ජනමතය පිළිබද නිර්වචන හා සුවිශේෂීතා

ජනමතය
පිලිබදව නිර්වචන
1.
විලියම් ශේක්ෂ්ප්‍රියර්
“ජනමතය යනු සාර්ථකත්වයේ මහත්මයායි.”
2.
බිලේයිස්
පැස්කල්
“ජනමතය
ලොව රැජින වන්නේය.
3.
හර්බට් බ්ලුම්ර්
“එක්
මොහතක සිදුවන යම් මහජන ගැටලුවක් අරබයා මහජනතාව මහජනතාව සාකච්චා කරනු
ලබන
සාමුහික චර්යාවක් ජනමතය වේ.”
4.
ජෝන් ලොක්
මානවයා නීති තුනකට යටත් වන බවයි.
·
දිව්‍යමය නිතිය
·
ප්‍රජා නිතිය
·
මත හෝ පිළිගැනීම පිළිබද නිතිය
මේ අතරින් වැදගත් නිතිය වන්නේ මත හෝ පිළිගැනීම
පිළිබද නීතියයි.එනම් කිසියම් අදහසක්
මතවාදයක් සිදුවීමක් හෝ ක්‍රියාවක් පිලිබදව
රටක මහජනයා දරන පොදු අදහස ජනමතය ලෙස හදුනාගත හැකිය.එනම් යමක් පිළිබද රටක බහුතර
ජනයා දරන අදහස ජනමතයයි.
5.
වෝල්ටර් ලිප්මන්
තනි තනිව නැතහොත් පුද්ගල ඒකක ලෙස ඇතිකරගන්නා
ආකල්ප,විශ්වාස.මතවාද බහුතරයක් තුල ඇතිවන විට ජනමතයක් නිර්මාණය වේ.
ජනමතයේ සුවිශේෂීතා
v ජනමතය සැමදා එකම තත්වයේ නොපවතී.වෙනස් වේ.රටක
පවතින ආර්ථික,දේශපාලනික,සංස්කෘතික හෝ සමාජීය සාධක මත එය සෙමින් හෝ වේගයෙන් වෙනස්
වේ.
v ජනමතය විසිරි පවතින්නකි.ජනමතය සැගවී පවතින්නකි.එය
මතුපිටින් බලා තීරණය කල නොහැකිය.
v ජනමතය ස්භාවිකව හැඩගැස්ම මෙන්ම සැලසුම් සහගතව
හැඩගැස්වීමට හැකි වීම.
v 1925 දී ඇමරිකා විද්‍යා සංගමය ජනමතය පිලිබදව
ශාස්ත්‍රීය සමුළුවක් පවත්වන ලද අතර එහිදී අනාවරණය කරන ලද මුලික ලක්ෂණ තුනෙන් ද
ජනමතයේ ස්භාවය පැහැදිලි වේ.
§ ජනමතය කියා දෙයක් නැත
§ ජනමතයක් ඇතත් එය හසුරුවා ගැනීමට අපහසුය.
§ ජනමතය කියා දෙයක් ඇත.එය හසුකර ගත හැකිය.
v ජනමතය පිලිබදව දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් ජෝන්
කාල් ලේක් නමැති විද්වතා විසින් පෙන්වා දී ඇත.
§ ජනමතයට තර්කානුකූල පදනමක් තිබේ.
§ ජනමතය විසිරි පවතින්නකි.
§ ජනමතය වෙනස් වන්නකි.
§ ජනමතය කැඩිය හැකිය.
§ ජනමතය ශ්කතිවන්තය.
v වෝල්ටර් ලිප්මන් හා දේශපාලන විද්‍යාව පිළිබද
ඇමරිකානු මහාචාර්යරයෙකු වන ගාබ්රියල් ආමන්ඩ්
විසින් ඉදිරිපත් කරන ලද ආමන්ඩ් - ලිප්මන් සම්මුතිය තුල ජනමතයේ ස්භාවය
පිලිබදව අවධානය යොමු කරයි.
§ ජනමතය වෙනස්වන සුළුයි.
§ ජනමතය අපැහැදිලි.
§ ජනමතය ප්‍රතිපත්ති සම්ප්‍රාදන ක්‍රියාවලිය සදහා
යෝග්‍ය නොවේ.යනුවෙන් සම්මුතියේ දක්වා තිබේ.
Sthithi lipyata
ReplyDeleteAkke thnz oyta
ReplyDelete