ජනප්‍රිය සංගීතයේ නියමුවෝ
මයිකල් ජැක්සන්
මයිකල්
ජැක්සන් 1958 වසරේ අගෝස්තු 29 වන දින ඇමරිකාවේ ඉන්ඩියානාවෙහිදී උපත ලබන ලදී.
ගායකයෙකු,ගීත රචකයෙකු,නර්තන ශිල්පියකු,රංගන ශිල්පියෙකු වශයෙන් සිය වෘත්තීයේ
නියැලුණු මයිකල් ජැක්සන් ගායනය නර්තනය මෙන්ම විලාසිතා නිසාවෙන්ද ප්‍රසිද්ධයට
පත් කලාකරුවෙකි.ලෝකයේ ඉමහත් ජනාදරයට පත්
වූ මයිකල් ජැක්සන් king
of pop යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබයි.මයිකල්
ජැක්සන් නවදෙනෙකුගෙන් යුත් පවුලේ අටවැනි සාමාජිකයාය. පොප් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ
දියණිය වන ලීසා මාරි සමග මයිකල් ජැක්සන් විවහා විය.මයිකල්ගේ ප්‍රථම සංගීත ප්රවිෂ්ටය සිය සහෝදරයන් සමගින්
ජැක්සන් 5 සංගීත කණ්ඩායම මගින් සිදු විනි.
1967 දී
එකලොස් හැවිරිදි ජැක්සන්ගේ I Want You Back ගීතයට
ඉහල ප්‍රතිචාර ලැබුණු අතර 1978 සිය තනි ගීත ඇතුලත ඇල්බමයක් හදුන්වාදෙන
ලදී.1982 ඔහු විසින් ඉදිරිපත් කරන THRILLER ඇල්බමය
ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් අලෙවි විය.මිලියන 65 පමණ පිටපත් එහි අලෙවි වීමත්
සමග ගිනස්වාර්තාක්ද විය.ග්රාරෑම් සම්මාන 13 ක් ලබා ගත් පුද්ගලයා ලෙස මයිකල්
ජැක්සන් ලෝකයේම ජනප්‍රිය තරුවක් විය.BAD නමින් වූ ගීත අල්බමයදපොප් ගායක මයිකල්ගේ
ගීත කලාවේ රන් සලකුණකි.මෙම කටයුතු සේම මයිකල් පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පුණ්‍ය
කටයුතු සිදු කරමින් ගිනස් වාර්තාවක් ද තබා ඇත්තේය.
ගායකයෙකු,ගීත නිර්මාණකරුවෙකු,නර්තන
ශිල්පියෙකු,හඩ අධ්‍යක්ෂණය,නර්තන රචකයකු,කතෘවරයෙකු
,ව්‍යාපාරිකයකු,මෙන්ම පරාර්ථකාමී චරිතයක් ලෙස මයිකල් ජැක්සන් ලෝකයේ ප්‍රසිද්ධියට
පත් වී ඇත.මයිකල් ජැක්සන් විසින් සිය නිර්මාණයන් සදහා මනුෂ්‍යත්වය හා ආදරය පිලිබදව
යලි යලිත් අවධාරණය කිරීම,පෘතුවිය සදහා ආදරය සැලකිල්ල දැක්වීම,දරුවන්ගේ ජිවිත
පිලිබදව සැලකිලිමත් විම,ලෝකය සුවපත් කිරීම පරමාර්ථ කොට ගෙන ඇත.මයිකල් ජැක්සන්
විසින් සංකීර්ණ කථා වස්තු,නර්තන ක්‍රම,විශේෂ උපක්‍රම හා ජනප්‍රිය පුද්ගලයන්ගේ සුළු
ඉදිරිපත් කිරීම් හරහා මියුසික් වීඩියෝ යන්න කලා හා ප්රචාරක මාධ්‍යක් බවට පත් කරන
ලදී.එම්.ටි.වී. වැනි නව රුපවාහිනී ආයතන මයිකල් ජැක්සන්ගේ black or white සහ screem
වැනි ගීත ඉහලින් ඔසවා තැබීමට එම නාලිකාව කටයුතු කලේය.ජැක්සන් ඉතා සංකීර්ණ වූ රොබට්
හා මුන් වෝක් වැනි නර්තන ක්‍රමවේද ජනප්‍රිය කරලිය.හිපොප්,පොප්,ආර් ඇන්ඩ් බි
අභාෂයෙන් සුවිශේෂී සංගීත ගායන රටාවක් ගොඩනගන ලදී.මයිකල් විසින් තමා උපයන මුදල්
වලින් ආධාර කටයුතු සදහා ලබා දෙනලදී.ඔහුගේ බාහිර පෙනුම හා ක්‍රියා මහජනතාව හට
නොරිස්සුනු ගතියක්ද විය.මයිකල් ජැක්සන් විසින් ළමා අපයෝජන හා වෙනත් චෝදනා කිහිපයක්
පිලිබදව ඔහුට නඩු විභාග විය.
ඒ කරුණ කෙසේවුවද මයිකල් ජැක්සන් යනු පොප් සංගීත
මගින් ලෝකයක් පිනවූ සුප්‍රකට ගායන තරුවකි. මයිකල් ජැක්සන් වසින් නිර්මාණය කරන ලද
බොහෝ නිර්මාණයන්ගේ අප්‍රිකානු ගෝත්‍රික ජනතාව නියෝජනය වේ.ඔවුන්ගේ විවිධ හැසිරීම්
නර්තන ස්වරූප ගීත හරහා දැක ගැනීමට හැකිය.ගෝත්‍රික
අප්‍රිකානු ජනතාව තම ශාරීරිය කලාත්මක භාණ්ඩයක් සේ හසුරවමින් රගමින් විවිධ
වූ ලගන්නා සුළු සංවේදනා ඉදිරිපත් කරයි.රංගනය කියන කලා හැකියාව අප්‍රිකානුවන්ගේ ඇගේ කොටසක් මෙනි.එතරම් නර්තනය ඔවුනට සමීපය.ප්‍රේමය,වෛරය,බිය
සන්තාපය,පිළිකුල,ප්‍රීතිය,විශ්මය,ආදී වූ වෙනත් සංවේදනා ඔවුහු අත්දකිති.එම සංවේදනා
රිද්මයානුකූලව මෝහනයට ආවේශයට වේගවත් අංග චලනයන්ගෙන් රග දක්වා අප්‍රිකානුවන් ප්රකාශනයන්
සිදු කරයි.අප්‍රිකානු ගෝත්‍රික වැසියන්ගේ ශරීරය වැඩි ඇත්තේ ශත වර්ෂාධික ගණනක කාලයක
සිට සමාජ් ගතව තිබුනේ නර්තනයන්ගේන්ය.මයිකල් ජැක්සන් විසින් සිය ගීත වීඩියෝ පට සදහා මෙම ගෝත්‍රික නැටුම් හා
ඔවුන්ගේ සංස්කෘතිය දායක කරගෙන ඇත.
බොබ් මාර්ලේ
බොබ් මාලේ නම් ජැමයිකානු ගායකයා රෙගේ සංගීතය ලොවට හදුන්වා දීමේ
පුරෝගාමියාය.බටහිර ඉන්දියානු ජනප්‍රිය සංගීතය උච්ච ස්වරයෙන් ශබ්ද නගමින් ගයන බොබ් මාලේ ගේ අරමුණ වූ යේ කළු ජනතාව
ඇමරිකානුවන්ගේ පීඩාකාරී බව ඉදිරියේ නිහඩ බව තුරන් කර ඒ වෙනුවෙන් හඩක් නැගීමය.කළු ජනතාවගේ හඩ අවදි කරලීමට තම සංගීතය
කටහඩ බොබ් මාර්ලේ භාවිතයට ගත්තේය.කළු ජනතාව කළු ජනතාවට තම අයිතින් උදෙසා අරගලයේදී
කළු ජනතාව ලෙස නැගී සිටීමට ශක්තියක් ඔහු ලබාදුන්නා කිවහොත් නිවැරදිය.එහි දී කළු
ජනතාව ලෙස නැගී සිටීමට ශක්තියක් ඔහු ලබා දුන්නා කිවහොත් නිවැරදිය.එහිදී කළු අප්‍රිකානුවන්
සහ කළු ඇමරිකානුවන්ට හිමි විය යුතු අයිතීන් පැවැත්ම මෙන්ම ස්වයං අභිමානයක් නැවත
ලගා කර ගැනීමට තම සංගීතය බොබ් මාර්ලේ අවියක් කර ගත්තේය.තම ජනතාවට සේවය කිරීමට
උපතින් ම කලාකරුවෙකු සමන්විය යුතු ය යන මතවාදී සංකල්පයෙහි සිටිමින් හැගීම්බරව
කටයුතු කල බොබ් මාර්ලේ තම වගකීම පැහැදිලිව හදුනාගත්තේ කළු ජනතාව ලොවපුරා විවිධාකාරයෙන්
වහල් කම්කරු ආකාරයෙන් සේවයක නිරතව සිටි නිසාය.බොබ් මාර්ලේ තම ජනතාවගේ අයිතීන්
උදෙසා විශ්ව සංගීතය තුල දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගා තිබුණි.
බොබ්
මාර්ලේ උසස් සමාජ පන්තිවල ජනතාව විදින සැප සහ මුඩුක්කුවල වෙසෙන ජනතාව විදින දුක
හදුනාගත්තේය.එහිදී ඔහු තමාගෙන්ම ප්‍රශ්න කරන්නට වුයේ තම ආර්ථිකමය සමුර්ධිය හදුනා නොගත් ජනතා ජනතාවකට
ආමන්ත්රණ කරන්නේ හෝ තමාන්ගේ අදහස පවසන්නේ කෙසේද යන්නයි.ඔවුන් උසස් බැවින් මෙන්ම
පහත් බවින් සිටි නිසාම තම සමාජයට ආවේණික සංගීත රටාව මෙම ජනප්‍රිය ගායනයක් හරහා කළු
ජනතාවට ගෙනයාමට ඔහු උත්සුක විය.ඒ තුලින් තම ජනතාවට සමාජය තුල ඇති
ස්වාධිනත්වය,අතින් දිනාගැනීමට කල යුත්තේ කුමක්දැයි දැනුවත් කිරීමට යොමු විය මෙහිදී
ආදිතමයන් වූ අප්‍රිකානුවන් කළු වහලුන් ලෙස වත්මන් සමාජය තුල කළු ජාතිකයන් වහලුන්
සේ සැලසීමට යොමුව තිබීම මාර්ලේගේ අවධානයට යොමු විය. “ මට දැනෙන්නේ ජැමෙයිකාවහොද තැනක් වගේම නරක තැනක්
.ඇයි එහෙම කියන්නේ කියලා දන්නවද ඔබට එහිදී දේශපාලනික ප්රචණ්ඩත්වය විදින්න
වෙනවා.නැගිටලා බැලුවාම ඔබට දැකගන්න හැකිවේවි තරුණයින් තරුණයන්ට විරුද්ධව සටන්
කරනවා.මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක් නමුත් මේ හැම දෙයක්ම මේ ඔළුගෙඩි වලට
තේරෙනවා.එත් ඔවුන්ට බඩගින්න තියෙනවා.රැකියා නොමැති කම තියෙනවා.ජනතාවගේ රැකියා
අවස්ථා දේශපාලකයින් පාලනය කරන තුරාවට
තරුණයින් තරුණියන්ට විරුද්ධව සටන් කරනවා දකින්නට ලැබේවි.”
තරමක අසාමාන්‍ය රිද්මය සහ රටාවක් සහිත රෙගේ
සංගීතය ජනප්‍රිය ආකාරයෙන් ලොව පුරා පැතිර ගියේය.මෙම සාර්ථකත්වය එවකට භාවිතයට ගත්
සමහර සංගීත රටාවන් අභිබවාලීමට සමත්විය.
1945 පෙබරවාරි 06 වනදා දකුණු ඇමරිකාවේ සෙන්ට් ඈන්
නගරයේ බොබ් මාර්ලේ උපත් ලැබීය.රොබට් නෙස්ටා මාර්ලේ සුදු ජාතික නාවික නිලධාරියෙකු වූ තම පියාවන
නොයෙල් මර්ලේගේ රැකවරණ ආදරය අහිමි වූයේය.එයට හේතුව වුයේ තම දෙමාපියන් වෙන් වී වාසය
කිරීමක් තම මවගේ පාර්ශවයෙන් එල්ල වූ වීරෝධාතා සමග එම විවාහය සිදුවීමක් පසුබිම්
කරගනි.ඔහුගේ පියා නිවසේ සිටින විටදී දැඩි පාලනයක් ගෙන ගිය අතර එයට තවදුරටත් පියා ඔහු අතර සම්බන්දතා දුරස්
කරලන්නට සමත්විය.පසුව ඔහුගේ පියා කිග්ස්ටන් හි ජනප්‍රිය පාසලක ඇතුලත් කරන ලද නමුත්
එය පියා දුටු අවසන් අවස්ථාව විය.කින්ස්ටන්හි ගතකළ කාලය තුල මර්ලේ හට අමතක නොවන
මෙන්ම වඩාත් ප්රබෝධාත්මක අත්දැකීම්වලට
මුහුණදීමට හැකි විය.එය තම ජිවිතයට පෙරළිකාර පරිවර්තනයක් ඇති කිරීමට සමත් වූ
අතර නොනවතින උද්යෝගයක් සංගීතය වෙත ඇති විය.තම
මනස තුල කළු ජාතිකයන් අවදිකරලමින්
ඔවුන් සුඛිත මුදීත කරලීමේ උත්සාහය පැවති නිසාම තරුණ මාර්ලේ සංගීතය කරා යොමු
වුවා කිවහොත් නිවැරදිය.ඔහුගේ මව මාලේ පිලිබදව අවධියෙන් සිටි අතර කිංස්ටන් හිදී අධ්‍යාපනය
ලබනවා වෙනුවට ඇය ඔහුව වහා සෙන්ට් ඈන් වෙත කැදවා ගත්තේය.
ජැමයිකාවේ අධ්‍යාපන ක්‍රමය හුදෙක් ඉංග්‍රීසි බස
කතාකරන ඇමරිකානුවන්ට ගැලපෙන්නක් බව තරුණ මාර්ලේ වටහා ගෙන තිබුණි.අභාවයට ගිය යල් පැනගිය පොත්වලින්
ලබා ගත් අදහස් ජැමෙයිකන් දරුවන්ට උගන්වන බව ඔහුට වැටහුණි.මෙම අධ්‍යාපන පද්ධතියතුල
බ්‍රිතානයන් වැනි අධිරාජ්‍යවාදී යටත්විජිතවාදී රටවල් තම ගැලවුම්කරුවන් මෙන්
දියුණුව ජැමෙයිකාව වෙත අත්කර දීමට ඉවහල් වුවන් ප්‍රකට කිරීමට උත්සහ ගෙන තිබුණි.අඩු
ආදායම් ලබන දෙමාපියන්ගේ දරුවන්ට වුවද සපත්තු පැළදවීමට අනිවාර්ය කර තිබුණි.මෙම
අසාධාරණ පීඩනයක් ලෙස යටපත් කරලමින් තිබුණද රෙගේ සංගීතය
හරහා බොබ් මර්ලේ නොබියව තම විරෝධය යොමු කළේය.ඔහු අසරණ සරණ වෙනුවෙන් සංගීතය අවියක්
කරගත් කලාකරුවෙකි.ඔහුගේ ජිවිත කතාවේ මවත්
පියත් අතර ඇති භේදතා නිසාවෙන් තැලි පෙළුනේ ඔහුය. ඔහු හැමවිටම සමාජ සෝධකයකු ලෙස කටයුතු කල
බව පැහැදිලිය.එදා අද වෙනසකින් තොරව ඔහුගේ ගීත ලොව පුරා රසිකයෝ රසවිදි.ඔහුගේ
ගායනය එදා පමණක් උචිත වුයේ නැත.එය අදටත් එදා
මෙන්ම කාලෝචිතය.ගීතයක් සාර්ථක වීමට ගීත රචනයක් මෙන්ම හොද තනුවක්,හොද ගායකයෙකුගේ
කටහඩක් අවශ්‍ය වේ.බොබ් මාර්ලේ තමන්ටම ආවේනික වූ රෙගේ ගීත කලාව ලොවට හදුන්වා
දුන්නේය.නුතනයේ බොබ් මර්ලේ ජනප්‍රිය වන්නේ ගීතය තුල අන්තර්ගත රිද්මය තාලය සෙසු
ගිතයන්ගේ රිද්මයට වඩා සුවිශේෂී වන නිසාවෙනි.
වසර 36 ක් තරම් කෙටි කාල සමයක් ගෙවූ බොබ් මාර්ලේ
පිළිකාවක් නිසා පීඩාවන් විද මිය ගිය නමුදු තම නැවුම් සංගීතය රිද්මය සමග කළු
ජාතිකයන් අවධි කරලීමට මහත් වෙහෙසක් ගෙන් තිබුනේය.1984 ඔහුගේ ගීත ඇතුලත් ඇල්බමයක්
නිකුත් කෙරෙන අතර එය ලොව පුරා පිටපත් මිලියන 10 යක් අලවි විය.ඔහුගේ ගීතවලට
බොහොමයක් පසුබිම වූ යේ කළු ඇමරිකානුවන් හා අප්‍රිකානුවන් වෙත බටහිර රටවල් එල්ල කරන
ලද පිඩනයයි.බොබ් මාර්ලේ 1981 මැයි 21 දා මිය ගියේය.
බොබ් ඩිලන්
1941 මැයි 24 වැනිදා උපත ලද බොබ් ඩිලාන්ගේ උපත්
නාමය රොබට් ඇලන් සිමර්මන් වේ.ඔහුගේ පවුල දරුවන් සයදෙනෙකුගෙන් යුත් පවුලකි.බොබ්
ඩිලාන් නමින් ඔහු හදුන්වා ඇත්තේ ඔහු බෙහෙවින් ප්‍රිය කරන ලද ඩිලාන් තෝමස් කවියාට
දක්වන ගෞරවයක් වශයෙනි.ඔහුගේ පියා යුදෙව් පවුලකින් පැවත එන්නෙකි.ඩිලාන්ගේ පියා
ඇමරිකානු ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගමේ සේවකයෙකි.කුඩා වයසේ බොබ් ඩිලාන් හිබින් නුවර
පිහිටි යුදෙව් දහම් පාසල වෙත ගොස් දහම් ඉගෙන ගත්තේය.විස්කොන්සින් නුවර පාසලකින්
අධ්‍යානය ලද ඔහු තනිවම ගිටාරය,පියානෝව,හාර්මොනිකාව වැයීමට ඉගෙනගත්තේය.ඔහු හොද
ගුවන් විදුලි ශ්‍රාවකයෙකි.බ්ලු සංගීතය,කන්ට්‍රි මියුසික්,නම් වූ ඇමරිකානු ගැමි
සංගීතයට ඔහු සවන් දුනි.ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට වරම් ලැබිය.ගමකින්
නගරයට පැමිණ සිය දක්ෂතාවන් පෙන්වීමට ඔහු වාසානාවන්ත විය.ඔහු සමාජ ශාලා පිසා
අවන්හල් කෝපිහල් වෙත ගොස් ගීත ගායනා
කළේය.බොබ් ඩිලාන් තමන් ලැබූ සරසවි වරම් කාලය ඇවෑමෙන් අත්හැර නිව්යෝක් නුවර විත් ග්‍රිනිච්
නගරයට රොක් වෙමින් සිටි කලාකරුවන් අසුරුකරමින් අද්දැකින් ලබා ගන්නා ලදී.
නුතන
බටහිර ජනප්‍රිය සංගීත ධාරාව සෑම ශාඛාවක්ම ඔහුගෙන් පෝෂණය විය.සාම්ප්‍රදායික ගීත රචනය ජන ගී රටාවෙන් පිටතට ගෙන පුද්ගලික
ආරක් ලබා දුන් ගායකයෙකි ,බොබ් ඩිලාන්.කවියෙක් ,ගීත රචකයෙක්,ගායකයෙක්,වාදකයෙක් ලෙස
ඔහු අඩ සියවසකට කාලයක් තිස්සේ බටහිර ගීත ලෝකය අරා සිටීයි.එසේම ඔහු යකඩ වලින්
නිර්මාණ කිරීමට ද දක්ෂකි.හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ 65 වන
උපන්දිනයට යකඩින් කරන ලද ගේට්ටුවක් ජනාධිපතිවරයාට තෑගී කරන ලද්දේය.එසේම ඔහු චිත්‍රපට
නිෂ්පාදකවරකු මෙන්ම චිත්‍රපට නළුවෙකි.fat to documant, renaldo and clear ඔහු
නිපදවන ලද චිත්‍රපට වේ. ඇමරිකානු ජනප්‍රිය සංගීතය කෙරෙහි බොබ් ඩිලාන් කල බලපෑම්
සුවිශාලය.ගීත පද මාලාවේ අන්තර්ගතය තුල තුල ඔහු විප්ලවීය වෙනසක් සිදු කළේය.ඇමරිකානු
ජන ගී ආර ඔස්සේ යමින් ගෙතු පදමාලා තුලින් ඔහු කතන්දර කිවේය.සමාජයේ අඩුපාඩු විවෙච්නය
කළේය.ඇමරිකානු ජන ගීයෙහි ගැබුරද එහි තැවරුණු වේදනාව මෙන්ම සතුට ජයග්‍රහණය දුක
වේදනාව පරාජය ද විචිත්රත්වය හා අධිතාත්වික ලක්ෂණ ද ඔහු ග්‍රහණය කරගෙන තිබුණේය.ඒ
ඇසුරින් තමන්ටම ආවේණික වූ අනන්‍ය වූ රීතියක් ගොඩනගා ගත්තේය.බොබ් ඩිලාන් ජනප්‍රිය
ගීතයට දාර්ශනික හා කලාත්මක නැබුරුවක් දෙමින් සිය නිර්මාණ සදහා සාහිත්‍යමය හා
ඉතිහාසගත නිර්මාණයක් බවට පත් කළේය.
ගීතය බැරෑරුම් කලා විෂයක් බව ඔහු සිය රචනා වලින්
සහ ගායනයෙන් පෙන්වාදුන්නේය.ඔහු තමාම ගීත
රචනා කොට තමාම සංගීතය සපයමින් ගායනා
කළේය.ගායකයාට හොද හඩක් පැවතිය යුතුයි යන මතය ඔහු බිද දැම්මේ සිය නාසික ස්වරයෙන් ජන
හදවත් ඇද බැද ගනිමිනි.මෙම කරුණු කැටිකොට ගත් කල බොබ් ඩිලාන් ඇමරිකානු ජන සංගීතය
වෙනස් වන ලෝකය සදහා වෙනස් වන ගායන ශිල්පියා ලෙස පහසුවෙන් හැදින්විය හැකිය.හැටේ
දශකයේ ඇරබි ඔහුගේ ගීත කලාව තුල ඔහු තවමත් ගීත රචනයේ යෙදෙයි.එහි ජනප්‍රියත්වය තවමත්
එලෙසම පවතී.බොබ් ඩිලාන් හා ජෝන් ලේනන් ප්‍රධාන බිට්ල්ස් කණ්ඩායම ජනප්‍රිය සංගීත
කලාවට කල බලපෑම අන් අතකට හැරවීමට තරම්
සංගීතකරුවකු හෝ ගායකයෙකු තවමත් බිහි වී නැත.free wheeling bob Dylan ගී තැටිය 1963 දී නිකුත් කරන ලදී.ගායකයාගේ දහස්
ගණනක් නිර්මාණ අතරින් සුප්‍රකට ගී ද්වාරයක් වන Blowing in the wind සහ A hart rain
in going to fall මෙම ඇලබමයේ ඇතුලත්ය.ඔහු රචනාකොට ගැයූ විරෝධාත්මක ගී the times are a changing ගී තැටියේ
ඇතුලත් වෙයි.
සාම්ප්‍රදායික ජන ගී ආර යොදාගනිමින් පුද්ගලික අත්දැකීම්
ගෙන ඒම වඩාත් ප්‍රචලිත කරන ලද්දේ බොබ් ඩිලාන් විසිනි.සිය පෙම්වතිය හැරයාම නිසාවෙන්
ශෝකයෙන් නිර්මාණය කරන ලද Boots
of Spanish Leather ගීතය
බොබ් ඩිලාන්ගේ නිර්මාණයකි.සාරා ලෝන්ඩේස් නම් විවාහක කාන්තාව සමග 1965 දී ඔහු විවහා
වීම සිදු විය.දොළොස් වසරකට පසු ඇය ඔහු හැර යයි.ජන සංගීතයෙන් රොක් සංගීතයටද ගායනය
සදහා විදුලි වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගැනීම ද ඔහු විසින් අරබන ලද්දේ මේ කාලවකවානුව
තුලදීය.ආරම්භක අවදියේදී ඩිලාන්ට බිට් උප සංස්කෘතියේ අභාෂය ලැබුණි.එමෙන්ම ඇලන්
ගින්ස්බර්ග් ගේ ලෝරන්ස්ෆෙරන්ගිට්ගේ කාව්‍ය හා ප්‍රංශ සංකේතවාදී කවීන් ලෙස ප්‍රකට Paul Verlaine, Arthur Rimbaud ගේ අභාෂය ද ඔහු ලබා ගෙන ඇත්තේය.
බොබ් ඩිලාන් ඇමරිකාවේ ජනප්‍රිය සංගීතයේ ගීතයේ
දිශානතිය වෙනස් කළේය.ඔහු සාම්ප්‍රදායික ජන ගීතයේ තනු උපයෝගී කරගනිමින් පුද්ගලික
මෙන්ම සමාජ අත්දැකීම් ගීතයෙන් ඉදිරිපත් කළේය.මෙම ගීත බොහොමයක් ගීතමය මෙන්ම කාව්‍යමය
ගුණයෙන්ද පොහොසත්ය.සමාජ විචාරකයෙකු ලෙස සමාජ අසාධාරණය විරෝධය පෑමේ මාධ්‍යක් ලෙස
ඔහු ගීතය යොදා ගත්තේය.හැට හැත්තෑව දශක වල ඔහු පබැදි ගැයූ ගී වල ප්‍රධාන තේමාව වුයේ
දේශපාලනයයි.ඇමරිකාව වියට්නාමයට එරෙහිව ගෙන ගිය අමානුෂික යුද්ධය බිලිදීමට දහස් ගණන්
තරුණ පිරිස් යුද්ධයට ගෙන යාම,අවි වෙළදාම අසාධාරණ ලෙස සිවිල් අයිතිවාසිකම් අහිමි
කරන ලද කළු ජනතාව පිළිබඳව ගීත රචනා කරමින් ගායනය කරන ලදී.
තිලිණි වාසනා ජයමිණි
No comments:
Post a Comment