කිරිදිවැල මාලිගාවත්ත කැලබ වූ කසල අර්බුදය
පෘතුවි වාසීන් වන අපට පරිසරය නුහුරු නුපුරුදු
වචනයක් නොවේ.මහා සාගරයක් වටකොටගත් කුඩා භූමියක් වූ ලංකාව පරිසරය යැයි කියා පෑමට
කදිම නිදර්ශනයකි.සොබා දහමේ මව විසින්
දායාද කල පාරාදීසයක් බදු භූමියක ඉපදීමට
වරම් ලද අපි භාග්‍යවන්තයෝ වෙමු.
ජීවී
අජීවීන් සහිත වටපිටාව පරිසරය යන්න
සරල අර්ථකතනයයි.එකී අදහසින් එහාට
ගොස් පරිසරය නිර්වචනය කිරීමේදී පරිසරය
යනු අප අවට ඇති ජීවී අජීවී ද්‍රව්‍ය වල එකතුවක් පමණක් ම නොවේ.පරිසරය පුද්ගලයන් හා ජිව පදාර්ථ වටා ඇති,එම පුද්ගලයන් හා ජීවී පදාර්ථවල හැඩය සහ
පැවැත්මේ ස්භාවය තීරණය කරන සංකිර්ණ භාවුතික,භූගෝලීය,සාමජිය,සංස්කෘතිය හා දේශපාලන
තත්ත්ව වල එකතුවක් ලෙස විග්‍රහ කල හැක.
මිනිසා පරිසරයේ කොටසක් ලෙස හදුන්වන අතර ඔහු
පරිසරය සමග ප්‍රතිචාර දක්වයි.මිනිසා පරිසරයට කාරුණික වන තරමට මිනිසාට මානුෂික වශයෙන්
යහපත් ජිවිතයක් ගොඩනගා ගත හැකිය.මිනිසා හා පරිසරය අතර ගොඩ නැගී ඇති දැඩි සබදතාව
නිසාවෙන් මිනිස් කටයුතු පරිසරය වෙනස් කිරීම සදහා හේතු සාධක වී ඇත.කිසියම්
පාරිසරික ස්භාවයක් වෙනස් කරන ද්‍රවයක් හෝ ක්‍රියාවලියක් හෝ යම් පරිසරයටකට එකතු කිරීම මගින් පරිසර දුෂණය සිදු
වේ.මිනිසාගේ ජීවන් තත්ත්වයේ ගුණාත්මක බව සෑම විටම පරිසරයේ ගුණාත්මක බව හා බැදී
පවතී.එම නිසා මිනිසා සිය පැවැත්ම සදහා පරිසරය ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.
ජනගහන
වර්ධනය ,පරිසර සම්පත් අධික ලෙස පරිභෝජනය,පරිසරයට එරෙහි සංවර්ධන,සහ පවතින සම්පත්
කළමනාකරණය පිළිබද විධිමත් සැලසුම් නොමැති
වීම හේතුවෙන් ගෝලීය පරිසරය සීග්‍රයෙන්
දුෂණය වීම හා හායනයට පත් වීම සිදු වී ඇත. ලංකාවේ වර්තමානයේ මෙම පාරිසරික අර්බුධ බහුලව සිදු වෙමින් පවතී..මේ තත්ත්වය හේතුවෙන් ඇතිවන පාරිසරික
අර්බුධ හමුවේ මිනිසාට ජිවත් වීමට නු
සුදුසු වටපිටාවක් සහ පුනර්ජනනය කල නොහැකි
මිල කල නොහැකි වටිනා පරිසර සම්පත් විනාශයට ලක් වේ.
ගෝලීය
උෂ්ණත්වය ඉහල යාම,වනානතර විනාශවීම,ජෛව
විවිධත්වයයට හානි ගෙන ඒම,දේශගුණික රටා වෙනස් වීම,වර්ෂාපතන රටා වෙනස් වීම,වායු දුෂණය,ජල
දුෂණය,ඕසොන් ස්ථරය ක්ෂය වීම යන එකිනෙකට බද්ධ වූ පාරිසරික ගැටළු මෙන්ම මේ සාදක හේතු
කරගනිමින් ඇතිවන නියග ,ගංවතුර ආදී
පාරිසරික තත්ත්වයන් හේතුකොට ගෙන මිනිසාට මුහුණ දීමට සිදුවී ඇති සමාජ ආර්ථික
පරිසරික හානි ඉහල යමින් පවතී.අතීතයේ පරිසර පද්ධති ස්වයං නියාමන සහ ස්වයංකලමනාකරණයකට ලක් කර තිබුනද වර්තමානයේ
එම ජනගහන වර්ධනයත් පරිසර සම්පත් අධික ලෙස පරිබෝජනයත් ආදී සාදක හේතුකොට ගෙන
ස්භාවික පරිසර පද්ධති සියල්ල ස්වයංනියාමනය හා ස්වයංකලමනාකරණය මිදී ගොස් ඇත.
මේ
වසර ලංකාවේ ගංවතුර
,නායයෑම්,මෙන්ම මීතොටමුල්ල කුනුකන්ද කඩා වැටීම හේතුවෙන් විශාල දේපල හානි මිනිස්
ජිවිත අහිමි වීම් වාර්තාගත වුන වර්ෂයක් විය.
ලංකාවේ මෑතකාලීන වාර්තා වන උමා ඔය ජලවියාපෘතිය ආශ්‍රිත ගැටලුව,විල්පත්තුව
ජාතික වනෝද්‍යානය විනාශය,ගල්ගමුවේ දළඇතාගේ මරණය හේතුවෙන් පාරිසරක
අර්බුධ මෙන්ම සමාජ අර්බුද රැසක් උද්ගතවී ඇත. වර්තමානයේ ලංකාවේ ප්‍රධාන පරිසර ගැටළු ඉහත දැක්කුවද ප්‍රාදේශීය වශයෙන්
ලංකාවේ විවිධ ප්‍රදේශවල පරිසර ගැටළු,පරිසර විනාශවීම කොතෙකුත් දැකගත හැකිය.එයට ප්‍රධාන
හේතුව කුණු කසල පිළිබද ගොඩනැගී ඇති ගැටලුවය
.
ශ්‍රී
ලංකාවේ දිනකට ජනනයවන මුළු කසල ප්‍රමාණය දල වශයෙන් මෙට්‍රික් ටොන් 7500 ක් පමණ වන
අතර පළාත් පාලන ආයතන වලින් මෙට්‍රික් ටොන් 3500 පමණ එකතු කෙරේ.ලංකාවේ මෙම කුණුකසල
ගැටලුව ප්‍රධාන පාරිසරික ගැටළු අතරින්
එකකි.මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් ඩෙංගු උවදුරේ වියාප්තියත් සමග වැඩි වශයෙන් සමාජයේ කතාකරන මාතෘකාවක්
වුයේ අක්‍රමවත් කුණු කසල බැහැර කිරීමයි.
කොලබ මහනගර සිමාවේ එක පුද්ගලයෙකු උද්පාදනය කරනු ලබන අපද්‍රවය ප්‍රමානය0.8 kg අනෙක් මහා
නගර සභාවල එම අගය 0.75kgකි .නගර සභාවල එම අගය 0.6 kg වන අතර
ප්‍රදේශීය සභා වල 0.4 kg කි.
මෙහිදී ශ්‍රී ලංකාවේ අපද්‍රවය බැහැර කිරීමේදී
බහුලව දක්නට ලැබෙන්නේ විවෘත කසල බිම්ය.භෝ විට එම ස්ථාන මිනිස් වාසස්ථානවලට ආසන්න
වීම නිසාත් පරිසරික ගැටළු ඇති වී තිබේ.එනමුත් ලංකාවේ එකතු කරන කසල වලින් 85% විවෘත
ස්ථාන වල මුදා හරන බව පැහැදිලිය.මේ නිසාවෙන් සුදුසු බිම් සොයා ගැනීම පිලිබදව බරපතල
ගැටලුවකට මුහුණ දීමට පළාත් ආණ්ඩුවලට සිදු වී ඇත.බොහෝ අවසාන බහාලන ස්ථාන වලට
විරුධව නීතිමය පියවර ප්‍රදේශවාසින් ගෙන
තිබීමද දක්නට ලැබේ.මෙහිදී කසල ප්‍රමාණය අඩු කිරීමේ වැදගත්කම සහ ඒ සදහා ජනතවගේ
සහයෝගය පිළිබඳව අදහස් ක්‍රියා කලාප මේ සදහා යොමු වී ඇත.මෙයට කදිම නිදර්ශනය
කිරිදිවැල මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවුණ පාරිසරික ගැටලුවයි.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග මිතොටමුල්ල
ජනතාව රජයට එල්ල කල චෝදනාවන්ගෙන්
ගැලවීමට රජය ගත් පියවරක් ලෙස දොම්පේ ආසනයේ කිරිදිවෙල- හංවැල්ල
මාර්ගයේ පිහිටි මාලිගාවත්ත උපාලි ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට කුණු ගෙන්විත් දැමීමට පියවර ගන්නා ලදී. මෙය පිළිබද සොයා බැලීමට මාලිගාවත්ත ගමට පිවිසි අපට ලැබුණු කරුණු පිළිබද
වාර්තා සටහනකි.
මාලිගාවත්ත ප්‍රදේශයේ ඇතුලට පිවිසීමටත් සමග දිස්
වන්නේ වීශාල ගස් සහිත වනානතරයක් බදු වන
වැස්මකි. අප හට එහි සිටින ගම්වැසියෙක් ප්‍රකාශ කර සිටියේ මෙහි රටට ආවේනිකවූ ගස්
බොහෝ ප්‍රමාණයක් ඇති බවයි.කුණු බැහැර
කිරීමට මෙම ගස් විනාශ කිරීමට ක්‍රියා කර ඇති බව ගමට පිවිසි අපට දැක ගැනීමට
හැකිවිය.මෙම ඉඩම් එළිකර කුණු ගෙනවිත් දැමීම පරිසරයට මෙන්ම මිනිසුන්ගේ ජිවිතයට මහත්
ගැටළු ගෙනදෙන්නක් වීය .කැලිකසල ගෙනවිත් දැමීමෙන්
1. කැලිකසල මගින් පිටවන දුර්ගන්ධය.
2. මැසි මදුරුවන්ගේ බෝ වීම.
3. මිනිසුන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වීම
4. පරිසර දුෂණය වීම.
වශයෙන්
ආදී ප්‍රතිපල රාශියක් මේ හේතුවෙන් උද්ගතවිය.
මෙම ක්‍රියා
කලාපය නිසා ජනතාව උද්ඝෝෂණ පවත්වමින් පාරට බැස රජයට විරුද්ධව ක්‍රියා කර අරගල කර කුණු ගෙනවිත් දැමිමට ගත පියවර නවතා
දමන ලදී.
මෙම ප්‍රදේශයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධයස්ථානයක්
පිහිටා තිබීමද වැදගත් කරුණකි.මෙම අපද්‍රවය කළමනාකරණ ආයතනය 2005 ආරම්භ කල අතර ආයතනයේ වැඩකටයුතු අවසකරන ලද්දේ 2014 වසරේ වන අතර 2014
අග ප්‍රථම කසල බැහැරකිරීම සිදු කර ඇත.
මෙම ආයතනයට විරුද්ධව නඩුවක් ගොනු වී ඇති අතර එයට
හේතුව අක්‍රමවත් කුණු බැහැර කිරීමයි.එසේම මෙම ආයතනය ගෙනෙන ටයර් වලින් ද මදුරුවන්ගේ බෝ වීම නිසා ජනතවගේ
චෝදනාද එල්ලවී තිබේ.මෙම ගැටළු සියල්ලටම වර්තමානයේදී පිළියම් ආයතනය මගින් ගෙන ඇති
අතර පිටවන දුර්ගන්දය අවට ප්‍රදේශ වාසින්ට ගැටලුවක් නොවන ආකාරයෙන් ආයතනයේ පිහිටීම හා කසල ගෙනවිත්
දැමීම සිදු කරනු ලබයි. අද වනවිට මේ ආයතනය
විසින් කුණු කසල,අපවිත්‍ර ජලය නිසි ක්‍රමවේදයකට අනුව කලමානකරණ සිදු කරන බව අපට එම
ස්ථානයට පිවිසීමෙන් දක්නට ලැබුණි. ආයතනයට ගෙන එන කුණු කසල නිසි කළමනාකරණයකින් යුක්තව පරිසරයට හිතකර අයුරින් ප්‍රතිචක්‍රීකරණය
කරන ආකාරය වර්තමානයේ දක්නට ලැබෙන සුබ කාරණයක් විය.
කොරියානු රජය විසින්
කරන ලද යෝජනාවකට අනුව කාබන් පටි මගින් ආයතනයට ගෙනෙන ටයර් රදවා පස් භාවිතා කරමින්
ටයර් වසන්න යනවිට වැස්ස ඇදහැලිමත් සමග ටයර්
පෝලිම් පහලට කඩන වැටීම සිදු විය.ඒ හේතුවෙන් මදුරුවෝ බෝ වීම සිදුවිය.ඒ කාලයේ
රජයේ මදුරු තාවන යනුවෙන් මෙම ආයතනය පුවත්පත් හරහා වාර්තා කරන ලදී.
ආයතනයට ගෙනෙන
ටයර් වල ජලය එකතුවී ප්‍රදේශයේ මදුරුවන්
බෝවීම සිදු වුන බවට ජනතවගෙන් චෝදනා
කිරීමත් සමග මෙම ආයතනය විසින් ඒ සදහා ගෙන
ඇති ක්‍රියාමාර්ගයන් රුපසටහනේ දැක්වේ. අපවිත්‍ර ජලය පිරිසුදු කිරීම සදහා මෙම ආයතනය
කීටයන් නැති කිරීමට කෙමිකල් භාවිතා කරමින් පිළියම් යොදා ගැනීම
වර්තමානයේදී සිදු කරනු ලබයි.අක්‍රමවත්
කුණු බැහැර කිරීම නිසාවෙන් ලද චෝදනාව නිසාවෙන් ඔවුන් කුණු බාර ගැනිමේදී යම් නීතිමය
කාරනා අනුගමනය කරමින් දිරන නොදිරන ද්‍රව්‍ය ආයතනයට බාර ගනු ලබයි කුණු කසල මගින්
කොම්පොස් නිරිමාණය කරමින් පරිසරය දුෂණය වීම අවම කිරීමට පියවර ගැනීම සිදු ලරනු
ලබයි.
මෙම ආයතනය මගින් ද ප්‍රදේශයට විවිධ පාරිසරික ගැටළු ඇති වුවද වර්තමානයේදී එම ගැටළු සියල්ල සමතයට පත් කරමින් ක්‍රමවත් වැඩ
පිළිවලක් යටතේ ක්‍රියා කරන බව අපට ඒ ස්ථානයේදී දැක ගැනීමට හැකි විය. මෙම ප්‍රදේශය
ආශ්‍රීතව සිදු වීමට ගිය පාරිසරික විනාශය
සහ සිදු වී ඇති පාරිසරික ගැටලුත්
අවම කරමින් පරිසරයටත් ප්‍රදේශයටත් හානියක් නොවන සුපිරිසිදු වටපිටාවක්
වර්තමානයේදී ගොඩ නැගී ඇත.
තිලිණි වාසනා ජයමිණි
No comments:
Post a Comment