සන්නිවේදනයේ අරමුණු හා කාර්යභාරයන්
සමාජයේ ජිවත් වන ඕනෑම ග්‍රාහකයෙකු කුමන
ස්වරුපයෙන් හෝ මාධ්‍ය සංදේශයන් වලට නතු වීම සිදු වේ.එම සන්දේශය ග්රහකයා හට
සිදුකරන බලපෑම යහපත් මෙන්ම අයහපත් බලපෑම්
ද විය හැකිය.යහපත් බලපෑම් අඛණ්ඩව පවත්වා ගනිමින් අයහපත් බලපෑම් අවම කර ගැනීම සදහා
සන්නිවේදන මාධ්‍ය සම්බන්ධයෙන් හදුන්වා දී ඇති නිර්ණායක සන්නිවේදන අරමුණු වේ.මාධ්‍යය
පොදු සමාජය තුල පුළුල් ලෙස ව්‍යාප්ත වීමත් සමග මාධ්‍යන්ගේ කාර්යභාරය පිලිබදව වැඩි
වශයෙන් විද්වතුන්ගේ සාකච්චාවට බදුන් විය.යුර්ජිත් හාර්ට්ලි සහ රූන් හාර්ටලී යන
සන්නිවේදන විද්වතුන් ප්‍රකාශ කරන්නේ
“කිසියම් සමාජයක ජිවත් වීම සදහා අවට ඇති ලෝකයට
පුද්ගලයෙකුට හුරු වීම සදහාත් සෙසු ජීවිත හා සසදා තම ජීවිතය වඩාත් යහපත් කර ගැනීම
සදහාත් පරිසරයට මැනවින් ගැලපී සිටීමට උපකාර වීම සදහාත් සන්නිවේදනය අත්‍යවශ්‍ය
බවයි.”
චාල්ස් රයිඩ් නමැති විද්වතාගේ අදහස වන්නේ පරස්පර
මතසම්බන්ධතා,සමාජියකරණය,විනෝදාස්වාදය සැපයීම සන්නිවේදනයේ මුලික කාර්යභාරය බවයි.
විල්බර් ශ්රාම් හා හැරල්ඩ් ලස්වෙල් යන සන්නිවේදන
විද්වතුන් විසින් ද ජනමාධ්‍ය කාර්යභාරය විග්රහ කිරීමේදී ඔවුන් පෙන්වා දෙන්නේ
v සමාජ ආරක්ෂකයෙකු ලෙස
v සමාජ මණ්ඩපයෙකු ලෙස
v සමාජ ගුරුවරයෙකු ලෙස
පුළුල් කාර්යභායක් මාධ්‍ය මගින් ඉටුවිය යුතු
බවයි.
ඇල්ෆඩ්. ජේ.ස්මිත් නමැති විද්වතා පෙන්වා දෙන්නේ
කිසියම් සමාජයක ජීවත්වීම සදහා සංස්කෘතිය අරක්ෂා කිරීම සදහාත් සන්නිවේදනය ඉවහල් වන
බවයි.
මෙවැනි විවිධ විද්වතුන් සන්නිවේදන කාර්යභාරය පිලිබදව
විග්රහ කිරීමේදී එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රධාන සන්නිවේදන අරමුණු 04 හදුනාගැනීමට හැකිය.එනම්
1. තොරතුරු සන්නිවේදනය
2. අධ්‍යාපනය ලබාදීම
3. විනෝදාස්වාදය ලබා ගැනීම.
4. පෙලබවීමක් ඇති කිරීම.
තොරතුරු සම්පාදනය
ඔනෑම සන්නිවේදන මාධ්‍යක් විසින් සිය ග්රහකයා හට
තොරතුරු සැපයීම සිදුකරනු ලබයි.සෑම මොහොතකම
ලොව පුරා වාර්තා වන සමාජ දේශපාලන සංස්කෘතික තොරතුරු වඩාත් ඉක්මනින් ග්රාහක
ගත කිරීම ඕනෑම සන්නිවේදන මාධ්‍යක ප්‍රධාන අරමුණ වේ.මෙම තොරතුරු අපක්ෂපාතී,නිවැරදි
නිරවුල්,මධ්‍යස්ථ වීම මාධ්‍ය සන්නිවේදකයාගේ වගකීම විය යුතුය.
අධ්‍යාපනය ලබාදීම
අධ්‍යාපනය ලබාදීම,දැනුම ලබා දීම සදහා වර්තමානයේ
වඩාත් සමීපතමයා බවට මාධ්‍ය පත්ව ඇත.සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඈත් වී මාධ්‍ය
මගින් ලබාදෙන අධ්‍යාපනය වැලද ගැනීම
විධිමත් අධ්‍යාපන ක්‍රමයක් මෙන්ම අවධිමත් අධ්‍යාපන ක්රමයක ප්‍රතිපලයක් වී
ඇත.විවිධ විෂය මාලාවන් ඉලක්ක කරගත් අධ්‍යාපනික වැඩසටහන් විධිමත් අධ්‍යාපනය යටතටත්
වෙනත් විෂය ක්ෂේත්රවල අධ්‍යාපනය ලබා දීම නොවිදිමත් වැඩසටහන් යටතට ගැනේ.
ලෝකයේ ඇතැම් විශ්ව විද්‍යාලවල තම උපාධි පාඨමාලා
අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යනු ලබයි.ජපානය තුල අධ්‍යාපනය ලබා දීම සදහා රුපවාහිනි
වැනි මාධ්‍ය භාවිතා කිරීම.
විනෝදාස්වාදය
හරවත් වූ විනෝදාස්වාදයක් ග්රාහකයාට ලබා දීම මාධ්‍ය සතු කාර්යභාරයකි.උසස්
රසවින්දනයක් ග්රාහක මනසට ලබා දීමෙන් විනෝදය,මානසික සුවය,විවේකය ලබා ගැනීමට හැකි
වේ.කවි.ගීත,ටෙලිනාට්‍ය,චිත්‍රපට ආදී විවිධ ආකෘති ඔස්සේ විනෝදාස්වාදය සම්ප්‍රේෂණය
කරයි.
විනෝදාස්වාදය
මුලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ.
i.
යහපත් විනෝදාස්වාදය
ii.
හුදු
විනෝදාස්වාදය
යහපත් විනෝදාස්වාදය අලංකාර ආකෘතියක් මෙන්ම හරවත්
අන්තර්ගතයක් තුලින් සංදේශ ගොඩ නැගීමයි. හුදු විනෝදාස්වාදය අලංකාර ආකෘතියෙන් පමණක්
යුක්ත වේ.නුතනයේ මෙරට මාධ්‍ය තුල දක්නට ලැබෙන්නේ හුදු විනෝදාස්වාදයකි.ග්රාහකයන්
දිනා ගැනීම සදහා මාධ්‍ය අතර දැඩි තරගකාරිත්වයක්
නිර්මාණය වී පැවතීම නිසා මෙම හුදු විනෝදාස්වාදය සදහා ග්රාහකයා පොළබවා
ගැනීමට මාධ්‍ය ක්‍රියාකරයි.
යහපත් පෙලබවිම
පෙලබවිම යනු යමෙකු කිසියම් ක්‍රියාවකට,යම් මතවාදයකට,අදහසකට
නතු කරගැනීමයි.යොමු කරවා ගැනීමයි.ඕනෑම මාධ්‍යක් විසින් ග්රාහකයා හට ලබා දෙන
සංදේශයන් තුලින් යහපත් පෙලබවීමක් ඇති කිරීම ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේය.
තිලිනි වාසනා ජයමිණි
ගොඩක් vadagath උනා. Thnx
ReplyDeleteThank pilivelata thibuna
ReplyDelete