Thursday, April 11, 2019
ගීත විචාරය 01
පිළුණු
සංකල්ප පසෙකලු නව සංකල්පයන්ගේ ගීත මුද්‍රාව
(කණ කැස්බා නෙත ගීතය)
හැගීම් නිර්මාණයක් එලි දැක්වීමේ
මූලබිජයයි.අත්දැකීමෙන් පෝෂිත නිර්මාණකරු විසින් දුක,සතුට,සොම්නස,දොම්නස
හැගීම් අපූර්වයෙන් ඉදිරිපත් කරයි.ගීතය යනු
හැගීම් කියාපාන ප්‍රබල නිර්මාණ මාධ්‍යකි.නිර්මාණකරුවා සතු හෝ සමාජගත අද්දැකීමක් හෝ
ගීත රචනයක් සදහා පාදක කරගනි. ගීත රචකයා සතු අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත්
කිරීමට නිර්මාණකරු සතු ප්‍රතිභාපුර්ණ හැකියාව,වියුත්පත්තිය හා සතතාභ්‍යාසය යන සාධක
පූර්ණ විය යුතුය. ගීතය වඩාත් ඉක්මනින් රසිකයා වැළද ගැනීම සිදු වන්නේද එවිටය.
ප්‍රතිභා පූර්ණ ගීත රචකයෝ රැසක්
ලාංකීය ගීත කලාව පෝෂණයට දායක විය.සුනිල් ආරියරත්නයන්,ප්‍රේමකීර්ති ද
අල්විස්,කුලරත්න ආරියවංශ වැනි ගීත රචකයින් මෙන්න කේ.ඩි.කේ.ධර්මවර්ධනයන්
නිරමාණාත්මක ගීත රචනා රැසක හිමිකරුවෙකි.භාෂාව පිළිබද පරිණතභාවයකින් යුක්ත මෙතුමාගේ
ගීත රචනා හැකියාව සහජයෙන් ඔහුට හිමිවූ බව පොදු මතයයි.ආදර මිහිර රැදී ගීතය ඔහුගේ
මුල්ම ගීතය වුවද “දෙඅදර විලකුන් සුරත් පලේ”ගීතය සාර්ථක ගීතයක් ලෙස ජනතාව වැළද
ගත්තේය.මෙතුමාගේ අතින් රචිත නිර්මාණ බොහොමයක ගායන අයිතිය හිමිකරගත්තේ පණ්ඩිත
අමරදේවයන්,මිල්ටන් මල්ලවආරච්චි,වික්ටර් රත්නයක,වැනි ප්‍රවීන ගායකයන්ය.පණ්ඩිත අමරදේවයන්ගේ ශෛලියට
ආවේණික ගීත රචනා කිරීමටත්,මිල්ටන් මල්ලවආරච්චි සතු ශෛලිය හදුනාගෙන ගී රචනා
කිරීමටත් එතුමා දැක්වූ කුසලතාව ඇගයීම වටී.උපමා රූපක භාවිතා කරමින් බස නිර්මාණාත්මක
හැසිරවූ ධර්මවර්ධනයන් පිලිබදව අදටත් ඔහුගේ ගීත රසවිදින රසිකයන් දක්වන්නේ
නොවෙනස් වූ කැමැත්තකි.එතුමා විසින් පද
රචනය කරන ලද කුමරිය පා සලබ සැලුනා,හෝපලු වන පෙත,නිල බිදුකැල ,මා සනසා ,රම් මීවිත
පුරවා වැනි ගීත ගනනාවක් එතුමා රචනා කරන ලදී.නව සංකල්පනා හමුවේ ගීත රචනා කල එතුමා
හෝපලු වන පෙත රචනා කරන්නේ නිර්මාන හැකියාව මොනවට සනාථ කරමිනි.බොහෝ නිර්මාණ කරුවන්
සරස්වතී දෙවියන්ගේ ගුණ ගැන වයමින් වන්දනා පුර්වකව පද රචනා කරන විට මෙතුමා සරස්වතී
දේවියට රංගනයට ඇරයුම් කරන්නේ අගේ රුපශ්‍රිය ද වර්ණනා කරමිනි.එතුමාගේ ගීත සදහා සත්‍ය
සිදු වීම ද පාදක කරගත්තේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ ජිවිත අත්දැකීමක් “විණා බිගු
විණා” ලෙස ගීත රචනයට පෙරලමිනි.මෙතුමාගේ ගීත අව්‍යාජ බවකින් ද යුක්ත වේ.
මෙතුමා විසින් නිර්මාණය කරන ලද
කණකැස්බා නෙත ගීතය සාම්ප්‍රදායික අදහස නව දෘෂ්ටියකින් නිර්මාණය පුරාවට විග්‍රහ කිරීමට උත්සහකරයි.ගීතය
කොතරම් ජනප්‍රිය වුවාද එකල ආදරවන්තයින්ගේ ප්‍රේම හසුන් සදහා පාදක කරගන්නා ලදගීතය මෙයයි.වික්ටර්
රත්නායකයන්ගේ මුවින් ගැයෙන ගීතයේ පදයක පදයක ඇරබුමේ ඇත්තේ නැවුම්
සංකල්පනාය.සැබවින්ම මෙම පිරුළ ජනතාව අතර ජනප්‍රිය වුයේ කණකැස්බා නෙත ගීතය
හරහාය.ගීතය මතු පිටින් කණකැස්බාගේ ජනප්‍රවාදය ගැන කියන කතාදරයක් යැයි පෙනුනද යටින්
ගෙනෙන අර්ථය අරමුණු සපල නොවූ ආදරවන්තයෙකු පිළිබදවය.
මෙම කියමනේ සාම්ප්‍රදායික අදහස ආධ්‍යාත්මික වූ පුළුල් අර්ථයකි.මිනිසුන් වශයෙන් ඉපිද ලොව වසනා
සත්ත්වයන්ගේ පරම සුවය නම් නිවන හෝ මෝක්ෂය නැතහොත් ස්වර්ගය ලගා කර ගැනීමයි.මිනිසා
සතු රාගය,ද්වේශය,මෝහය නැමැති උප කුලක තෘෂ්ණාව නැමැති ප්‍රධාන කුලකගතව මිනිස්
සිතුවිලි හා පවතින තුරු ආත්මගත වූ නිවන් සුවය සද නැති අමාවක රැයකි.කණකැස්බෑවා යනු
නිර්වාණ මග දකින්නට පෙරුම් පුරන සියලු බෞද්ධන්ගේ නියෝජනයයි.ආශාව නොහොත් මගේ යන හැගීමෙන්
සියල්ල දැඩිව අල්ලා ගන්නා මිනිස් සත්ත්වයා
හට නිවන් මග අගුලු දමා වසා ඇති දිව්‍යමාලිගාවකි.පින්
රැස් කරමින් කුසල් වඩමින් සසර ගමන නිමාව බලාපොරොත්තු වන අපි කණ කැස්බෑවකු මෙන්
අපේක්ෂා පෙරදැරිව විය සිදුරින් අහස බලයි.කණ කැස්බෑවා කොතරම් අසීරුවෙන් විය ගසින් අහස බලයිද නිර්වාණයේ ලැබීමේ අසීරුතාවය ප්‍රත්‍යක්ෂ
කිරීමක් ලෙස එය දැකිය හැකිය.පෘතග්ජනයයෝ තෘෂ්ණාව නමැති අදුරු මාලිගයක සිර වී ඇත.
කිසිත් නොපෙනෙන අදුරු කුටියෙන් මිදී
ලෝකෝත්තර සුවය ලබන්න උත්සහ දරන්නේය. කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවක් මෙන්
දැඩි ප්‍රයත්නයක් ලෙස මෙය දැකීම වඩාත් සුදුසුය.නිර්වාණය නමැති ආලෝකය
කාන්තිමත්ය.තෘෂ්ණාව ඇති සත්ත්වයා ඒ කාන්තිය නොදකී.නිර්වාණය නැමැති සද දැක සසරින්
එතෙර වන තුරු මුළු ජීවිතය අන්ධකාරයෙන් ගිලි පවතී.මෙය පොදු පිලිගැනුමයි.එතරම්
සංකිර්ණ අදහසක් දනවන මෙම ප්‍රවාදය ආදර කතාවකට පෙරලීමට ධර්මවර්ධනයෝ ශුර විය.
මෙය නිර්මාණකරුවා නිර්මාණ ඇසින්
දකින්නේ පෘතග්ජන තරුණයකුගේ ප්‍රේම විරහවකි.සදාකාලින වූ ප්‍රේමයට පෙම් කරන
ගීත රචකයා නමැති පෙම්වතා හිමි වීම අහිමි වීම හදවත දැනෙන්නට ස්පර්ශ
කරයි.නිර්මාණකරුවා අපුරු වස්තු නිර්මාණය කරන්නෙක් වෙයි.අපුරු වස්තුවක් නොදැකපු
දැක්මකින් ප්‍රතිනිර්මාණය කිරීමට නිර්මාණකරුවන් දක්ෂ
වේ.කේ.ඩි.කේ.ධර්මවර්ධනයෝද මෙම කුසලතාව ප්‍රගුණ කල
ගීත රචකයකි.සාම්ප්‍රදායික අදහසක්
නුතන තේමාවකට නිර්මාණාත්මකව පෙරලීමට ඔහුට හැකි විය.කණ කැස්බා නෙත ගීතය එහි
ප්‍රතිපලයකි.රචකයා කන කැස්බෑවකු ලෙස
දකින්නේ බැදීම් අතහරිනකු නොව බැදීම් පසුපස
හබා යන කෝඩුකාර තරුණයකි.
කැස්බෑවා සහ වියගහ අතර ඇත්තේ
එකිනෙකට දුරස්භාවයකි.කැස්බෑවා මුහුදේ වාසය කරන අතර වියගහ ඇත්තේ ගම්බද ප්‍රදේශ
වලය.එක ඇසක් අන්ද වූ කණ කැස්බෑවා හට විය සිදුරින් අහස බැලීමට නම් විය සිදුර
කැස්බෑවාගේ පෙනෙන ඇසට ලංවිය යුතුය.එසේ නොවුයේනම් අහස නොපෙනේ. වියහැකියාව ඉතා අඩු
දෙයක් දැනවීමට භාවිතා කරන මෙම පිරුල ධර්මවර්ධනයෝ වඩාත් සංයමයෙන් නිර්මාණය තුල යොදා ගනී. ජනප්‍රවාදයට අනුව කැස්බෑවා විසින්
කෙසේ හෝ විය සිදුරින් අහස බලයි.ගීතය හරහා ඉදිරිපත් කරන අදහස අනුව ඉතා ආයාසයෙන් අහස
දෙස බලනා පෙම්වතා හට සද නොපෙනේ.එදින අමාවක දිනයකි. අමාවක සද දුටු ඔහුගේ ආයාසය මහා සංග්‍රාමයක අවසානයේ එල්ල කරන ලද
පුස්වෙඩිල්ලක් වැනිය.එදින පමණක නොව මතු ලබන සෑම දිනයක්ම ඔහුට අමාවක දිනයක් වීම
ඇයගේ නොපැමිණිමෙන් සිදුවන්නකි.නව සංකල්ප ඔස්සේ ගීත රචනය කිරීම ධර්මවර්ධනයන්ගේ අනන්‍යතාවයයි.ගීත
රචනා ශෛලියේ ඒකාකාරී බවක් මෙතුමාගේ
නිර්මාණ තුල දක්නට නොමැත.ඒ සදහා කදිම නිදර්ශනය කණ කැස්බා නෙත ගීතයයි.
කණ
කැස්බෑ නෙත බලා හිදිනවා
අහස
දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලු දා
සද
නැත අහසේ අමාවකයි
මෙතුවක්
ආදරවන්තයාගේ ජීවිතය නමැති මන්දිරයේ කවුළුව වසා අගුලු දමා තිබුනේ තහංචි වලිනි.පන්ති
භේදය,පැලෑන්තිය,නම්බුකාර වංශය ඉදිරියේ දුප්පත් ප්‍රේමය පරාජිතය.තරුණයා සිය
නොසුදුසුකම් වසාලන්නට උත්සහ දැරුවද කුලය පන්තිය වෙනස් කිරීමට අනංගයාට පවා
නොහැකිය.දෛවයේ ලද අවසරයකට පෙම්වතිය හමුවීමට වරම් ලැබූ පෙම්වතා ඇයව දැකගන්නට මොහොතක්
ප්‍රමාද නොවිය.නමුදු ඇය පැමිණ නැත.අමාවක දා සද නොපායන බව කල්පනා නොවන තරුණයා උමතු පෙම්වතෙකු මෙන් බලාපොරොතු මෝරා
ගෙන සිටින්නේ තමන්ගේ සද පායන තුරුය.සාම්ප්‍රදාය
පිට දමමින් අද රක්ෂා කරන්නේ ද මෙපමණකි.කුලය,වංශය,පුහු නම්බුවයි.මෙය සමාජයේ යථා
ස්වරුපය නිරුපනය කරනට යොදා ගත සරල භාෂා ප්‍රයෝගයකි.මහා වර්ණනා නොවුනද මෙහි නිර්මාණ
රසයට එකතු කරන ලද සංකල්පන රසිකයාගේ
චින්තනය පුළුල් පරාසයක් දක්වා විහිදවා ලන්නට සමත් වේ.
පියන්
වසාලා අගුලු දමා තිබු
දෙවුමැදුරේ
කවුළුවක් ඇරී
සදකැන්
සිසිලස ගලා හැලෙන තුරු
බලා
උනෙමි එය තවත් නැති
ඇය නොපැමිණේ.උදාවන්නේ සුපුරුදු
අන්ධකාරයයි. උරුම වූ කළුවර වැලද ගනිමින් පෙම්වතාගේ කෙදුරුමත් සමගින් හමා ආ සුළගින්
විවෘත වූ කවුළුව නැවත වැසි අගුල් වැටුනේය.සද අල්ලන්න කොච්චර උත්සහ කලද එය ටිකින්
ටික ඈතට යනවග ඔහු දනී.ඔහු සද අල්ලන් නොව
බලන්න දැඩි ආයාසයක් දැරුවේය.ඒ සද ඔහුගේ බලාපොරොත්තුව අදුරට එළියක්
නොව අදුරින් අදුරට ගෙන ගිය නපුරු
සිහිනයක් විය.අවසානයේ කවුළුව වැසුණා අගුල වැටී යන ගී පද වැල කියාපාන්නේ
එයයි.තැවෙන හදවතක් නිවා සනසවන්න බිදුණු
සිතක් නැවත ඔප දමන්නට බණ පදයකට මෙන්ම ගීත රචනයකට ද හැකි බව ගීතයෙන් පසක් වේ.සැබවින්ම මෙම ගීතයේ ආදරය
විරහව තේමා කරගත්තද මෙහි අන්තර් ගත වී
ඇත්තේ සමසත් සමාජයේම කඩවුණු,බොදවුනු බලාපොරොත්තු යන බව ගීතයේ විටක පසක් වේ.අපව
හෙටට ජිවත් කරන්නේ බලාපොරොත්තුය.බලාපොරොත්තු දරන්න දරන්න අපි හෙටත් ජිවත් විය යුතු
යයි සිතේ.බලාපොරොත්තු සපල වන්න මොහොතකදී ඒ බලාපොරොත්තුව අපව දමා යනවානම් එදාට අපි
දැක ඇත්තද අමාවක හදකි.අප ලගා කරගන්න උත්සහ කලද අප ඉදිරියට නොයෙන් බලාපොරොත්තු අපි
ඉදිරියේම අගුල වැටී වැසි යන්නේ ද ගීතයේ
ලෙසිනි.ගීතය හරහා ඉදිරිපත් කර ඇති සංකේත අනුසාරයෙන් සමස්ථ සමාජයම නිරූපණය කරන පොදු
අර්ථයක් ගෙන එයි.
සුපුරුදු
ගණදුර නොනිමෙන කෙදුරම
යලි
රජයන්නට වරම් ලැබී
මා ලද උරුමය සුළග වැදී යලි
කවුළුව
වැසුනා අගුල වැටි
නිර්මාණය පුරාවට කිවිදුන් විසින්
සංකේතාත්මක භාෂාවක් උපයෝගී කර ගනී. ගීත රචනය පුරාවට මතුපිටින් පෙනෙන අර්ථයට වඩා
වැඩි යමක් එතුමා ව්‍යංගයෙන් ඉදිරිපත් කිරීමට සංකේතාත්මක භාෂාවක් යොදා
ගනී.කණකැස්බෑව,වියගහ,සද,අමාවක සද,,දෙවු මැදුර යන වස්තු හරහා යොදා ගනු ලැබුවේ සංකේත
වදන් මාලාවකි.ධර්මවර්ධනයෝ සතු වූ ප්‍රතිභා ගුණය පුන පුනා කියාපාන නිර්මාණ රචනයක්
ලෙස කණකැස්බෑ නෙත ගීතය හැදින්වීමට පුළුවන . මෙවැනි පිරුලක් නිර්මාණයට වස්තු කර
ගැනීමෙන් නිර්මාණ මගට නව මාවතක් විවර කර දීමට ධර්මවර්ධන්යන් උත්සහ කරයි.විරහ හමුවේ
රචිත බොහෝ නිර්මාණ අතරේ මෙම ගීතයේ පද
රචනාව කලාත්මක රසයෙන් මෙන්ම අර්ථ රසයෙන්ද
පරිපූර්ණ ගීත සංකල්පයකි.ගතානුගතික සංකල්පනා බවින් මිදී නිර්මාණකරණයේ යෙදී
ධර්මවර්ධනයෝ එදා අපරාජිත මෙන්ම පාරජිත ප්‍රේමවන්තයින්ගේ හදවත සංස්පර්ශ කරනු ලැබුවේ
අපුර්ව අත්දැකීම් කරුවෙකුගේ විලාශයෙනි.අසීමිත ප්‍රේමයේ පරාජිත හැගීම් සිත් තුල
ජනිත කරන්නට නිර්මාණකරු ස්වඅත්දැකීම් මෙන්ම අන් අත්දැකීම්ද තමා ලද අත්දැකීම් සේ
නිර්මාණ සදහා දායක කරගන්නේ පළපුරුදු නිර්මාණ සක්‍යතා නිසාවෙනි.දුප්පත් අහිංසක ප්‍රේමයේ
විරහව හමා ආ සුළගත් සමග නැවත පැමිණෙන ඇදිරියේ ඇසෙන්නේ පෙම්වතාගේ කෙදුරුම්යි.දාලා
යන්න එපා,ඔබනැත්නම් මා මැරෙයි යන නුතනයේ ගීත පදවලට වඩා මෙහි ඇති අර්ථ රසය
හදවතට දැනෙන්නේ වේදනාව රසයක් කරගත් උපේක්ෂාසහගත
වින්දනයකි.වේදනාවක් දුකක් නොව රසයකි.විදවීමට වඩා වින්දනය කල යුත්තකි.බොහෝ
කතාන්දරයන්ගේ ඇති දුප්පත් පෙම්වතාත් පොහොසත් පෙම්වතියත් අතර ඇති ආදර කතාව
පෙම්වතාගේ අභියෝග හමුවේ ජිවිත පරිත්‍යාගය ගතනුගතිකය.ගතානුගතික සිද්ධි දාමයන් තුල
නිර්මාණය සිරවූ වා යැයි හැගුනද මෙහි සංකල්ප හමුවේ ගෙනෙන නවමු මුහුණුවර නිර්මාණයට
ආලෝකයක් වුණි .
ගීතයේ පෙම්වතෙකු හෝ පෙම්වතියක්
ගැන කොතැනක හෝ සදහන් නොවේ.කන කැස්බෑ කියමන ගීතයේ තදින් ඉස්මතු කරන අතර එහි යටි
අර්ථයේ නියෝජනය වන්නේ පෙම්වතා පෙම්වතියයි.ගීතයත් කියමනත් අතර වෙනස ඇත්තේ කියමනේ
කැස්බෑවා විය සිදුරෙන් අහස බලයි.ගීතයේ කැස්බෑවා අහස බැලුවද එදින අමාවක
වීමයි.නිර්මාණයක් අර්ථය කෙලින්ම ප්‍රකාශ කිරීමට වඩා සංකේතාත්මක භාෂාවක් යොදා ගැනීම
මගින් පොදු සමාජයම ආමන්ත්‍රණය කිරීමට හැකිවේ.මෙතුමා විසින් ගොඩනගන නිර්මාණාත්මක නව
සංකල්ප සහිත භාෂාව ගීතයේ සතු
අර්ථ රසය ආරක්ෂා කරගනී. බඔරෙකු,සමනලයෙකු ලෙස සෙසු නිර්මාණකරුවන් දකින
පෙම්වතා කණ කැස්බෑවකු ලෙස දකින්නට නිර්මාණකරුගේ නිර්මාණ සතු විෂය පථයේ පෘථුල බවත්
නිර්මාණයේ සුවිශේෂී බවත් පසක් වේ.
කේ.ජි.ටි.ඩබ්.ජයමිණි.
කෙටි කතාව 02
සිහිනය
ට්‍රිලින් ට්‍රිලින් ට්‍රිලින්
පාසල් සීනුව නාද වුයේ හරියටම උදැසන හතයි තිහටය.
ඒ පාසල ආරම්භ කරා යන්න පුර්ව දැනුම්
දීමයි.කාවදාවත් නොමැතිව මා අද පාසලට පැමිණියේ ප්‍රමාද වී ය.මා එන විට ගේට්ටුව වසා
තිබුණි.හිතේ තිගැස්සීම අද වෙනදාට වඩා වැඩි වී ඇත්තේ ඇයි කියා මා හොදාකාරවම දන්නෙමි.අද
උදෑසන කතාව පැවැත්වීමට ඇත්තේ මා හටය.මා ප්‍රමාද වී පැමිණීම මා වරද කරුවුකු
කරාවීදැයි මට බියක් දැනේ.එයට හේතුව මා කොතනින් පටන්ගෙන කියා අවසන් කරන්නද සිතේ.
මාගේ මතකය නිවැරදිනම් ගතවූ රාත්‍රියේ මා නිදාගත්තේ පැයක් හෝ පැය දෙකක
පමණි .නින්ද නොයෑමට හේතුව ගුරුතුමිය මා
හට බාරදුන් උදෑසන කතාවයි.සුදානම් වීමට සතියක කාලයක් මා හට තිබුනද ඒ පිලිබදව
උනන්දුවක් මා සිත තුල පහල වුයේ කතාව පැවැත්වීමට දිනයක පමණ කාලයක් තිබියදීය.
ගෙදර
දරුවන් තිදෙනුකුගෙන් යුත් මගේ පවුලේ වැඩිමහල් දරුවා මමය .මා පහළොස් හැවිරිදි වුවද
අම්මා කියන්නේ නංගිවත් මල්ලිවත් නොව මා ගෙදර බාලයා කියාය.හැම තත්පරයක්ම සැහැල්ලුවෙන්
ගෙවන්නට කැමති මට ගුරුතුමිය දුන් කතාව හිතට බරක් ලෙස දැනෙන්ට වුයේ ගත වූ හොරා කීපය
තුලයි.දිනක් කතාවට සුදානම් නොවී පැමිණි
කසුනි හට ගුරුතුමිය බැනවැදුණු ආකාරය විදුහල්පතිතුමා දොස් කියූ ආකාරය මට
සිහි විය.
කිසි දිනක ගුරුතුමියගෙන් හෝ විදුහල්පතිතුමාගෙන්
දොස් නොවසපු මා මේ කාරණය බැනුම් ඇසීමට හේතුවක් නොකරගැනීමට තදින් සිතා ගත්තේය.පාසල්
කියවීම පොතේ ඇති අනගාරික ධර්මපාල තුමා පිළිබඳව කතා කිරීමට මා ඉටා ගත්තද මගේ මතකයට
ආවේ මගේ හොදම යෙහෙළිය වූ මලී මෙතුමා පිළිබඳව කතාවක් සභාව ඉදිරියේ සිදුකළ බවය .මා කොතරම් ප්‍රමාද වී
ඇද්ද හෙට උදෑසන කතා කිරිමට මට තව හොරා හයක පමණ කාලයක් ඉතිරිවී ඇත.
පොත්
මේසයේ අම්මා සෝදා දැමු මේස රෙද්ද මත මම
කතාව පිළිබඳව කල්පනා කරමින් පෑන ගෙන රත්නේ මාමාගේ අක්කාගේ කාරය රෙද්ද මත
අදින්නේ පුරුද්දට මෙනි .මගේ පොත් මේසයට
අලුත් එලියක් ආවේ තාත්තා විසින් බිත්තිය
කඩා සාදා දුන කුඩා ජනේලය නිසාවෙනි .එහි යකඩ කුරු දෙක අතරින් මට පෙනෙන්නේ රත්නේ මාමලාගේ ගෙදර දොරකඩයි.රත්නේ
මාමාගේ දුව ගෙදර එන්නේ සති අන්තයේය.ඇය කොලබ ස්කෝලයක ඉංග්‍රීසි ගුරුවරියකි.
සුදු අක්කගේ කාර් එකේ සද්දය ඇසුන සැනින් මා නතර වන්නේ
රත්නේ මාමාගේ ගේ දොරකඩය.සති අන්තයේ ඇයත්
සමග කාරයේ රවුන් ගැසීමට මා තුල ඇත්තේ මහත්
ආශාවකි.
අම්මා සේදු මේස රෙද්ද මතින් නැවත පියවි සිහියට ආ මම
සිහියට නැගුවේ උදෑසන අම්මා
මා හට බැන වදිමින් මේස රෙද්ද සෝදා
දැමු ආකාරයයි.එය තාමත් කනේ දොන්කාරදේ.ඒ වැරැද්ද මා අතින් නැවත නැවත කෙරෙන්නේද
පුරුද්දට මෙනි. .අම්මා කොතරම් මට බැන්නද
නංගිටත් මල්ලිටත් කියන්නේ අක්කාමෙන් හොදින් ඉගෙන ගන්න කියාය. සීසීකඩ ගිය මගේ මනසට
හෙට උදෑසන කතාවට අලුත් මාතෘකාවක් මතකයට
විනි .ඒ අම්මා මට නිතර නිතර හොද තැනකට එන්න ඕනේ කියන ඇවිටිල්ලයි.
නිදි වර්ජිත වූ එම හෝරා කීපය තුල කතාව පුන පුනා කියමින් සිටි මා
හට නොදැනුවත්වම මේසය මත
නින්ද ගොස් තිබුණි. අම්මා මට ඇහැරවන විට මා උඩ ගිහින් බිම වැටුනේ කතාවේ වචන
එකදිගට මුමුනමිනි.මා අවදි වුයේ පාසල පටන් ගැනීමට හෝරාවක කාලයක් තිබියදීය.නිවසේ සිට
පාසලට යාමට හෝරාවෙන් අඩක් ගතවේ.කඩිනමින්
මුහුණ සෝදා සුදානම් වුන මා අම්මාගෙන් ලද රුපියල් විස්සද රැගෙන බත් පාර්සලයද බෑගයේ
ඔබා ගෙන බසයට දිවුවේ අම්මාගේ දෙපා වැදීමට
ද අමතක නොකරය.බසය මා එනතුරු බලා සිටියා මෙන් මට හැගී ගියේ පාසලට ප්‍රමාද නොවී යාමට
හැකි යන බලාපොරොත්තුව ඇතිවය.තව විනාඩියක් පරක්කු වූවානම් බසයක් එනතරු මා විනාඩි
විස්සක්වත් බස් නැවතුම්පොලේ බලාසිටීමට වන්නේය.බසයේ එන්ජිම ක්‍රියාමක කර ගමන ආරම්භ
කිරීමට කලින් මට බසයට නැග ගැනීමට හැකි වුයේ වාසනාවට යැයි මට හැගුණි.
බලපොරොත්තුව
සහිතව බසයෙන් බැස පාසලට දිව ගිය මා හට නැවතීමට සිදු වුයේ ප්‍රමාද වී පැමිණෙන
ගේට්ටුව අසලය.
දැන් මගේ සිතට බියක් දැනේ. මට තව විනාඩි කීපයකට
කලින් ඉස්කෝලයට එන්නට හැකි උනානම් යැයි මට සිතේ. ඒවිට මගේ මිතුරියක් මගේ නම කියා
කතා කලේ
“දිමුතු
ඔයා කතාවට සුදානම්ද ?”
“ඔව් මම සුදානම් වෙලා ආවේ”
“ඇයි පරක්කු වුනේ?මැඩම් ඔයා ඉන්නවද බලන්න කිව්වා .”
ඇයත් සමග උදැසන රැස්වීමට එකතු වූන මා උදෑසන කතාව
කිරීමට ඉදිරියටවිත් සිටගත්තේය.
“සියලු දෙනාගෙන් අවසරයි.මම කතාකිරීමට බලාපොරොත්තුවන
මාතෘකාව වන්නේ මගේ අම්මාගේ සිහිනයයි .
මගේ ඉගෙනුම් කටයුතු වලදී මගේ ලගින් වැඩිපුර
සිටින්නේ මගේ අම්මාය.අම්මා මා පසුපස නොසිටින්න මා ශිෂ්‍යත්වය සමත්ව මේ පාසලට
පැමිණෙන්නේ නැත.අම්මාගේ එකම සිහිනය වුයේ මා ශිෂ්‍යත්වය සමත්වනවා දැකීමයි.ලොකු
පාසලකට මා ඇතුලත් කිරීමය.දැන් අම්මා අලුත් සිහිනයක් මා තුලින් දකී.ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයේ
වරම් හිමිකර ගැනීමයි.ඇය මේ හීනය නැවත නැවත මට නොකීවාට මේ වචන ටික ඇගේ සිහිනය නිතරම
මා අවධි කරවයි.
“පුතේ උඔ හොදට ඉගෙන ගන්න ඕනේ.හොද රස්සාවක් කරන්න
ඕනේ.ඉස්සරහටම යන්න ඕනේ”යන්න නිතරම මට කියයි.කිසිම දිනක පොතකින් පෑනකින් රුපියලකින්
ඉගෙනීමට අඩුවක් නොකළ මගේ අම්මාට ඈගේ කුසට තුන්වෙලෙන් වැරදුනු වෙල් අනන්තය.ඇය මට
දොස්තර කෙනෙකු,ඉංජිනේරුවෙකු,ගුරුවරයෙකු වෙන්න යැයි නොකියයි.උඔ හොද රස්සාවක් කරන්න
ඕනේ ඇය විසින් නිතර නිතර පවසයි .මගේ එකම අරමුණ අම්මා දකින ඒ සිහිනයත් කවදා හෝ
කාරයක් ගැනීමට ඇති මගේ සිහිනයත් ඉටු
කරගැනිමයි .”
ස්තුතියි.
කතාව කියා අවසානයේ පෝලිම් අතරට එකතුවූ මා හට
කල්පනා වූ යේ කතාව අවසානයේ මගෙන් පිට වූ වචන කීපය මා කලින් සුදානම් වී ආ නොමැති
බවයි.සැබවින්ම මම පිටකලා නොව මගෙන් පිට වුණාය.පුරුද්දට මෙන් මේස රෙද්ද මත ඇදුනු මගේ සිහිනය අද වචනයට පෙරලුනා යැයි මට හැගි
ගියේය.
තිලිනි වාසනා ජයමිණි
සියනෑවේ ලෙන් විහාර
සියනෑවේ ලෙන් විහාර
සියනෑව නොහොත් ගම්පහ දිස්ති‍්‍රක්කය බස්නාහිර පළාතට අයත්
ඓතිහාසික වු වටිනා ස්ථාන ගණනාවකටම හිමිකම්
කියන පුද භූමියකි.ඉතා ඈත අතීතයකට හිමිකන්
කියන සියනෑවේ පුද භූමියක් වශයෙන් නම්
දරන්නට හේතු සාධක වී ඇත්තේ විශාල
ගල් පර්වතයන් මත මෙන්ම පර්වත විවරයන් සහිත ගල් ගුහා අශ්‍රිතව ගොඩ
නැගී ඇති ලෙන් විහාර නිසාය . කැලෑව තුල පර්වතයන් මත්තෙහි දොරටු වශයෙන් විවරව ඇති
සතුරු ආක්‍රමන හේතුවෙන් රජ වරුන් සැගවී
සිටියෙයැයි කියවෙන සංඝයා වහන්සේලා වාසය කරනලද්දේ යැයි කියවෙන අතීතයේ එ වැදගත්කම්
හේතු සාදක කරගනිමින් වීහාර වශයෙන් ගොඩනැගුණු ඓතිහාසික විහාරය ලෙන් විහාරය නම් වේ.මෙම
විහාර පිළිබද ඓතිහාසික තොරතරු සෙල්ලිපි ,එ එ විහාර පිළිබද ලියවුනු ග්‍රන්ථ මගින්
අනාවරණය කරගත හැක . ගම්පහ දිස්ත්‍රික්කයේ
ඇති ලෙන් විහාර බොහොමයකි.පිළිකුත්තුව,වාරණ,මාලිගාතැන්න ,වළගම්බා විහාරය ,කොස්කදවල
,මිරිස්වත්ත ,පෙට්ටගන් කන්ද ,ආදී පුරාණ විහාර ගනනාවක් මේ ප්‍රදේශය පුරා විහිදී
ඇත.මේ වාර්තාව තුලින් අනාවරණය කිරීමට උත්සහ කරන්නේ එ විහාර පිළිබද මුලික විග්‍රහයකි.
පිළිකුත්තුව රජමහ විහාරය
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම්
කොට්ටාශයට අයත් පිලිකුත්තුව ග්‍රාම නිලධාරි වසමේ මෙම ලෙන් සංකීර්ණය ප්‍රාග්
ඓතිහාසික යුගයේ සිට නුවර යුගය දක්වා විහිදෙන විහිදෙන ඉතිහාසයක උරුමකන් කියයි. මෙම
සංකීර්ණය තුල ප්‍රාග් ඓතිහාසික යුගය පිලිබද සාදක දැකවෙන ලෙන් කිහිපයක්ද ක්‍රි .පු
.2-3 සියවස් වල සංඝයා වහන්සේලා විසින් පරිහර ණය කරන ලද කටාරම් ලෙන් රාශියක් ද එම
යුගයට අයත් පුර්ව බ්‍රාහ්මිය සෙල්ලිපි තුනකද නුවර යුගයට අයත් ස්මරකද රාශියක් වේ .
ක්‍රි .පු යුගයේ සිට ආගමික ස්ථානයක් ලෙස පැවැති බව එහි ඇති
පුර්ව බ්‍රාහ්මිය අක්ෂර සහිත ශිලා ලේඛන වලින් සනාථ වේ .කටාරම් සහිත ගල්ලෙන් 99 ක්
මේ ස්ථානයට සුවිශේෂී තත්වයක් එක් කරයි .පොකුණ ,වැව,හා භූගත ජල මාර්ගය ,බුදු මැදුර
,මහල් තුනකින් යුක්ත ධර්මශාලාව,ස්වාභාවික වටදාගය ඉපැරනි දැව පාලම,මහා නුවර යුගයට
අයත් සිතුවම් මෙහි ඇති අනෙකුත් ඓතිහාසික සාධක වේ.
මාලිගාතැන්න විහාරය
ගම්පහ දිස්තික්කයේ ලෙන්
විහාර අතරින් ඉතා වැදගත් විහාර භූමියක්ලෙස මාලිගාතැන්න විහාරය හැදින්වීමට පුළුවන
.පර්වත මුදුනෙහි ප්‍රසාදයකින් වට කරන ලද විශාල බෝධි රුක්ෂයකි.මෙම විහාරයේ ගල් තලාව
මත ඇති සිදුරු වලින් තහවුරු වන්නේ එවා කණු
සිටවීම සදහා යොදාගෙන ඇති බවයි.එයින් පැහැදිලි වන්නේ පුරාන අවදියේ මෙහි ගොඩ නැගිල්ලක් තිබුන
බවයි.ක්‍රි .පු.යුගයේ සිට භාවිතා කරන ලද ගල්
ලෙන් කිහිපයක් පිළිබද තොරතුරු හමු වේ. .කටාරම් සහිත ගල් ලෙන්ද එ අතර වේ .එක් ගල්
ලෙනක කැටයම් කරන ලද ගල් උලුඅස්සක් වෙයි.මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සදහන් කරන්නේ ක්‍රි .ව.8 වන සියවසට අයත් වන
බවයි.මේ අවටම පිහිටා ඇති පිලිකුත්තුව ,වාරණ වැනි විහාර වල ඇති බ්‍රහ්මනක්ෂර සහිත
සෙල් ලිපි වලින් මෙන්ම මෙම විහාරයේ ද සංඝයා වහසේලගේ වාසස්ථාන වශයෙන් පවතිනන්ට
ඇතැයි විස්වාස කෙරෙ .
මෙම විහාරය තුල වළගම්බා රජු සැගවී සිටි තැනක්
බවද කෝට්ටේ යුගයේ පර සතුරු උපද්‍රව පැවැති අවස්ථාවල රජුනට හා ඇමතිවරුන්ට ආරක්ෂාව
හා රැකවරණය ලබා දුන්න තැනක් බවද ජනප්‍රවාදයයි.
කෝට්ටේ යුගයේ දොන් ජුවන්
ධර්මපාල රජු පෘතුගීසි ආගම වැලද ගැනීමෙන් පසුව ඇති වු කලබල සහිත කලපරිජ්චේදයේ දළදා
මන්දිරයෙ දිය වඩන නිලය දැරූ හිරිපිටියේ රාල විසින් දන්ත ධාතුන් වහන්සේ වැඩමවා ගෙන
වුත් ආරක්ෂාව පතා තබන ලද්දේ මෙම ස්ථානයේ බව ජනප්‍රවාදයේ සදහන් වේ.
වළගම්බා විහාරය
කොලඔ නුවර මහා මාරගයේ
කොලබ සිට මීටර් 38 ක් පමණ යනවිට හමුවන මිරිස්වත්ත මන්සදියෙන් දිවෙන 205 වතුරගම
පාරේ කිලෝමීටර්6ක් පමණ යන විට බුද්පිටිය මසන්දියෙන් මීටර් 100 පමණ තිබියදී කදු යාය
දෙසට පිවිසීමෙන්මෙම විහාරය පිවිසිය හැක . ඌරුවල වළගම්බා විහාරය ඓතිහාසික වශයෙන්
වැදගත් ලෙන් විහාරයකි .මෙම විහාරයද දිගු ඉතිහාසයකට නෑකම් කියන විහාරයකි.වළගම්බා
රජතුමාගේ කාලයේ පර සතුරු ආක්‍රමන හේතුවෙන්
රජු ඇතුළු රණ විරුවන්ට විශාල මෙහෙවරක් ලබාදුන් විහාර භූමියක් ලෙස මෙය හැදින්වීමට
පුළුවන .මෙහිද කටාරම් කෙටු ගල්ලෙන්
කිහිපයක් හමු වේ.බුදු මැදුර පිහිට ඇත්තේද කටාරම් කොටන ලද ගල් ලෙනක් තුලය.භාවනායෝගී
භික්ෂූන්ට වැඩවාසය පිණිස මෙම ගල් ලෙන් සකස් කර ඇති බවත් ලිපි ලේඛන මගින් අනාවරණය
වේ.ලෙන් විහාර මන්දිරය තුල ඇති නෙලුම් මල් වියමන මහනුවර යුගයේ කලාකරුවෙකුගේ අතින්
සිතුවම් වන්නට ඇතැයි විස්වාස කෙරෙ.ප්‍රතිමා ගෘහය තුල පසෙක වැඩ සිටින ශිලාමය ඔත්
පිළිම වහන්සේ ඓතිහාසික වශයෙන් පැරණි වටිනාකමකින් යුක්ත අමිල වස්තුවකි.උඩ මළුව තුල
සුන්දරත්වය දෙගුණ තෙගුණ කර ගනිමින් විශ්මිත ගල් කුටියක් වේ.එය අද හදුන් වන්නේ
පෙරලෙන ගල යනුවෙනි.මෙය යම් සතුරු හමුදාවක් පහල බෑවීමේ ඉද්දේ ඔවුන් මර්ධනය කරන්නට
ආරක්ෂාව සදහා ඇටවු ගල් උගුලක් යැයි මතයක්ද පවතී.
මෙම ලෙන් විහාරය තුල පිහිටා ඇති බෝ මළුව දළදා මන්දිරයේ පවුරු
ආකෘතිය සිහිපත් කරයි.එය අවුරුදු 100 ක් පමණ පැරණිය .පසෙක ගල්තලාවත් සෝපාන
මන්දිරයත් දර්ශනියය. පවුර අද්දරින් කදුමත සිට හෙමිහිට රුරා බසින නොසිදෙන දිය ධාරාව
ඌරුවල් ඔය දක්වා සම්බන්ද වන ස්වභාවික ජල සම්පතකින් ආද්න්‍ය වේ.එ අසලම කුඩා ගල්
කුලක් මත දොළොස් මහා පහන බෝමළුවේ තුල
සුන්දර බවට දායක වේ
වාරණ විහාරය
එදත් අදත් දෙස් විදෙස්
කොයි කාගේත් නෙත් සිත් ඇදබැද ගත් වාරණ
ඉපැරණි වුත් ඓතිහාසික වුත් දර්ශනියවුත් රාජ පුජිත වුද බෞදධ සිද්ධස්ථානයකි
.බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඔයබඩ පේරුවේ මංගල තිරිය මෙම විහාරය පිහිටි ග්‍රාමයයි.වාරණ යනු
සෑම තැනින්ම වට වුනු ගල් කුළු නිසාද ගල් වැටියෙහි මුදුනේ ඇති ගල් පර්වතය දුරට
ඇතෙකු සෙ දිස් වන නිසාද වාරණ යැයි කියනු ලැබේ.මෙම විහාරය ඉතා පැරණි භූමියක් ලෙස
හැදින්වීමට සාදක එහි ඉඩම් ගලට නැගෙනහිරින් වු සෙල්ලිපියේ සදහන් වේ.දකුණට වන්නට ලෙන
තුල පැරණි සංඝයාවාසය පිහිටි අතර දැන් එය අලුතින් කරන පිරිවෙන් ශිෂ්‍ය නිවසයි.
උතුරින් පිහිටි ලෙන තුල පිහිටියේ විශාල තෙමහල් ධර්ම මන්දිරයයි.එ මණ්ඩපයට ඉහලින්
තවතින්සය ,තුසිතය නිම්මාන රතිය ,පරනිම්මිතය ,යන සදෙව්ලොව හා බ්‍රහ්මලෝකය
සිහිගැන්වෙන සිතුවම් වලින් සරසා ඇත .ලෙන තුල කෝට්ටේ යුගයේ කරවු වෙස්සන්තර කතා පුවත
ඇතුලත් පැරණි සිතුවම් ය.විහාරයට උතුරෙන් සතර දේවාලයද එම ගල්ලෙන් තුලම පිහිට ඇත
.බටහිර වු කුඩා ලෙනෙහි පොහොය සීමාවයි.ඇතුළු ලෙන ඉදිරියෙන් දහඅට රියන් සැතපෙන බුද්ධ
ප්‍රතිම වහන්සේය.පුරා විද්‍යාත්මක වැදගත්කම් රාශියකට උරුමකම් කියන මහා විහරක් ලෙස
මේ විහාරය හැදින්විය හැක .මෙම විහාරය ඉදිරි පිට වනාන්තරයේ හමුවන මිරිස්වත්ත ලෙන්
විහාරය ඓතිහාසික හා පුරා විද්‍යාත්මක අගය කියාපන ඉතා වැදගත් සාදයකි .නුවර යුගයේ
ඉදි කරයි සලකන මෙහි ඇති පිළිම ගෙහි ඇති අඔන ලද පිළිම ගෙය තුල ඇති අබන ලද පෙති
පිළිමය මෙන්ම අදින ලද බිතු සිතුවම්ද පුරාන වස්තුන්ය .නුවර යුගයේ සිතුවම් කලාව අධ්‍යනය
කරන චිත්‍ර කලාවේදීන්ට මෙම බිතුසිතුවම් පද්ධතිය වටිනා මුල සාධකයක් ලෙස දැක්වීමට
පුළුවන වාරණ චිත්‍ර වැඩි වසයෙන් ඇත්තේ මහනුවර යුගයට හා මෑත යුගයට අයත් චිත්‍ර යන්ය.නොයෙකුත්
ලෙන් වල දැකනට ලැබෙන බදාම කොටස් ඉතාමත් ශේෂ වශයෙන් යම් යම් චිත්‍ර කොටස් ඉතරි වී
ඇත.සම්ප්‍රදාය ඔස්සේ අදින ලද ච්ත්‍රයන් උඩ මළුවේ විහාර ගෙය තුල දක්නට ලැබේ .මෙම
චිත්‍ර ඇම්.සාර්ලිස් චිත්‍ර ගුරුතුමාගේ චිත්‍ර කලාව පිළිබද සාදක සපයයි.
දෙවන පෑතිස් රජතුමා
තිස්ස දත්ත තෙරුන් වහන්සේට මෙම ස්ථානා පළමු කොට පිදීම ,වළගම්බා රජතුමා රජයෙන්
පැරදී සැගවී සිටි සමයේ ආරක්‍ෂිත ස්ථානයක් ලෙස මෙම විහාර අතීත සටහන් ලෙස දැක් විය හැක
.
කොස්කදවල විහාරය
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කොස්කදවල විහාරය යක්කල පසුකර
කිරිදිවැලට පිවිසෙන මාර්ගයේ පාර අබියස
දක්නට ලැබෙන විහාරයකි.පිළිකුත්තුව ලෙන් විහාරය හා ඉතා වැදගත් කමක් බැදියාවක් පවතින
විහාරයක් ලෙස මෙය දැක්වීමට පුළුවන.මෙම සියලු ලෙන් විහාර මුල් කාලිනව එකක් ලෙස
පැවතුනද වත්මනයේ මේ වශයෙන් විහාර ගොඩ නැගීමත් සමග වෙන් වී ඇත .කොස්කදවල විහාරයද
වළගම්බා රජතුමා සැගවී සිටි භූමියක් ලෙස ජනප්‍රවාද වල කියවේ .නමුදු සංඝයා වහසේලගේ
වැඩවාසය පිණිස සංඝයා වහන්සේගේ භාවනා
කටයුතු සදහා මෙම ලෙන් විහාරය පැවැති බව
විද්වතුන්ගේ පිළිගැනීමයි .මෙම විහාරයෙ බුදු මැදුර විශාල ගල් පර්වතයක් තුල ඉදි කරන
ලද අලංකාර බුදු කුටියකි .බුදුන්ගේ බුදු විම , මහා පරිනිර්වාණය සහිත බුදු පිළිම
ඇතුලත් බුදු කුටිය සැදෑවත් සිත තව තවත්
පහන් කරයි.මෙම විහාරයෙ ඇති ලෙන් තුල කටාරම් කෙටු සාදක දක්නට ලැබේ .
බුදු කුටිය තුල අදින ලද නෙලුම් මල් සහිත සිතුවම් මහනුවර
යුගයට අයත් සිතුවම් ලෙස අනාවරණය වී තිබේ .විහාරය ඈතට දර්ශනය වන විට විශාල ගලක්
පන්සල තුල දිස් වේ .පිළිකුත්තුව විහාර තුල ඇති සෙල්ලිපිය තුලින් මෙම ලෙන් විහාරයත්
සියල්ල පිළිබද එහි ඒකාබද්ධතාවය මැනවින් පැහදිලි කරදේ.පිළිකුත්තුව මාලිගාතැන්න ,
ඇතුළු මෙම විහාරය තුල ඇති ලෙන් හා කටරම් ගණන 121 කි. අනෙක් විහාර සේම මෙම විහාරයද
බොහෝ පිරිසගේ භාක්තියාදරය දිනාගත් පුජනිය ස්ථානයකි .
පෙට්ටගම් කන්ද විහාරය
ගම්පහ දිස්ත්‍රික්කයේ
ඇති සමාජය තුල බොහෝ දෙන නොදන්නා සැගවුණු විහාරයක් ලෙස මෙය එම ප්‍රදේශයෙ පිරිසකගේ
වන්දනාමානයට පත් පුද භූමියකි .මෙම විහාරයට පිවිසිමටද ඇත්තේ පර්වත සහිත
මාර්ගයකයි.වත්මයේ මෙම විහාරයට පිවිසීමට එම පර්වත ඔස්සේ ගොඩනගා ඇති මාර්ගයක්
පිළිසකර කොට ඇත .මෙහි ඇති පහතට පෙරලෙන්නට මෙන් ඇති ගලෙන් මෙම ස්ථානය වඩාත් ප්‍රදේශය
පුරා ප්‍රචලිත්වී ඇත.වළගම්බාරජතුමාගේ වස්තුන් සහිත පෙට්ටගමක් මෙහි ඇති යැයි ජනප්‍රවාදයේ
එයි.එම නිසා මෙම විහාරය පෙට්ටගන්කන්ද විහාරය ලෙස හැදින්වේ .හුලන් ගල යනුවෙන් මෙම
ගල හදුන්වනු ලබයි.මෙම ස්ථානය වත්මනයේ විහාරයක් වශයෙන් නවීකරණය කරන ලද අතර වළගම්බා
රජ තුමා මගේ පාලන කාලයේ සතුරන්ගෙන් සැගවී සිටිමට මෙම ගල් පර්වත සහිත භුමිය යොදා
ගෙන ඇත .
මෙවැනි ලෙන් විහාර ගණනාවක් ගම්පහ දිස්ත්‍රික්කය තුල දක්නට
ලැබේ .ගම්පහ දිස්ත්‍රික්කය තුල ඓතිහාසික බව පෙන්වීම සදහා මෙම විහාර මන පිටුවහලක්
ලබාදේ .අතීතයේ මෙම ලෙන් සහිත ගල් පර්වත ඒකාබද්ධව පැවතී බවත් පසුව මේ ආකාරය විහාර
වශයෙන් වෙන් වී ඇති බව විහාර හිමිවරුන් පවසන ලදී.වළගම්බා රජතුමා මෙම පර්වත ආශ්‍රිත
සිය ආරක්ෂාව පතා සැගවී සිටියායන්න ජනප්‍රවද පැවසුවද සංඝයා වහන්සේලා වැඩ සිටි
උන්වහසේලා භාවනා කටයුතු සදහා මෙම ලෙන් විහාර භාවිතයට ගෙන ඇති බව විද්වත් මතය යි.අද මෙන්ම හෙටත් මතු
අනාගතයටත් මේ ලෙන් විහාර ආරක්ෂා කරගැනීම අප සතු යුතුකමකි .අවශ්‍ය තැන් ප්‍රතිසංස්කරණය කරමින් මෙහි වැදගත්කම
අනාගතයට දායාද කිරීම පරම වගකිමක් කර ගනිමු .
කේ .ජි .ටි.ඩබ් .ජයමිණි
කෙටි කතාව 01
එහෙත් මෙහෙමයි - මෙහෙත් එහෙමෙයි
“හැමදාම මෙහෙම පරක්කුවුණාම කොහොමද අක්කා මම මගේ රස්සාව කරගන්නවා . මාස තුනකින් ගෙවල් කුලී
ගෙවලා නෑ”
ඒ රාමන්
මාමාය .මමත් මගේ අම්මාත් තාත්තාත් පදිංචි වී සිටින්නේ රාමන් මාමාගේ කුලියට
ගත් නිවසකය.ඒ සැඩ පරුෂ වචන නිතර ඔහුගේ කුලී නිවාස ඉදිරියේ දෝංකාර දෙන්නේ ටියුන් කරන ලද දෙමල
සිංදුවක් මෙනි.තාත්තාගේ ගුරු වෘතියත් සමග අපට කුලී නිවසකට පදිංචි වීමට සිදුවිය.ගමේ මහ ගෙදර අත්හැර තාත්තාගේ දුෂ්කර මාරු වීමත් සමග
නොදන්නා ප්‍රදේශයක පදිංචි කරුවන් ලෙස ජිවත් වීමට පටන් ගෙන අවූරුද්දකට වැඩි මිසක් අඩු නොවේ. දැන් තාත්තා ගේ හොදම
යහළුවා තාත්තගේ පාසලේම උගන්නවන සිවරාජන්
මාමය.
අපේ
කුලී නිවස පිහිටා ඇත්තේ සිවාරාජන් මාමගේ ගෙදරත් රාමන් මාමාගේ ගෙදරත් මැදි කරගෙනය. රාමන්
මාමාගේ කුලී නිවසේ අවූරුද්දක කාලයක් අපි ජිවත් වන්නේ සිවරාජන් මාමාගේ දැනහැදුනුම්කම නිසාවෙනි.
මෙවර සිවරාජන් මාමාගේ සුදානම දීපවාලි උත්සවය ජයට සැමරීමටය.අපේ
ගෙදර නිතර එන යන සිවාරාජන් මාමා නිතරම මතක් කලේ “දුව මේ පාර අපේ අවුරුද්දට අම්මා අප්පා එක්ක එන්න ඕනා සිවා මාමාගේ ගෙදර ”
“තම්බි මේ පාර දීපාවලි බලන්න එන්න ඕනේ අපේ ගෙදර.මල්ලිලා
මෙහෙට ඇවිත් සමරන පළවැනි දීපාවලි උත්සවය දුව හරි ආශාවෙයි.”
සිවා මාමාගේත් ගමේ සියලු දෙනාගේත් හිත්වල සතුට
ඔවුන් කඩිමුඩියේ ගෙවල් සුද්ද කරමින් ගෙට අළුතින් තින්ත ගාමින් දීපවාලි සැමරීමට සුදානම් වෙන අයුරු දැකීමෙන්
මට සිහිවන්නේ අපි ගමේ අත්තම්මා සියා සමග
අලුත් අවුරුද්දට සුදානම් වෙන අයුරුමය .තාත්තා බාප්පා සමග ගෙදර මකුණු දැල් කඩා
අලුතින් ගෙනා තීන්ත ගෙදර ගාමින් ලබන
අවුරුද්දේ සතුට සිවා මාමාගේත් රාමන්
මාමාගේත් සතුටට දෙවෙනි නොවන්නේය.
“දු........ සුසීමා පුතේ අම්මා ගංගාගේ ගෙදර යනවා .”
සිවා මාමා මෙන්ම මගේ හොදම යහළුවා වුයේ ගංගාය.ඇය
ඉපදුනේ මට වඩා මාස තුනකට පසුවය.එම නිසාවෙන් ඇය හය වසරේ ඉගෙන ගන්නිද්දී මම හතවසරේ
ඉගෙන ගන්නේ මාස තුනකට කලින් මා මෙලොව දැකීම හේතුවෙනි. කෙසේ නමුත් මගේ අදහස් ගංගාගේ
අදහස් වලට කිරි පැණි මෙන් ගැලපෙන්නේය.
අම්මටත් කලින් ගංගාගේ ගෙදර යන්න සුදානම් වූ මා
කොණ්ඩයට බුලක් දාමින් ගෙයින් එලියට බැස්සේ මමත් එනවා අම්මේ යන්න කියමින්ය.ගංගාගේ
ගෙදර ගිය මට ඇය පෙන්නුවේ ඇයගේ අලුත් ඇදුම් හා වළලුය.
“ හරිම ලස්සනයි.මටත් තියෙනවා ඔය වගේම ලස්සන
සලවාරියක්.අපිත්අපේ අලුත් අවුරුද්දට අලුත් ඇදුම් ගන්නවා.තාත්තා ,බාප්පා ,සියා මට
අලුත් ඇදුම් ගෙනත් දෙනවා.මේ අවුරුද්දේ තාත්තාට කියා මන් ගත්තෙත් ඔය වගේ ම දිග සලවර් එක්ක ” කියූ මට පෙනුනේ ගංගාගේ මුහුණේ පිරි
තිබුන හිනාවයි. ඒ සිනහව මා සිතින් ගමට ගෙන
ගියේ “කෙල්ලගේ හිනාව බලන්න එපායැ බලාගෙන කට කනේ ගෑවෙයි”යනුවෙන් බාප්පා මට කරන සරදම
සිහි ගන්වමිනි.
අම්මා ගෙදර ඇවිත් තාත්තාට කිවේ “මේ ඇහුනද මට අපේ
ගෙදර මතක් වුනා අපිත් අලුත් අවුරුද්ද කොච්චර සරුවට සමරනවද?” “ කැවුම් කොකිස් හදනවා ,පැණි වළලු
හදනවා...... , අලුවා හදනවා...... අම්මට ඉවරයක් නෑ”
“සිවා අයියාලාගේ ගෙදර මොකද වුනේ”
“එහෙත් හරි හරියට වැඩ.අක්කා මුරුක්කු හදනවා, වඩේ
බදිනවා . හරී.... රහට පැණි වළලු හදනවා ඒ අක්කා”
“ හදන
තැන ඉන්න බෑ කන්න හිතෙනවා .අත්තම්මාගේ පැණි වළලු මතක් වෙනවා නේද අම්මේ”
“ හෙට එහෙ එන්න කිව්වා තුන්දෙනාටම අයියා සැරෙන්
සැරේ මතක් කලා.”
නිදා ගැනීමට ගියද මගේ පිය වෙන ඇසට නැවත නැවත පියවි සිහිය එන්නේ ගේ අසලින් ඇසෙන අඩි සද්දයන් හා කනට
කර කියන්නාක් මෙන් ඇසෙන කසුකුසුවයි.හෙට ගංගා ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරන්න නොනිදා
රැය පහන් කරන්නවා මෙන් මට හැගුනේ ඇදෙ සිට
කඩින් කඩ නින්ද අලුති පටන් ගන්නසිදු වුන මට අවසාන වෙලාව බලන විට අලුයම් තුන පසු වී
තිබීම නිසාවෙනි .ඒ වන විටත් අහල පහලින් ඇසෙන ශබ්දයන්ගේ අඩුවක් නම් නොවිය.
පහුවදා
උදාවේ ආරම්බය සැලකලේ සුපුරුදු කුකුළු නාදයන් නොවේ.අහල පහලින් ඇසෙන රතින්යා හඩිනි.අලුයම සිට ඔවුන් මේ සුදානම් වන්නේ උදා වූ
දීපාවලි සැමරීමටය.අලුයම අම්මා සමග කතා කරනවා ඇසුනේ රාමන් මාමාය.
“ඔව් තංගච්චි අපි කෝවිලට යනවා
පුජාව තියන්න”මට අසුනේ එපමණය.වෙලාව
ප්‍රමාද වීම හේතුවෙන් සිවා මාමා අපේ ගෙදර ආවේ නා කියා ගැනීමටය.ගෙදර කලබලයත් සමග ප්‍රමාද
වන බව පවසමින් නා කියාගෙන සිවා මාමලත් යන්නේ දෙවියන්නට කෝවිලේ පිදෙන පුජාවට බව මට පසක් වුයේ රාමන් මාමා
ගේ කතාවෙනි.
සිවා
මාමාගේ ලද ඇරයුමෙන් මමත් අම්මත් තාත්තාත් ඔවුන් සමග අවුරුද්ද සමරන්න එකතු වුයේ රාත්‍රී කාලහිදිය.වෙනදා නොදැකපු අයුරින්
මුළු නිවසම අලෝකයෙන් සැරසී තිබුනේ ගංගාගේ බසින් නම් ලක්ෂ්මි දේවිය වඩිනවා යන කියමන සනාථ
කරමිනි.සිවා මාමාත් ඔහුගේ පවුලත් අපිව සාදරයෙන් පිළිගත් අයුරින් පිටස්තර බවක් මා හට නොහගුනේය.මමත් ගංගාත් එකම
ගසක පිපුණු මල් දෙකක් එකම සුවද විහිදෙන මල් දෙකක් නොවුනද ගංගාටත් ඈගේ
පවුලටත් ඒ මල් දෙකේ වෙනසක් සුවදේ වෙනසක් නොවුන බව ඔවුන්ගේ සුහද පිලිගැනුමෙන් මට හැගී ගියේය.”එන්න එන්න චුටි දු මොකද ලැජ්ජා
වෙලා ඉන්නවා.”
“මල්ලි එන්න එන්න ”යනුවෙන් අත්දෙක එකට කොට
ආයුබෝවන් කියා පිලිගත්තේ මුව පුරා පිරි සිනහවක්ද සමගිනි. සිවා මාමාගේ නෑයින් හරි
අපුරුවට සිංහල කතාකරමින් අපි සමග සුහද කතබහක යෙදුනේ පෙර සිට දැනහැදිනගත් අය
ලෙසය.
කෝලම්
රටාවකින් ගෙයි දොරකඩ විසිතුරු කර පහන්
දල්වා තිබීමෙන් දීපවාලි ආලෝකය ගනේෂ්වර මාවතම අදුරෙන් මුදවා ගැනීමට සමත් විය.
“වාංග සුසීමා.., මගේ රන්හොලි සැරසිල්ල මේ... ලස්සනද”
නෙලුම් මලක හැඩයෙන් නිර්මාණය කර විවිධ ධාන්‍ය වලින් වර්ණ ගැන්වූ කෝලම් රටාව
පැමිණි කාගේත් සිත් ගන්නා දසුනක් විය.පහන් ආලෝකය මුළු පළාතම වසා ගන්නා කල මට මතකයට
එන්නේ වෙසක් දිනයේ ගමේ පහන්වල ආලෝකය විදුලි
බල්බ පරදවා විහිදී යන අයුරුයි.ලිද වටේට දැල් වූ ඒ පහන් දැල්වෙන්නේ වෙනදා දැල් වෙනවාටත් වඩා වඩා
ශාන්ත බවකිනි.
අතීතයට ගිය මගේ හිත පියවි සිහියට ආවේ ගංගාගේ කෑ
ගැසීමත් සමගය.“අර අර බලන්න දියාස්,හරිම ලස්සනයි.අප්පා හැදුවේ.”ගංගා මට පෙන්නුවේ
කුඩු අකාරයෙන් සෑදු ආලෝකයෙන් බැබලෙන පහන් කුඩුය.වෙසක් කාලයට මුළු ගමෙන්ම බාප්පාගේ
වෙසක් කුඩුට ගසන්නට වෙන කුඩුවක් නැති තරම්මය.මුළු ගමම රාත්‍රියට ගෙදරට එකතුවන්නේ
මෙවර බාප්පා සෑදුවා වෙසක් කුඩුව බැලීමටය.එවිට අම්මට තේ හදලා ඉවරයක් නැත. “ඕවට අපේ ගමේ කියන්නේ පහන් කුඩු
කියලා. වෙසක් පෝයට අපිත් කුඩු හදනවා.ගෙදරකට වෙසක් කුඩු දෙකතුනක් වරදින්නේ නෑ.”අම්මා
අපේ කතාවට එකතු වුයේ ඇයටද මේ හැම දර්ශනයන් තුලින් ගම සිහි වන නිසාවෙනි.ගමේ උන බට
පතුරු වලින් හදන අටපට්ටම් හැඩ දා ඇලවීමට බාර වන්නේ ගැහැණු ළමුන්ටය.සැදු අටපට්ටම් රැලි
දමා හැඩට අලවන්න මමද හරි සමතියකි.පහු ගිය
වෙසක් මංගල්‍ය දා නෙලුම් මල් හතක් ලස්සනට
අලවා සිදුහත් උපත් සිහිකිරීමෙන් මා ලද ආත්ම තෘප්තිය කියා නිම කල නොහැක.
සතුට
ඉතිරි ගිය මොහොතක අම්මට කතා කරනු ඇසුනේ කෑමට සියලු දෙනා සමග එන ලෙසය.මට ගතවූ හැම තප්පරයකම හැගී ගියේ
එහෙත් මෙහෙමෙයි යන හැගිමමය.
පසුගිය රෑ ගෙවී ගියේ කාටත් නොදැනුවත්වමය.ගෙදර විත්
ඇදට වැටුණු මා වේලාව බැලුවේ පුරුද්දට මෙනි.පාන්දර දෙකත් පසුවී තිබීමෙන් හෙට පාසල්
යන්නට අති බව හැගී ගිය නිසාවෙන් කල්නොයා නින්දට වැටුනු මා පසුවදා අවදි වුයේ අම්මාගේ
ඇවටිල්ලට මිස මගේ කැමැත්තට නම්
නොවේ.තාත්තා පාසල් යාමට සුදානම් වී ඇති බවත් මගේ ප්‍රමාදය තාත්තාට ද ප්‍රමාද කරන බව තාත්තාගේ නිල් වූ මුහුණෙන් පෙනී ගියේ ය.”තාත්තා මම
සුදානම් ඉක්මන් කරන්නකෝ පරක්කු වෙනවා ” යනුවෙන් කියා එලියට බැස්සේ මගේ ප්‍රමාද
විම තාත්තගේ පිට පැටවීමේ අදහසිනි. “සුනිල් ඔයා පරක්කුයි” අම්මාද කිවේ
තාත්තාට සරදමට මෙනි.
දවස්
ගෙවී ගොස් පාසල් නිවාඩු දෙන දවස අදයි.ලැබුණු
අලුත් පොත් ද රැගෙන ගෙදර ආවේ ගමේ යාමේ ලොකු බලාපොරොත්තුව පෙරදැරි කරගනිමිනි.ගමේ
ගොස් කියන්නට බොහෝ දේ ඇත.ගංගා සමග සමරු දීපවාලි උත්සවය ගැන කියන්නට මා කට මැදගෙන
සුදානම්වුයේ ගමේ යන්න බස් රථයට නගාගත් මොහොතේ සිටය.
“අත්තම්මා ...................සියා
................”යනුවෙන් කෑගසා මම අත්තම්මාට වැද ඇයගේ තුරුලට ගියේ තවමත් මම ඇගේ
එකම සුරතල් සුදු නෝනා නිසාවෙනි.ඇය ඉතා
සතුටින් මගේ කතාව අසා සිටියේ පුංචි හෝ බධා
කිරීමක් නොකරය.
මගේ කතාව අසා අවසානයේ අත්තම්ම කිව්වේ “දුවේ ඒ ලමයිටත් අපේ ගෙදර එන්න
කියන්නකෝ අවූරුද්දට ” යන කනට මිහිරි වචන කිහිපයකි.
“ඔව් අම්මා අපිත් කිව්වේ අවුරුද්දට බැරි උනොත්
වෙසක් එකට ගමේ යන්න එන්න කියලා”
ලැබූ අලුත් අවුරුද්දේ හෙටට මාස හතරකුත් ගතවී
එලබෙන්නේ අලුත්ම මාසයකි.සිවා මාමාත්ගේ පවුලම මෙවර වෙසක් බලනට අපේ ගමට ආවේ තාත්තාගේ අරයුමෙනි.අත්තම්මා සමග
පන්සලට ගිය නිසාවෙන් ගංගා තාත්තාගෙන් කිපවත්වක් ගංගා මා ගැන අසා ඇති බව “ආ අර එන්නේ සුසීමා.යන්න දුව”යන තාත්තාගේ ආමන්ත්‍රණයෙන් මට හැගිගියේය . වෙසක් දින වැටකෙයියා කොටු
අතර තැබූ පහන්වල ආලෝකය මෙන්ම බාප්පාගේ
කැරකෙන පහන් කුඩුව සිවා මාමාගේ හිතට ගෙනාවේ මහත් ප්‍රීතියකි.
“අප්පා අර දිවාස් ලස්සනයි”යනුවෙන් ගංගා අත දික්කර
පෙන්නුවේ මා විසින් අලවන ලද වෙසක්
කුඩුවයි.
“මම ඔයාට කිව්වේ අපිත් පහන් කුඩු හදනවා වෙසක් එකට
කියලා”
“අපේ වගේම මෙහෙත් එහෙමයි නේද අප්පා”යනුවෙන් ගංගා
කිවේ රැලි දමා ඇලවූ මගේ වෙසක් කුඩුව දිහා ආශාවෙන් බලාසිටිමින්ය.
තිලිනි වාසනා ජයමිණි.
කැලණිය විශ්ව විද්‍යාලය
Subscribe to:
Posts (Atom)
-
සන්නිවේදනයේ අරමුණු හා කාර්යභාරයන් සමාජයේ ජිවත් වන ඕනෑම ග්‍රාහකයෙකු කුමන ස්වරුපයෙන් හෝ මාධ්‍ය සංදේශයන් වලට නතු වීම සිදු වේ.එම සන්දේශය ග්...
-
පිළුණු සංකල්ප පසෙකලු නව සංකල්පයන්ගේ ගීත මුද්‍රාව (කණ කැස්බා නෙත ගීතය) හැගීම් නිර්මාණයක් එලි දැක්වීමේ මූලබිජයය...
-
ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි යේ නව ප්රවණතා ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය වර්තමානයේ වනවිට අත්පත් කර ගෙන ඇති ප්රවණතා රාශියකි.මෙරට ගුවන්විදු...