආචාර ධර්ම යටතේ 04 වැනි
වගන්තිය කඩකිරීමකි.
මැය පාසල් සිසුවියකි.ඇයට සිදු වූ ශාරීරික වද හිංසනයේ
ජායාරූප මෙම වෙබ්අඩවිය හරහා ප්‍රදර්ශනය
කිරීමෙන් වෙබ් මාධ්‍ය ආචාර ධර්ම යටතේ 5 (1)
අනු වගන්තිය කඩ කිරීමක් සිදුකර ඇත. “දාමරික ක්‍රියාකාරකම්,ප්‍රචණ්ඩක්‍රියා,මත්ද්‍රවය
සම්බන්ද වැරදි,පරපිඩාකාම ක්‍රියාවන්,කාමය මුල්කරගත් දාමරිකකම්,ව්‍යභිචාරයන්,ළමා
අපචාර සහ ළමයින්ට අශ්ලීලකම් පෑම වැනි සමාජය තුල ප්‍රකම්පනයන් ජනිත කල හැකි,හැගීම්
අතින් වේදනාකාරී හෝ එවැනි සිද්ධියකට ගොදුරු වූ කිසියම් හෝ පුද්ගලයකුගේ රහස්‍යභාවයට
හානියක් විය හැකි අවස්තාවක තොරතුරු වාර්තා කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වියයුතු
යුතුය.එවැනි සිදුවීමක් ආශ්‍රිතව වාර්තාකරණයේ වගකීම ජනතාව වෙත ඉටුවිය යුත්තේ කරුණු
හෝ මත පළකිරීම් ,ජායාරූප පළකිරීම,සහ රුපසටහන් ආදිය පළකිරීම උචිත සංවේදිතාවන් සහ
රහස්යත්වය නඩත්තුවන පරිද්දෙනි.”ජායාරූපය තුල ඇගේ අත් ගැටගසා ඇති ආකාරය ශරීරික
වශයෙන් ඇයට සිදුකරන ලද අමානුෂික වද හිංසනය ඉස්මතුව පෙනෙන්නේය. මෙම වින්ද්‍යා සිසුවියගේ නිරුවත් ජායාරූපය නරඔන ග්රහකයා ඇයට සිදු වූ ඛේදනීය සිදුවීම දැක ඔවුන්ගේ සාමාන්‍ය
හෘද ස්පන්දනය අසාමාන්‍ය අයුරින් ගැහෙන්න වීම නොවුනුමානය. සිත තුල ඇතිවන කම්පනය මෙන්ම මෙය වැඩිහිටියෙකු නැරබුවෙන්ම් නම් තමන්ගේ
දියණියන්ගේ ජීවිතය පිලිබදව තරුණයින් තමන්ගේ සහෝදරියන් පිළිබඳව ඇතිවන බිය සැකය වඩාත වර්ධනය වේ.මෙම ජායාරූපය දකිනා තවත්
පිරිසකට මෙය කාමුක හැගීම් අවුස්සසන මාර්ගෝපදේශයකි.මාධ්‍යය මෙවැනි ඝාතන මහජනතාව හට හෙළිදරවු
කිරීමේදී ඔවුන්ගේ සංවේදීතාව හා
විචාරශිලිත්වය පිලිබදව සැලකිලිමත් වීම වැදගත් වේ.වර්තමානයේ වෙළදපොළ අභිමතාර්ථ
නිසාවෙන් මෙම ආචාරධර්ම ඉටුකිරීමට උනන්දුවක් අදාළ වෙබ් අඩවියේ සංස්කාරකවරුන්ටත්,ප්රකාශකවරුන්ටත්,පරිපාලකවරුන්ටත්
නොමැති බව පැහැදිලිය.
5.2.1 වගන්තිය
මගින් පැහැදිලි කරන යම් අයෙකුගේ ලිංගික අනන්‍යතාවය සම්බන්දයෙන් වාර්තාකරණ ප්‍රවෘත්තියට
හෝ විශේෂාංගයකට අදාළ වන අවස්ථාවක හැර අන් කිසිදු ආකාරයකට සදහන් නොකළ යුතුය.ඝාතනය
වී ඇත්තේ පාසල් දැරිවියකි. පාසල් යන දරුවෙකු හට සිදු වූ මෙම ඛේදනීය සිදු වීම ඇගේ
ලිංගික අනන්‍යතාවයට හානි කරමින් මෙම වෙබ්අඩවිය මගින් ප්‍රදර්ශනය කිරීම වෙබ්
ආචාරධර්මයන්ට පටහැනි වූ කරුණකි.නිරුවත් වූ ශරීරය කොටස් ජායාරූපය හරහා පල කිරිම
මගින් වෙබ්අඩවියේ වාර්තාකරණයයේ අවිධිමත් බව පැහැදිලි වේ. වින්ද්‍යා දැරිවියගේ නිරුවත් සිරුර වෙබ්අඩවිය
ඔස්සේ ප්‍රදර්ශනය කිරීමෙන් ඇයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.ඇයගේ
දෙමාපියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.වෙබ්මාධ්‍ය ආචාරධර්ම යටතේ 8 වන වගන්තියේ
මහජන අභිලාෂයන් ආරක්ෂාකර පවත්වාගෙන යාම වැදගත්බව පෙන්වා දී ඇත.ඇයගේ පෞද්ගලිකත්වයට
හානි කෙරෙන මෙම ජායාරූපය මගින් වින්ද්‍යා දැරිවියගේ නාමයට එකතු වුයේ කළු පැල්ලමකි.
ආචාරධර්ම යටතේ 6 වන වගන්තියේ “යම්
පුද්ගලයෙකුගේ රහස්‍යභාවය කිසිදු හෝ ආකාරයේ හානිවන ආකාරයේ පාඨ,දෘශ්‍ය මාධ්‍ය,සහ රූප
සටහන් ආදිය භාවිත නොවිය යුතය.”මෙහි
ළමයින් හා බාලවයස්කරුවන් සම්බන්දයෙන් විශේෂ අවධානයක් ලබා දී ඇත.වින්ද්‍යා
දැරිවියගේ ශරීරය වෙබ් අඩවිය හරහා ප්‍රදර්ශනය
කිරීමෙන් අගේ රහස්යත්වයට හානි කිරීමක් සිදුකර ඇත.ඇයගේ සිරුර සමාජයක් ඉදිරියේ ප්‍රදර්ශනය
කරමින් මාධ්‍යකරුවා සිය වෘත්තීය ගරුත්වය නොසලකා හැරීමක් සිදුකර ඇත.වින්ද්‍යා
දැරිවියගේ ගරුත්වයට හානි කිරීමක් මෙම ජායාරූපය පළකිරීම මගින් සිදු වී ඇත.
මෙම දැරිය ඝාතනය කරන ලද පිරිස එල්ලා මරන්න මිසක
සමාජයේ කිසිවිටක ඇයට විරුද්ධව හඩ නැගුවේ නැත.දෙමළ දැරිවියක් නිසාවෙන් පසුගිය යුද්ධ
සමය පසෙකලා ඇයට සිදු වූ සිදු වීම සිංහල
දෙමල ජනයා එකලෙස කම්පාවට ශෝකයට පත් විය.මිට පෙරද මෙවැනි සිදුවීම් සියදහස් ගණනක්
මාධ්‍යය මගින් අනාවරණය කර ඇතිමුත් මෙම සිදුවීම මගින් ලබා දෙන්නට වූ අසාමාන්‍ය ප්‍රචාරය
ජාතික ආරවුල් ඇති වීමට හේතුසාධක විය හැකිය.ඉහත ජායාරූපය දේශපාලනික සංස්කෘතික
ආරවුල් ඇති කිරීමට කාරණා විය හැකිය.ආචාරධර්ම මගින් දැඩි ලෙස මෙම ජාතික ආරවුල්
පිළබදව අවධානය යොමු කර ඇත.වෙබ්අඩවිය මගින් පලකරන කිසිදු තොරතුරුක් ප්රජාතන්ත්රවාදයට,යහපාලනයට,වාර්ගික
හා ආගමික සහජීවනය,සාමය හා පරිසරයට හානියක් වන අන්දමේ තොරතුරු නොවිය යුතුය යන්න
වෙබ් ආචාරධර්ම සංග්‍රහයේ සදහන් කර තිබේ.
මෙම ජායාරූපය වෙබ්අඩවිය තුල පල කිරීමෙන් පෙනී
යන්නේ වෙබ් මාධ්‍ය ආචාරධර්ම කඩ වීමක් සිදු වී ඇති බවයි.
Hoda vadagath lipiyak
ReplyDeleteHodai thnz
ReplyDelete