සිංහල සංගීතයේ කෝකිලයාණෝ..........
යාන්තමට පොලව සීරු පමණින් වටිනා මැණික් සොයා ගත
නොහැකිය.වටිනා මැණික් ඇත්තේ පොළෝ ගැබෙහිය.ඒ සදහා නොකඩවා පොළව හාරා ගෙන යායුතුය.අපේ
දේශීය සංගීතය ගොඩනැගීමේ කටයුත්තද මැණිකක් සෙවීම සදහා ආකරයක් කැණීමක් වැනිය.මෙසේ
කිව්වේ සිංහල සංගීතයේ කෝකිලයා සුනිල් ශාන්තයන්ය.දේශීය සංගීතයට ශාන්තියක් වූ සුනිල් ශාන්ත නම් සුදක්ෂ ගීත රචකයෙකු ,තනු
නිර්මාණකරුවෙකු ,ගීත ගායකයෙකු විය.
ගීතයේ
භාෂාව රක්ෂණය කරමින් තනුවේ මිහිරියාව පෝෂණය කර ස්වදේශීය සංගීත
කලාවට නව මාවතක් සොයා දුන් දේශීය සංගීතයේ හිතවතා වුයේ සුනිල් ශාන්තන්ය.
ඕලු පිපිලා විල ලෙලදෙනවා.... ඒ හදවත් පැහැර ගන්නා
හඩට අපුරු ජිවිත කතාවක් තිබුනේය..එතුමා පැමිණි සාර්ථක සංගීත ගමනේ නොපෙනුණු බාධාකයන් තිබුණි.විටක රසවත් වගේම තවත් විටක අපි
ව සංවේදී කරන කාරණා ගණනාවක් එතුමාගේ ජීවිත කතාව හමුවෙයි.
බද්දලියනගේ
දොන් පිමියානු හා කූරුගමගේ එංගල්තිනා නම් යුවළගේ බාලම පුතු වුනේ බද්ද ලියනගේ දොන්
ජෝසප් ජෝන් ය .ඔහු පසුව සුනිල් ශාන්ත නම් විය.කුඩා වයසේදී ජෝසප්ගේ දෙමාපියන් මෙලොව හැරයයි.ඔහු සිය මිත්තනිය හා
මාමාගේ රැකවරණය ලබමින් හැදීවැඩෙයි.කිසිවෙකුටත් පිරවිය නොහැකි ජෝසප්ගේ ජිවිතයේ ලොකුම හිඩස
දෙමාපියනගේ වියෝව මැද ඔහු සිය ඉගෙනුම් කටයුතු දක්ෂ ලෙස හමාර කරන ලදී.. පාසල් හැර යාමේ විභායෙන් දිවයිනේ ප්‍රථමයා බවට
වීම ගමට පාසලට පමනක් නොව රටටම ඔහුගේ දක්ෂතා හෙළි වුන අවස්ථාවක් විය.
එතුමාගේ ගීත රචනයේ ආරම්භය සිදුවන්නේ සංගීත හා චිත්‍ර ගුරුවරයෙකු ලෙස වෘත්තීයට
පිවිසීමත් සමගිනි.දේශීය සංගීත හදාරා නොනැවතුණු
ජෝසප් වැඩිදුර සංගීතය හැදෑරීමට
විදෙස්ගත විය..ඒ ඔහුගේ අරමුණට ලගා වීමට ලැබුණු කදිම අවස්ථාවක් වන්නේය.ජෝසප්ගේ නාමය
සුනිල් ශාන්තයන් ලෙස රටක් ලෝකයක් හදුනා ගන්නේ මෙතැන් සිටය.
දේශීය විදේශීය සංගීතය ප්‍රගුණ කරමින් ශාන්තයන්
බොහෝ ගීත රචනා කළේය.තනු නිර්මාණය කළේය.ගීත ගායන කළේය. බටහිර,උත්තර භාරතීය,ජන
ගී,කිතුනු ගී,බයිලා ශෛලීන් ගණනාවක අභාෂය
එතුමා ලබා ගත්තේය. අපේ දේශීය සංගීතය හැඩගැස්සීමට කවර දෙසකින් හෝ ගත යුතු දෑ
පමණ බලා ගැනීම කිසිම වරදක් නැති බව එතුමා එදා කියාසිටියේ ඇයි දැයි දැන් අපට ප්‍රත්‍යක්ෂ වී
ඇත.
ජාතික හැගීම් අවධි කරමින්,ප්‍රේමයට ප්‍රේම
කරමින්,පරිසරය හිතවත්කම් පාමින් ගීත ගණනාවක් එතුමා සුරතින් රචනා විය. ඒ ගීත වටා බොහෝ රසිකයන් පිරිසක් එදා ඒකාරාශී
විය.ඒ ගීත වලට මෙන්ම සුනිල් ශාන්තයන්ට ද ඔවුන් ආදරය කළේය.නිදහස් දින ඇසෙන දකුණ
නැගෙනහිර බටහිර උතුර ගීතය, අවුරුද්දට ඇසෙන කෝකිල ගීතය, වාගේම කාලයට ගැලපෙන
ගීත නාමාවලියක් අද අපට අසන්නට රසවිදින්ට හැකිවුණේ එතුමාගේ සංගීත
චාරිකාවේ ප්‍රතිපලයක් ලෙසය. සුනිල් ශාන්තයන්ගේ රචනා විලාසයේ සරල බව එදත්
අදත් හෙටත් බාල මහලු කා අතරත් ආදරයෙන්
වැලදගන්න හේතුකාරණා වන්නේය. අසන්නාගේ සිත තුල හරි අපුරු චිත්‍රරුප මවන්නට ඒ ගීත
වලට හැකි විය.
තනු නිර්මාණයේ දක්ෂ වූ සුනිල් ශාන්තයන් හට
සිනමාවට ප්‍රවේශ වෙමින් චිත්‍රපට ගීතයන්ගේ තනු නිර්මාණයට අවස්ථාව හිමි විය.සිනමාවට
රජෙක් වූ එතුමා රැජිනමමයි,පෘතුගීසිකාරයා,ඕලුනෙලුම් ආදී චිත්‍රපට ගීත රැසක තනු
නිර්මාණ කරන ලදී . ස්වකිය ගීත රචනා සදහා තනු නිර්මාණය කල ශාන්තයන් අරිසෙන්
අහුබුදු,මොසප් පියතුමා වැනි ගීත රචකයන්ගේ ගීත සදහා තනු නිර්මාණය කිරීමට දායක විය.
ගායනය දී ඉතා මියුරු හඩක් හිමි එතුමා වටා බොහෝ
රසික පිරිසක් ඒකරාශී වන්නේය. හඩ ඇසුණු පමණින්
ඔහුව හදුනාගැනීමට රසිකයන්ට හැකි
වීම ගායකයෙකු වශයෙන් ඔහු ලැබූ භාග්‍යකි.සුනිල් ශාන්තයන් ගායනා කල ගීත බොහොමයක ප්‍රබන්ධයෝ
වුනේ හෙළ හවුලේ වියතුන් ය.ඔවුන් අතරින් සුනිල් ශාන්තයන් උදෙසා පමණක් ගීත ප්‍රබන්ධ කල
වියතුන් ද විය.
අම්බලමේ පිනා,එම්බා ගංගා,ටිකිරි ටිකිරි ටිකිරි
ලිය,ලංකා ලංකා පෙම්බර ලංකා,ගීත ගණනාවක් රචනා කර තනු නිර්මාණය කර,ගායනා කර දහසක්
සිත් රසවින්දනයෙන් අමන්දානන්දයට පත් කල මෙතුමා අප අතරෙන් සමු ගන්නා දින අරිසෙන්
අහුබුදු ශුරින් මෙසේ ප්‍රකාශයක් කරන ලදී. “සමහරුන් වැටී මැරෙනවා.තවත් සමහරු මැරී
වැටෙනවා.එත් සුනිල් ශාන්තයන් වැටී මැරුණෙත් නෑ.මැරී වැටෙන්නෙත් නෑ.”
සැබවින්ම එතුමා වැටී මැරුනෙත් නැත. මැරී වැටුනෙත් නැත.කෝකිලයා එදා මෙන්ම අදත් ගී ගයයි.ගංගාව නොනැවතී ගලා
යයි.විලේ තවමත් ඕලු පිපේ.සුනිල් ශාන්තයෙනි මේ හැමදෙයක්ම අප අතර ඉතුරු වී ඇති විට ඔබ
අප කෙසේ හැර යන්නද?ඔබ සදා අපේ ගීත කලාවේ
කොකිලයා වන්නේය.සංගීතයේ ඔටුනු පැළදු රජු වන්නේය.
No comments:
Post a Comment