Thursday, April 11, 2019

කෙටි කතාව 02


සිහිනය



ට්‍රිලින් ට්‍රිලින්  ට්‍රිලින්

පාසල් සීනුව නාද වුයේ හරියටම උදැසන හතයි තිහටය.

ඒ පාසල ආරම්භ කරා යන්න පුර්ව දැනුම් දීමයි.කාවදාවත් නොමැතිව මා අද පාසලට පැමිණියේ ප්‍රමාද වී ය.මා එන විට ගේට්ටුව වසා තිබුණි.හිතේ තිගැස්සීම අද වෙනදාට වඩා වැඩි වී ඇත්තේ ඇයි කියා මා හොදාකාරවම දන්නෙමි.අද උදෑසන කතාව පැවැත්වීමට ඇත්තේ මා හටය.මා ප්‍රමාද වී පැමිණීම මා වරද කරුවුකු කරාවීදැයි මට බියක් දැනේ.එයට හේතුව මා කොතනින් පටන්ගෙන කියා අවසන් කරන්නද සිතේ.

මාගේ මතකය නිවැරදිනම්  ගතවූ රාත්‍රියේ මා නිදාගත්තේ පැයක් හෝ පැය දෙකක පමණි   .නින්ද නොයෑමට හේතුව ගුරුතුමිය මා හට බාරදුන් උදෑසන කතාවයි.සුදානම් වීමට සතියක කාලයක් මා හට තිබුනද ඒ පිලිබදව උනන්දුවක් මා සිත තුල පහල වුයේ කතාව පැවැත්වීමට දිනයක පමණ කාලයක් තිබියදීය.

                        ගෙදර දරුවන් තිදෙනුකුගෙන් යුත් මගේ පවුලේ වැඩිමහල් දරුවා මමය .මා පහළොස් හැවිරිදි වුවද අම්මා  කියන්නේ නංගිවත් මල්ලිවත් නොව  මා ගෙදර බාලයා කියාය.හැම තත්පරයක්ම සැහැල්ලුවෙන් ගෙවන්නට කැමති මට ගුරුතුමිය දුන් කතාව හිතට බරක් ලෙස දැනෙන්ට වුයේ ගත වූ හොරා කීපය තුලයි.දිනක් කතාවට සුදානම් නොවී පැමිණි  කසුනි හට ගුරුතුමිය බැනවැදුණු ආකාරය විදුහල්පතිතුමා දොස් කියූ ආකාරය මට සිහි විය.

කිසි දිනක ගුරුතුමියගෙන් හෝ විදුහල්පතිතුමාගෙන් දොස් නොවසපු මා මේ කාරණය බැනුම් ඇසීමට හේතුවක් නොකරගැනීමට තදින් සිතා ගත්තේය.පාසල් කියවීම පොතේ ඇති අනගාරික ධර්මපාල තුමා පිළිබඳව කතා කිරීමට මා ඉටා ගත්තද මගේ මතකයට ආවේ මගේ හොදම යෙහෙළිය වූ මලී මෙතුමා පිළිබඳව කතාවක්  සභාව ඉදිරියේ සිදුකළ බවය .මා කොතරම් ප්‍රමාද වී ඇද්ද හෙට උදෑසන කතා කිරිමට මට තව හොරා හයක පමණ කාලයක් ඉතිරිවී ඇත.

            පොත් මේසයේ  අම්මා සෝදා දැමු මේස රෙද්ද මත මම කතාව පිළිබඳව කල්පනා කරමින් පෑන ගෙන රත්නේ මාමාගේ අක්කාගේ කාරය රෙද්ද මත අදින්නේ  පුරුද්දට මෙනි .මගේ පොත් මේසයට අලුත් එලියක් ආවේ  තාත්තා විසින් බිත්තිය කඩා සාදා දුන කුඩා ජනේලය නිසාවෙනි .එහි යකඩ කුරු දෙක අතරින්  මට පෙනෙන්නේ රත්නේ මාමලාගේ ගෙදර දොරකඩයි.රත්නේ මාමාගේ දුව ගෙදර එන්නේ සති අන්තයේය.ඇය කොලබ ස්කෝලයක ඉංග්‍රීසි ගුරුවරියකි.

සුදු  අක්කගේ කාර් එකේ සද්දය ඇසුන සැනින් මා නතර වන්නේ රත්නේ මාමාගේ ගේ දොරකඩය.සති අන්තයේ  ඇයත් සමග කාරයේ රවුන් ගැසීමට  මා තුල ඇත්තේ මහත් ආශාවකි.
අම්මා සේදු මේස රෙද්ද මතින් නැවත පියවි සිහියට ආ මම  සිහියට නැගුවේ   උදෑසන අම්මා  මා හට  බැන වදිමින් මේස රෙද්ද සෝදා දැමු ආකාරයයි.එය තාමත් කනේ දොන්කාරදේ.ඒ වැරැද්ද මා අතින් නැවත නැවත කෙරෙන්නේද පුරුද්දට මෙනි.  .අම්මා කොතරම් මට බැන්නද නංගිටත් මල්ලිටත් කියන්නේ අක්කාමෙන් හොදින් ඉගෙන ගන්න කියාය. සීසීකඩ ගිය මගේ මනසට හෙට උදෑසන කතාවට අලුත් මාතෘකාවක් මතකයට  විනි .ඒ අම්මා මට නිතර නිතර හොද තැනකට එන්න ඕනේ කියන  ඇවිටිල්ලයි.

නිදි වර්ජිත වූ  එම හෝරා කීපය තුල කතාව පුන පුනා කියමින් සිටි මා  හට නොදැනුවත්වම  මේසය මත  නින්ද ගොස් තිබුණි. අම්මා මට ඇහැරවන විට මා උඩ ගිහින් බිම වැටුනේ කතාවේ වචන එකදිගට මුමුනමිනි.මා අවදි වුයේ පාසල පටන් ගැනීමට හෝරාවක කාලයක් තිබියදීය.නිවසේ සිට පාසලට යාමට  හෝරාවෙන් අඩක් ගතවේ.කඩිනමින් මුහුණ සෝදා සුදානම් වුන මා අම්මාගෙන් ලද රුපියල් විස්සද රැගෙන බත් පාර්සලයද බෑගයේ ඔබා ගෙන  බසයට දිවුවේ අම්මාගේ දෙපා වැදීමට ද අමතක නොකරය.බසය මා එනතුරු බලා සිටියා මෙන් මට හැගී ගියේ පාසලට ප්‍රමාද නොවී යාමට හැකි යන බලාපොරොත්තුව ඇතිවය.තව විනාඩියක් පරක්කු වූවානම් බසයක් එනතරු මා විනාඩි විස්සක්වත් බස් නැවතුම්පොලේ බලාසිටීමට වන්නේය.බසයේ එන්ජිම ක්‍රියාමක කර ගමන ආරම්භ කිරීමට කලින් මට බසයට නැග ගැනීමට හැකි වුයේ වාසනාවට යැයි මට හැගුණි.

            බලපොරොත්තුව සහිතව බසයෙන් බැස පාසලට දිව ගිය මා හට නැවතීමට සිදු වුයේ ප්‍රමාද වී පැමිණෙන ගේට්ටුව අසලය.
දැන් මගේ සිතට බියක් දැනේ. මට තව විනාඩි කීපයකට කලින් ඉස්කෝලයට එන්නට හැකි උනානම් යැයි මට සිතේ. ඒවිට මගේ මිතුරියක් මගේ නම කියා කතා කලේ
            “දිමුතු ඔයා කතාවට සුදානම්ද ?”
“ඔව් මම සුදානම් වෙලා ආවේ”
“ඇයි පරක්කු  වුනේ?මැඩම් ඔයා ඉන්නවද බලන්න කිව්වා .”
ඇයත් සමග උදැසන රැස්වීමට එකතු වූන මා උදෑසන කතාව කිරීමට ඉදිරියටවිත් සිටගත්තේය.
සියලු දෙනාගෙන් අවසරයි.මම කතාකිරීමට බලාපොරොත්තුවන මාතෘකාව වන්නේ මගේ අම්මාගේ  සිහිනයයි .  
මගේ ඉගෙනුම් කටයුතු වලදී මගේ ලගින් වැඩිපුර සිටින්නේ මගේ අම්මාය.අම්මා මා පසුපස නොසිටින්න මා ශිෂ්‍යත්වය සමත්ව මේ පාසලට පැමිණෙන්නේ නැත.අම්මාගේ එකම සිහිනය වුයේ මා ශිෂ්‍යත්වය සමත්වනවා දැකීමයි.ලොකු පාසලකට මා ඇතුලත් කිරීමය.දැන් අම්මා අලුත් සිහිනයක් මා තුලින්  දකී.ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයේ වරම් හිමිකර ගැනීමයි.ඇය මේ හීනය නැවත නැවත මට නොකීවාට මේ වචන ටික ඇගේ සිහිනය නිතරම මා අවධි කරවයි.
“පුතේ උඔ හොදට ඉගෙන ගන්න ඕනේ.හොද රස්සාවක් කරන්න ඕනේ.ඉස්සරහටම යන්න ඕනේ”යන්න නිතරම මට කියයි.කිසිම දිනක පොතකින් පෑනකින් රුපියලකින් ඉගෙනීමට අඩුවක් නොකළ මගේ අම්මාට ඈගේ කුසට තුන්වෙලෙන් වැරදුනු වෙල් අනන්තය.ඇය මට දොස්තර කෙනෙකු,ඉංජිනේරුවෙකු,ගුරුවරයෙකු වෙන්න යැයි නොකියයි.උඔ හොද රස්සාවක් කරන්න ඕනේ ඇය විසින් නිතර නිතර පවසයි .මගේ එකම අරමුණ අම්මා දකින ඒ සිහිනයත් කවදා හෝ කාරයක් ගැනීමට ඇති මගේ සිහිනයත්  ඉටු කරගැනිමයි .”
                                    ස්තුතියි. 
කතාව කියා අවසානයේ පෝලිම් අතරට එකතුවූ මා හට කල්පනා වූ යේ කතාව අවසානයේ මගෙන් පිට වූ වචන කීපය මා කලින් සුදානම් වී ආ නොමැති බවයි.සැබවින්ම මම පිටකලා නොව මගෙන් පිට වුණාය.පුරුද්දට මෙන් මේස රෙද්ද මත ඇදුනු  මගේ සිහිනය අද වචනයට පෙරලුනා යැයි මට හැගි ගියේය. 
                 
තිලිනි වාසනා ජයමිණි


No comments:

Post a Comment

post 2